වැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්‍යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණි කැර ඇත.

සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව  ඔහු ‘දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයිද පැමිණිල්ලේ සදහන්ය.

මේ සිදු වීමේදී බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ද පහර කෑමට ලක්ව ඇත.ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී.