
(පද්මා කුමාරී කංකානම්ගේ )
පන්ති භාර ගුරුවරිය පහරදීමෙන් ඇදවැටුණ ආණමඩුව විදුහලක ශිෂ්‍යාවක් රෝහල් ගත කොට ඇතැ යි සිසුවියගේ පියා පැමිණිල්ලක් සිදු කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිසුවිය පුත්තලම රෝහලට මාරු කොට යවා තිබේ.
අදාල ගුරුවරිය විසින් පෙළ පොත් බෙදා දිමෙදි මෙම සිසුවියට පොත් ලබා දි නොමැති බවත් එ පිළිබදව විමසිමේදි සියලුම සිසුන් ඉදිරියේ සිසුවියට පවුලේ උදවියටත් අපහාස කරමින් බැණ වැදි ඇති බවත්.පසුව කිහිප විටක් පහර දිමෙන පසු ඇය පුටුවෙන් ඇද වැටි ඇති බවත් පියා කළ පැමිණිල්ලේ සදහන්ය.
" මේ පිළිබදව ආණමඩුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී එම මහතා පැවසුවේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් මේ පිළිබදව කිසිවක් පැවසිය නොහැකි බව ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බලන්න විතරක් කියල පස්සෙ කතාකරන්නත් කියන එක අසාධාරණයි තමයි. ඔහේ බලාගෙන ඉන්න විතරනෙ කියල තියෙන්නෙ. අනික මිනිස්සුත් දැනගන්න ඕන ස්ථානාධිපති ඉන්න කොට අපරාධ කරන්න.
මෙවැනි රෝගීන් ගුරු වෘත්තීයට කොහෙත්ම නොගැළපේ. සමස්ත සමාජයටම ආදර්ශයක් දෙමින් ඇයව වෘත්තියෙන් ඉවත්කර කාර්යාලයක තැබිය යුතුයි. රටේ අහිංසක දරුවන් මෙවැනි රෝගීන්ගෙන නිදහස් කර ගත යුතුයි.
ටිචර්ගේ පීඩනය වැඩි වෙලා ඇති
ගුරුවරුන්ට, අමානුෂික ලෙස දරුවන්ට තරවටු කරන්න පුලුවන්ද?
ගුරුතුමිය ඇසූවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි වගේ.
කෝ මේ මහින්ද ජයසිංහ. ස්ටාලින් එක්ක ඉන්න සංගමය.