ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට බල කිරීමට අද ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ විරෝධතාවය මහජන පීඩාවක් ඇති වන අයුරින් සහ අධි ආරක්ෂිත කලාපයේ නොපවත්වන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවශ්‍ය නම් එය ඉබ්බන්වල හංදියේ හයිඩ් පිටියේ සාමකාමීව පවත්වන්නැයි උපදෙස් දුන්නේය.
ඉස්ලාම් ආගම අදහන ජනයාට අන්තවාදී සංවිධාන මගින් දිගින් දිගටම එල්ලවන බව කියන නීත්‍යනුකූල නොවන බලපෑම් නවත්වන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වන බවත්, ඒ මගින් මාර්ග අවහිර වී ජනතාවට පීඩාවක් ඇති විය හැකි බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
උසාවි නියෝගයේ පිටපත් විරෝධතාව සංවිධානය කළ බව කියන මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට හා පූජක වරයකුට බාර දෙන්නැයි ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්‍රායෝගික නඩු තීන්දුවක් සේ අගය කිරීම වඩාත් උචිතය. (අ)
මේ හැම නාඩගමක්ම ජිනීවා රැස්වීම් ලංවෙනකොට තමයි..(අ)
මේ අය හීන් නුලේ කරන ඒවා පෙනේනේ නැහැ නේද? (නදී)
රැස්වීම තියන්න අවසර දුන්න ස්ථානය නම් නියමයි. හතර පැත්තෙන්ම වටකරලා දෙන්න පුලුවන් දෙයියන් බුදුන් සිහි කර කර දුවන්න.(නදී)
මේ රටේ සිංහල බෞද්දයට වන අසාදාරන කම් කෙනෙහිලිකම් ගැන යම් තාක් දුරකට හෝ හඩක් නගන සංවිදාන කට්ටියකට දිරවන්නේ නැති බව අපි එදා ඉදන්ම දැක්කා. මුළු ආසියාකරේම පැතිරිලා තිබුණු බුදු දහම අද මේ කුඩා දිවයින ප්‍රමුක රටවල් කීපයකට සිමා වෙලා තියෙන්නේ. බෞද්ධයා තමන්ට වන අසාදාරන කම් වෙනුවෙන් නැගී නොසිටීමේ හේතුවෙන් අවි බලයෙන් ආගම පතුරවපු අන්තවාදීන් මෙන් නොවී ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට මිනිසුන් ප්‍රකෝප නොකර අන්තවාදී ලේබල් වලට ඉඩ නොතබා අනෙකුත් ආගමිකයන්ගේ අයිතිවසිකම්වලටත් ගරු කරමින් නිවැරදිව තමන්ගේ අයතිවාසිකම් රැකගන්න සිංහල බෞද්ධයා පෙලබවිම සහ අවදි කරවීම අද යම් පදනමක් හදා ගෙන බෞද්ධයාගේ අවධානය ආකර්ෂණය දිනාගෙන ඇති සංවිදාන වල වග කීමක්.(නදී)
ආගමික සන්හිදියාවට, සාමයට ජය වේවා. අන්තවාදී මානසික රෝගී මාෆියාව නැසේවා.(නදී)