IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාලු මුවදොර විරෝධතාවයට උසාවියෙන් හයිඩ් පිටිය දෙයි

ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට බල කිරීමට අද ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ විරෝධතාවය මහජන පීඩාවක් ඇති වන අයුරින් සහ අධි ආරක්ෂිත කලාපයේ නොපවත්වන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවශ්‍ය නම් එය ඉබ්බන්වල හංදියේ හයිඩ් පිටියේ සාමකාමීව පවත්වන්නැයි උපදෙස් දුන්නේය.

ඉස්ලාම් ආගම අදහන ජනයාට අන්තවාදී සංවිධාන මගින් දිගින් දිගටම එල්ලවන   බව කියන නීත්‍යනුකූල නොවන බලපෑම් නවත්වන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වන බවත්, ඒ මගින් මාර්ග අවහිර වී ජනතාවට පීඩාවක් ඇති විය හැකි බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

උසාවි  නියෝගයේ පිටපත් විරෝධතාව සංවිධානය කළ බව කියන මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට හා පූජක වරයකුට බාර දෙන්නැයි ද මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

ගාලු මුවදොර විරෝධතාවයට උසාවියෙන් හයිඩ් පිටිය දෙයි

විධුෂක Monday, 24 March 2014 04:43 PM

ඉතාමත් ප්‍රායෝගික නඩු තීන්දුවක් සේ අගය කිරීම වඩාත් උචිතය. (අ)

:       0       0

සජී Monday, 24 March 2014 06:07 PM

මේ හැම නාඩගමක්ම ජිනීවා රැස්වීම් ලංවෙනකොට තමයි..(අ)

:       0       0

බමුණු Monday, 24 March 2014 07:19 PM

මේ අය හීන් නුලේ කරන ඒවා පෙනේනේ නැහැ නේද? (නදී)

:       0       0

රොකී Tuesday, 25 March 2014 09:25 AM

රැස්වීම තියන්න අවසර දුන්න ස්ථානය නම් නියමයි. හතර පැත්තෙන්ම වටකරලා දෙන්න පුලුවන් දෙයියන් බුදුන් සිහි කර කර දුවන්න.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 March 2014 08:03 PM

මේ රටේ සිංහල බෞද්දයට වන අසාදාරන කම් කෙනෙහිලිකම් ගැන යම් තාක් දුරකට හෝ හඩක් නගන සංවිදාන කට්ටියකට දිරවන්නේ නැති බව අපි එදා ඉදන්ම දැක්කා. මුළු ආසියාකරේම පැතිරිලා තිබුණු බුදු දහම අද මේ කුඩා දිවයින ප්‍රමුක රටවල් කීපයකට සිමා වෙලා තියෙන්නේ. බෞද්ධයා තමන්ට වන අසාදාරන කම් වෙනුවෙන් නැගී නොසිටීමේ හේතුවෙන් අවි බලයෙන් ආගම පතුරවපු අන්තවාදීන් මෙන් නොවී ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට මිනිසුන් ප්‍රකෝප නොකර අන්තවාදී ලේබල් වලට ඉඩ නොතබා අනෙකුත් ආගමිකයන්ගේ අයිතිවසිකම්වලටත් ගරු කරමින් නිවැරදිව තමන්ගේ අයතිවාසිකම් රැකගන්න සිංහල බෞද්ධයා පෙලබවිම සහ අවදි කරවීම අද යම් පදනමක් හදා ගෙන බෞද්ධයාගේ අවධානය ආකර්ෂණය දිනාගෙන ඇති සංවිදාන වල වග කීමක්.(නදී)

:       0       0

පද්මා Tuesday, 25 March 2014 02:45 AM

ආගමික සන්හිදියාවට, සාමයට ජය වේවා. අන්තවාදී මානසික රෝගී මාෆියාව නැසේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site