අනවසරයෙන් රෝහලට ඇතුළුවීමට තැත් කළ පිරිසක් නැවැත්වූ රෝහල් සේවකයන්ට මැර ප්‍රහාරයක් කළැයි විරෝධය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ සේවකයෝ අද උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කළහ. රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුවෙයි. මේ වර්ජනය නිසා වෛද්‍යවරුන්ට හා හෙදියන්ගේ වැඩ අඩපන වී ඇත.
රෝහල් සේවකයන්ට පහර දුන් බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති. සේවකයෝ කියනුයේ නායකයාද අත්අඩංගුවට ගත යුතු බවය.
රෝහල් නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය ජයමිපති සේනානායක මහතා කියා සිටියේ මෙවැනි පහරදීම් සහ බියවැද්දවීම් නිතර නිතර සිදුවුව ද පොලීසිය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බැවින් මෙසේ විරෝධය දැක්වීමට සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට නිතිය ඉටු කරන්ට බැරි දේශපාලඥයින් නිසා. (නි)
ලංකාව පුරාම තත්වය එක හා සමානයි දැන්. (නි)
මෙයාලටම ගිය රට! (නි)
ජනතාවනි දැන්වත් ඡන්දය දාන විට මොලය කල්පනා කරලා හොරමැරකම් වලට ගැවිලා නැති නිහතමානී අපේක්ෂකයන්ට පමණක් ඡන්දය දෙන්න (නි)
දැන් අපි ඔක්කොම දොස්තර මහත්තුරුටයි රෝහල් සේවකයන්ටයි බනිමු. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන වැඩ වර්ජන කරනවා කියලා. අනේ ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු.. (නි)
වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය කරන් යන්න දෙන්න (අ)
මේක සබැ තත්වය තමයි කොතැනත්,මැරයන්ට හෙන්චයියන්ට ගිය රටක් මේක,උගතුන් බුද්ධිමතුන් දැන් වදවිගෙන යනවා,පොලිසිය කොහේ නිතිය ක්‍රියාත්මක කරන්නද ඔවුන් ඉන්නේ සැලියුට් ගහන්න නේ මේ වගේ මැරවරයන්ට (අ)
පොලිසිය නීති ක්‍රියා මාර්ග නොගන්නේ නම් එය දේශපාලන බලපෑමක් විය හැක. මැරයන් රකින මැරයන් දේශපාලකයන් කිරීම ගැන චන්දදායකයන් වගකිව යුතුය. මහජනතාව විදවිය යුතුය.(අ)