රත්මලාන තෙලවල පාර වසර පහකින්වත් අලුත් වැඩියා නොකළ බව කියමින් ප්‍රදේශවාසීන් සිය ගණනක් ගාලුපාර අවහිර කරමින් ඇරැඹූ විරෝධතාව මීට ටික වේලාවක පෙර අවසන් විය.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිත වරියක වන තනුජා පුෂ්පකුමාරි මහත්මිය පැමිණ පැවසුවේ මාර්ගය අලුත් වැඩියා කිරීමේ කටයුතු අදම අරඹන බවයි.
ඇගේ කීම පිළිගත් ගම් වැසියෝ පොලිසියේ ඉල්ලීම පරිදි විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාධාරණිකරණය කරන මහත්තුරු මහ පාරේ ගමන් බිමන් යන්නැති මහත්තුරු වෙන්න ඇති.පාරක බැහැල උදේ හවස යන එකෙක් නම් කවදාවත් මේක අනුමත කරන්නේ නැහැ.පාර කැඩිල නම් ඒක ගැන වගකීම තියෙන තැනට තැනකට ගිහින් උද්ඝෝෂණය කරන්න ඕන..මේ දීල තියෙන ආදර්ශෙට පාරවල් කැඩිලා තියෙන හැම එකාම හෙට අනිද්දා ගාලු පාර හිතුනු හිතුනු තැන් වලින් වහවී..එතකොටනේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ..ගාලු පාර උදේ හවා භාවිතා කරන ලක්ෂ ගානකට දෙවියන්ගේම පිහිටයි.පටන් ගන්න තැනදීම මේවා නතර නොකරන එකේ පල විපාක බොහොම කෙටි කාලෙකින් අපි හැමෝටම විදගන්න ලැබේවි. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, උද්ඝෝෂණයක් හෝ විරෝධතාවයක් කරන්ඩ ඕනේ බලධරයන්ට තේරෙන විදිහට. දැක්ක නේද ප්‍රතිපල. ඔයා කියන විදිහට ගෙවල් ඇතුලේ ඉඳගෙන පාර හදා දෙන්න කිවුවනම් ඕක කවදාවත් හැදෙන්නේ නැහැ. උද්ඝෝෂණය කියන එකේ තේරුම ඕක තමයි. (ස)
මෙයාලට පිස්සු. (ස)
පිස්සු....ගාලු පාර අවහිර කළා නම් ගහල පන්නල දාන්නේ නැතුව තවත් අයට ඒ දේ කරන්න අදහස මාර්ගය පාදල දෙනවා. තමන්ගේ ඉල්ලීමක් ඉටු කරගන්න ගාලු පාරේ ගමන් කරන දහස් සංඛ්‍යත පිරිසක් ප්‍රාණ ඇපේට ගන්නවනම් එතන තියෙන්න සානුකම්පිතව බැලිය යුතු ඉල්ලීමක් නෙමෙයි. බලහත්කාරී ත්‍රස්තවාදයක්. (ස)
රුවන්, ඔය පාරේ ගියා නම් ඔහොම කියන්නේ නැහැ. (ස)
මේ වගේ දේවල් වලට ඉඩ දෙන්න හොඳ නෑ. (ස)
අනේ මේ මිනිස්සුන්ට ඉක්මන්ට විසදුම් ලබාදුන්න එකනම් හොඳයි. (ස)
හරි හරි අශාන් මල්ලි,ඔයත් ඔය විදියට බලධාරීන්ට තේරෙන්න උද්ඝෝෂණ කරන්න.අමතක කරන්න එපා ඕනෑ කෙනෙකුට උද්ඝෝෂණ කිරීමේ අයිතිය තිබුනත් තවත් කෙනෙකුට ඒ උද්ඝෝෂණයෙන් පිඩා කරන්න අවසර නැහැ කියලා. එහෙම වෙනවා නම් බලය පාවිච්චි කරන්න බලධාරීන්ට පුළුවන්. ඒ හින්දා තැලුම් තෙල් බෝතලයක් එක්ක රක්ෂණ අාවරණයකුත් අරගෙන දෙකම ගෙදර වගකිවයුත්තෙකුට දීලා උද්ඝෝෂණයට යන්න.හැමදාම නත්තල් නැහැ. (නි)
මෙන්න නියම බන්දුල. (ස)
මේ පාර හැදුවේ නැති වුනොත් ලබන පාර පාරවල් ඔක්කොම වහනවා. (දී)
සමන්, ඔයාගේ නම ඉස්සරහට "මොරටු" කියල කොටසක් තියෙනවද? මොකද ඔයා දීල තියෙන ටෝක් එකට බය හිතෙනවා. (ස)
සමා වෙන්න. මට ටිකක් කේන්ති ගියා. (ස)
මම බන්දුල මහත්තයගෙ ප්‍රකාශයට එකඟයි. (ස)
මොහාන්, මෙයාල හදන්නේ නම ඉස්සරහට තෙලවල කියල දම්මන්නද කොහෙද (ස)
ඔය පාරේ මමත් ගිහිල්ලා තියෙනවා. මම දන්නා කාලෙක ඉදන්, ඔය පාරේ තාර නැහැ. පාර හදන්න ගල් ගෙනල්ලා, අතුරලා තියෙනවා එච්චරයි. සමහර තියෙන වලවල් වල වාහනයක් වැටුනොත්, වාහන බොඩිය ගිහිල්ලා වදිනවා පොලවේ.ඔය පාර වාහනයකින් යනවා තියා පයින් යන්න වත් බැරි පාරක්. වැස්ස දාට ඕනෙම නැහැ. (ස)
මේකට කරන්න තියෙන්නේ ගාලු පර වහන එක නෙවේ පිකටින් කරන්න ඕනේ ප්‍රාදේශීය ලොක්කගේ ගේ ඉදිරිපිට.(නදී)
බන්දුල මහත්තයෝ, බලහත්කාරී ත්‍රස්තවාදයක් කරන්න වෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතන්න. අවුරුදු 15ක් වෙලත් ගාලු පාර වහනකල් දැක්කේ නැද්ද? අන්ධ ඡන්ද දායකයෝ ඉන්නකල් ලංකාව එතනමයි. ඡන්දේ දෙන මෝඩයන්ට ඔහොම වෙලා මදි (ස)
කොච්චර කෑ කෝ ගැහැව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඔය සභා පිහිටුවා ගෙන තියෙන්නේ ඕව හොයල බලල කරන්න තමයි. (ස)