අද දහවල් 10.30 වන විට ගාලු දිස්ත්‍රික්කයේ 15% ක්  පමණ ඡන්දය දී ඇතැයි  නිරීක්ෂක ආරංචි මාර්ග කියයි.

සරත් ෆොන්සේකා  සහ දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල්ගේ උපන් බිම වන අම්බලන්ගොඩ අද දහවල වන විට 14% ක් පමණ ඡන්දය දී ඇතැයිද දැනගන්නට ඇත.

යාබද බලපිටියේ 19% ක් ඡන්දය දී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ තර්ස්ටන් විදුහලේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ස්වර්ණ බිම්බාරාම  විහාරස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.