සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ගෘහ සේවිකාව බේරා ගැනීමේ සත්‍යක්‍රියාවක් අද (02) පෙරවරුවේ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයය ඉදිරිපිට දී පැවැත්විණි.
ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු ඊට එක්වූහ.
ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් ආයාචනයක් ද තානාපතිට බාර දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙන් සෞදියට ශ්‍රමිකයන් නොයැවිය යුතුයි. (ර)
මේ වගේ තද නිති තියෙන රට වලට අපේ කතුන් රැකියාව පිනිස යැවිම නතර කරන්න ඕනි. අරාබිකරයේ මහලොකු සල්ලිකාරයන්ගේ ගෙවල් වල වැඩකරා කියලා අපේ මිනිස්සු මාසෙට ලක්ෂ ගනන් පඩි ගන්නේ නැ. සොච්චම් පඩියට ගිහින් ජීවිතෙත් පුදලා එන්න වෙලා තියෙන්නේ. (ර)
ෂරියා නිතීය කියන්නේ ඕකට තමයි. මේ රටේත් ක්‍රියාත්මක කරන්න වලිකන්නේ ඕකයි. (නි)
වරදක් නොකළ කෙනෙක් වේ නම් පළමු ගල ගසන්න.... (නි)
ගරු ස්වාමීන් වහන්සේලාගේ උත්සාහය සපල වේවා. (ම)
මේ කාන්තාව බේරා ගත යුතුයි.(හේ)
දේසපාලනේ නොකර මේ වගේ වැදගත් දේවල් කරනවා නම් උතුම් ක්‍රියාවල් මේවා අපේ හාමුදුරුවනේ. සමහර පන්සල් දැන් දේශපාලන කාර්යාල වෙලා.(ම)
තහනම් ගහෙන් ගෙඩි කෑවේ නැත්නම් මේ වගේ අකරතැබ්බකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ නේද? (ම)
ෆර්හාන් මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන තේරුම් ගන්න. (ර)
දෙවියෝ දීපු මනුස්ස ජීවිතයක් නැති කරන එකට වඩා නරක, ප්‍රාථමික තත්ත්වයේ වැඩක් කියල හිතෙන්නේ නැද්ද? (ම)
මා දන්නා තරමින් සෞදි නීතිය අනුව සමාව දිය හැක්කේ අගතියට පත් පාර්ශ්වයට පමණි.නමුත් මෙහිදී එවැන්නක් නොමැති නිසා සමාව ගැනීමේ උත්සාහයෙන් පලක් වේ යැයි සිතිය නොහැක . (ම)
සෞදි අරාබියට වැඩට කාන්තාවන් යවන එක නවත්වන්න බැරි එක ගැන කණගාටුයි (ම)
එතකොට අමානුෂික ලෙස වද දීලා.. තහනම් ගහේ ගෙඩි කන ඒ රටවල ඉන්න අයට මොනවද කරන්න තියෙන්නේ? (ස)
සෞදි අරාබියේ ඉන්නේ ධනවත් ම්ලේච්චයෝ. තෙල් නැත්තන් හිඟා කනවා. (ම).
ෆර්හාන්, ඔයාගේ තර්කය හරි නම්, මේ තීන්දුව දීපු අයත්, ක්‍රියාත්මක කිරීමට බලා සිටින අයත් මෙවැනි වැරදි නොකළ අය වෙන්න ඕන නේද? (ස)
ඉන්දික ඔයා නින්දෙන් ඇහැරුනාද? පන්සල්වල දේසපාලනේ දැන්ද දැක්කේ. මල්වත්ත, අස්ගිරියත් එහෙම බව දන්නේ නැහැ නේද? (ස)
ඔය රටවල අය ගෙදර සේවයට එන කෙල්ලන්ව දුෂණය කරනකොට ගල්ගහන නිතිය එපාද? (ස)
අභාග්‍යකි...මිනීමැරුම් දඬුවමක් පැමිණිලිකාර පක්ෂයේ කැමැත්ත මත ඉවත් කරගත හැකි වුනත් මෙවැනි දඬුවමක් සෞදි නීතියට අනුව කිසිම හේතුවකින් ඉවත් කර ගත නොහැක. මේ ම්ලේ්ච්ඡ රාජධානිය වර්ජනය කල යුතුයි. (ස)
සද්භාවයෙන් සත්ක්‍රියාවකට උරදෙන අවසර අපේ හාමුදුරුවනේ , මේ කාන්තාව බේරා ගැනීමට ඔබ වහන්සේලාට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා (ම)
තහනම් ගහ තියා, මොන ගහ වුණත් මේ පෘථග්ජන ස්ත්‍රියගේ ජීවිතය නැති කරන්න රජයකට තියන අයිතිය මොකද්ද? මේ සිද්ධියේ පුරුෂයාවත් සෞදි අරාබි ජාතියකයකු නොවෙන කළ මේවා මහා අපරාධ. (ම)
ඇයි ලංකාව තාම වහල් සේවයට මිනිස්සු රට පටවන්නේ ? (ම)
වැරැද්දට දඬුවම කාරි නැත. පිරිමියාට කස පාර සීයක් දෙනවිට කාන්තාවට ගල් ගසා මරණය. එය සාධාරණද...? අනෙක් කරුන නම්, රටකට ගියවිට එරට නීතියට අනුගත වියයුතු බව දැන ගැනීමයි. (ර)
මතක නැද්ද මෙයට පෙර අවස්ත්වකදී අපේ ජනාධිපති තුමා ඉල්ලුවා සව්දි රජය ඊනියා ෂරිය නීතිය වෙනස් කලේ නැ.ඒ නිසා ඉහත විවිද අදහස් පරිදි කලයුතු එකම පිළියම අපේ අසරණ නුගත් ලදුන් පමණක් නොව පිරිමින්ද මෙවැනි රටවල රැකියාවලට නොයැවීම තවද රටේ අස්සක් මුල්ලක් වල පිහිටුවා ඇති ඒජන්සි මගින් විදෙස් රැකියාවලට යැවීමේදී දැඩි අධීක්ෂාණයකට භජනය කල යුතුය (රේ)
ෆර්හාන්.. එතකොට ගෙඩි කාපු කෙනාට එක නීතියකුත්, ගෙඩි දීපු කෙනාට තව නීතියකුත් තියන එකද සාධාරණයි ද? (ම)
හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනයනම් 100%ක් නිවැරදියි..? දේශ පාලකයෝ රටේ ඉන්න දුප්පත් ගැහැණු ටික රට යවන්නේ ඒ උපයන සල්ලි වලින් මැති අමතිලගේ වාහන වලට නොමිලේ තෙල් ගහගෙන පිම්මේ දුවන්න කියල රටේ හිටිය ජනාධිපති කිවුවානම් කොපමණ ලජ්ජා ව්වෙන්න ඕනෙද ? රටේ පලවෙනි මිනිහා ජනාධිපති හැටියට? කරන්න ඕනේ වහාම තහනම් කිරීමයි කිසිවෙකුව ඔය කියන තිරිසන් රටට යවන්නේ නැහැ ..මේ කාන්තාව නිදහස් කලත් නොකලත් කියන ඒකමතික තීරණේ අපි හැමෝම පිහිටන්න ඕනේ ..? රටේ උන්ට වාහන වලට නොමිලේ තෙල් ගහ ගන්නයි දැන් දුප්පත් ගැහැණු දරු පැටවුන් අනුන්ගේ අගුපිල වල දමල රට යන්නේ ..? (රේ)
ෆර්හාන් තහනම් ගහේ ගෙඩි කෑමට ගල් ගහල මරනවා නම් එරටේ ගැහැනුන් ගෙන් බාගයක් වත් ඉතිරි වෙන එකක් නැහැ . තහනම් ගසේ ගෙඩි කෑම සාධාරනියි කරනවා නොවෙයි ඇයි ගැනිට විතරක් ගල් ගහන්නේ පිරිමින්ට ගල් ගහල මරන්න ඕනි නැද්ද ? (ම)
ආශාවල් ඇතිවීම ස්වභාවිකයි .මෙවැනි දඬුවම් දීම එම ස්වභෘව ධර්මයාට එරෙහිවීමක් දැන් වරද සිදුවෙලා අවසන් මොනවා කරන්නද ? මීට වඩා ලිහිල් දඬුවමක් දෙන්න බලන්න අල්ලාහ් දෙවියනි (ම)
මේ ලෝකේ කාටත් අයිතියක් නෑ තව කෙනෙකුගේ ජිවිතය ගන්න.අමානුෂීක විදියට (ම)
මෙවැනි නීති රෙගුලාසි තියෙන රට වලට ශ්‍රී ලාංකික කතුන් පිටත් කරන අපේ දේශපාලකයන් මේකට පිලියමක් වශයෙන් කතුන් රට නොයැවීමට තීරණයක් ගන්න. සෞදි අරාබියට කාන්තාවන් නොයැව්ව කියා අපේ රට හිගමනට වැටෙන්නේ නැහැ. (ර)
කොහොමහරි මැය බේරාගනිමු. (ර)
අපි තානාපති අංශවල අඩුපාඩු පෙන්වා දෙනවා. අපිත් යහපාලනය ගෙන එන්න උදව් කරපු අය.එහෙත් එහි ඇති හොඳ මෙන්ම අඩුපාඩුද පෙන්වා දීම අපේ යුතුකමයි (බ)
ඉස්ලාම් ෂරියා නීතිය අනුව මේ දඬුවම මම අභියෝගයට ලක්කරන්නේ නැත. නමුත් මෙම දඬුවම තීන්දුකරන අයම දැනගත යුතු මීට වඩා භයානක වැරදී දේවල් ගොඩක් එම රටතුලම සිදුවෙනවා. කෝ දඬුවම්? (බ)
පිරිමියා කසාද බැදලා නැති නිසා කස පහර සීයයි.කසාද බැදපු අයට තමය ඔය දඩුවම (ම)
කසාද බැඳපු ගැහැණිය තවත් කෙනෙකු සමග ඉන්නේ කගේ නිතියකටද? ලංකාවේදී ඔහොම කරන කොට නීතියක් නැතිවද? රෝමයට ගියාම රෝමයේ විදියට ඉන්න ඕන කියල කියනවනේද? එහෙනම් ගිය තැන නිතිය වෙනස් කරන්න අපේ අශිලාචාර මිනිසුන්ට අවසරයක් කොහින්ද. ඔන්න රට යන අයගේ කතා ටිකක්. තව එලියට අපු නැති කොච්චර තියනවද? සෞදිය නිවැරදිය. (ස)
අරාබියේ රජවරුන්ගේ දුවරු කරන දේවල් එක්ක ඕකත් වරදක්ද. මෙම වරදට සම්බන්ද අනෙක් පිරිමි පුද්ගලයට කසපහරවල් සියයක් ගැහැණියට මරණ දඩුවම. එතකොට අරාබියේ සිටින හාම්පුතුන්ගෙන් දුෂණය වෙන අපේ රටේ අහිංසක කාන්තාවන්ටත් මරණ දඬුවමද හිමිවෙන්නේ. නවීන තාක්ෂණික ලෝකයේ නුගත්ම මිත්‍යා මතදාරීන් මිනිසුන් ජීවත්වෙන රටක් තමා අරාබිය කියන්නේ. (ස)