ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා  ග්‍රහලෝකාගාරය මඟින් සෙනසුරාදා (7) විශේෂ ඩිජිටල් ගෝලීය දර්ශන හා දුරේක්ෂ භාවිතයෙන් සුර්ය ලප නීරික්ෂණය කිරිමට  අවස්ථාව ලබාදිමේ වැඩසටහනක් සැලසුම් කොට ඇත.

සෙනසුරාදා පෙරවරු 10 ට  ස්වභාවිකවරණය පිළිබඳ දර්ශනය සිංහල මාධ්‍යයෙන් ද මධ්‍යහන 12ට  එම දර්ශනයම ඉංග්‍රිසි භාෂාවෙන් ද පැවැත්වීමට නියමිතය. පස්වරු 2 ට  අභ්‍යාවකාශ උදාව පිළිබඳ දර්ශනය සිංහල භාෂාවෙන් ද පස්වරු 4 ට එම දර්ශනයම ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද පැවැත්වෙන බව කියති.

සුර්ය ලප නිරික්ෂණය කිරිම පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා ග්‍රහලෝකාගාර භූමියේදී පැවැත්විමට යයි.