කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයකු එහි නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට වැඩ බාර නොදී උප ගුරුවරයකුට රාජකාරි බාර දී විදේශ ගත වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
අධ්‍යාපන පරිපාලන හා විදුහල්පති සේවයේ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් සිටිය දී උපගුරුවරයකුට වැඩ බාර දී විදේශ ගත වීම නීති විරෝධී බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.
මේ ගැන කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන වාර්තා වී නැති බවයි. ඒ ගැන වහා සොයා බලන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දෙන්න තිබුනේ ළමයෙකුට (බ)
ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ. (ර)
අනේ මෙහෙමත් වැඩ? (නි)
නියෝජ්‍ය විදුහල්පති සමඟ පුද්ගලික තරහක්ද දන්නෙ නැහැ (නි)
ගුරුවරු මුදල් රෙගුලාසි, පරිපාලන රෙගුලාසි නොදන්නා අයද? අඩු වශයෙන් ස්කොලේ ගිය කෙනෙක්වත් නොවෙයිද ? (බ)
වැරදි වැඩේ කළේ උප ගුරුවරයා, ඔහුට තිබුන කියන්න මෙය මට අයිති නැති රාජකාරියක් සුදුසු නියම කෙනාට පවරන්න කියන්න. එය තම නියම පිරිමිකම ගුරුවර ආදර්ශය (බ)
එනකොට පුටුව නැති වෙයි කියල බය වෙන්න ඇති.(බ)
රවී, මේ දෙන්න අතරේ මොකක් හරි ගනුදෙනුවක් ඇති. (ර)