අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පදවා ගුරුවරියකට තුවාල සිදුකළ බව කියන ඉතාලි ජාතික ප්‍රැන්සින්කෝ හරාවා අඟහරුවාදා (5) තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා නියෝග කළේය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පදවිය පාර, කැබිතිගොල්ලෑවේ පදිංචි තමරා දමයන්ති ගුරුවරියයි.