(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මව සහ පියා සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණසිටි අවුරුදු හතක් වයස  දැරියක් පැහැරගෙන   පලායෑමට උත්සාහ කළ බව කියනපුද්ගලයකු කොටුව පොලීසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

තම දියණිය පුද්ගලයෙකු විසින් පැහැරගෙන  පලා යෑමට  උත්සාහ කළ අවස්ථාවේඑම දැරියගේ මවුපියන් ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.

 දැරිය පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියන පුද්ගලයා අල්ලා මෙල්ල කරකොටුව පොලිසියට බාරදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අල්ලා බාර දුන් සැකකරු පසුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු උඩුපුස්සැල්ලාවප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.