IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුරුවරිය පැහැර ගත් පැරණි පෙම්වතාත් රිමාන්ඩ්

ඌරුබොක්ක ඉන්දොළ හංදිය අසලදී 27 හැවිරිදි ගුරුවරියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පැරණි පෙම්වතා ඇතුළු තිදෙනා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මොරවක මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.

රණවීරගේ කසුන් විමක්ති දර්ශන වන ඇගේ පැරණි පෙම්වතාගේ සොයුරු ප්‍රසන්න දර්ශන ඒ අතර වෙති. රිමාන්ඩ් කළ අනෙක් පුද්ගලයා ගුරුවරිය පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයේ රියදුරුය.

ගුරුවරිය පසුගිය 19 වැනිදා පාසලට යන අතරතුර පැහැරගැණුනු අතර පසුව පැරණි පෙම්වතා සමග නීතිඥයකු මාර්ගයෙන් ඌරුබොක්ක පොලිසියට බාරවී තිබුණි.

 



අදහස් (0)

ගුරුවරිය පැහැර ගත් පැරණි පෙම්වතාත් රිමාන්ඩ්

රසිත කාලිංග Thursday, 22 October 2015 03:35 AM

පැහැර ගැනීමක්ද පැහැර හැරීමක්ද ...? (අ)

:       0       0

සමන්ති Wednesday, 21 October 2015 02:00 PM

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මටද ආදරේ කියා තිබේ (රේ)

:       0       0

සංජු Thursday, 22 October 2015 04:11 AM

ජයනාත්, කලින් නිවුස් එක දාල තිබුනේ ගුරුවරිය සහ කලින් පෙම්වතා පොලිසියට බරවුන කියල . දකුණේ ද? කොළඹ ද? කියල නෙමෙයි අවංක ආදරය දිහා බලන්න. කෙල්ලට ළමයෙක් දීල සද්ද වහල යන පිරිමි අතරේ මෙන්න නියම පිරිමි (බ)

:       0       0

ජයනාත් Wednesday, 21 October 2015 02:56 PM

ඔහෙලා දකුණේ වුනාට තවම හෝඩියේ නේ ඉන්නේ...! තවම දන්නේ නැද්ද ගැහැණියකගේ ආදරය බලෙන් ගන්න බැරිය කියලා ...? දැන් ඉතින් නාගෙන හත්පොලේ ගාගත්තානේ..!(රේ)

:       0       0

චාමර Wednesday, 21 October 2015 03:52 PM

බොහොම ස්තූතියි හේෂාන්....මම චාමර වීරසිංහෙ (රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 10:52 AM

කෙනෙකු කෙතරම් රහසිගතව නපුරු විය හැකිදැයි සොයා ගැනීම අපුරු දෙයකි. ප්‍රථම ප්‍රේමයේ අපුර්වත්වය සොයාගිය සමනල ගමනක්. (බ)

:       0       0

තිලක් Wednesday, 21 October 2015 04:10 PM

මී හරක් (බ)

:       0       0

දහම් Wednesday, 21 October 2015 04:44 PM

මමත් දකුණේ ජයනාත් ඔබ වැඩෙත් නිවැරදියි (අ)

:       0       0

ගයාන් Thursday, 22 October 2015 06:28 AM

ගැණු නිසා මොකට නහිනවද ? අර කතාවක් තියෙන්නේ , සල්ලි ගස් උඩ හැදෙනවා නම් කෙල්ලෝ රිලවටත් ආදරය කරාවි කියල. පරණ පෙම්වතා දුප්පත්. (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 08:49 PM

ජයනාත් මලේ , දකුණේ අපි කෙකෙන් බැරිනම් කොක්කෙන් හරිය ! (අ)

:       0       0

දිනේෂ් Thursday, 22 October 2015 12:38 AM

ගැහැණු ළමයාගේ අකමැත්තෙන් වැඩිහිටියන් වෙන කෙනෙකුට බන්දලා දීලා ඒ ළමයා තම කැමැත්තෙන් පෙම්වතා එක්ක ගියාද, නැත්නම් පෙම්වතා බලෙන් ගෙනිච්චාද පැහැදිලි නැහැ. ඒ වගේම ගැහැණු ළමයා පෙම්වතාට පොල්ල තියලා වෙන කෙනෙක් බැන්දාද, අලුත් සැමියා මේ දේවල් ගැන දැනගෙනද බැන්දේ, ඔය හැමදේම අනුව කතාව තීරණය වේවි. අපි මෙතන කෑගහලා වැඩක් නැහැ.හැබැයි බලෙන් දේවල් කරන්න යන වැඩිහිටියන්ටත් ඉන්පසු මොළේ නැතුව වැඩකරන තරුණ අයටත් දෙපාරක් හිතන්න හොඳ කතාවක්. (නි)

:       0       0

ගිහාන් Thursday, 22 October 2015 07:21 AM

දකුණේ වෙන්නෙම මෙහෙම වැඩමයි. අනේ අම්මපා වෙන ගැහැණු නැද්ද මන්දා. (නි)

:       0       0

සරසි Thursday, 22 October 2015 12:55 AM

සමහරු සරසවියේදී නොයෙකුත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පෙම්වතුන් ළංකර ගන්නවා. වියදම කවර් කරන්න, සටහන් ඉල්ලා ගන්න, නොදන්නා දේවල් විෂය කරුණු අහගන්න , එදිනෙදා කනබොන ටික ෂේප් කරගන්න ආදී වශයෙන්. ඉතින් සරසවියෙන් ගිය දවසට ඒ අවශ්‍යතා තවදුරටත් නැහැ. එතකොට ඉතින් දෙමව්පියන් සොයාදෙන යමක් කමක් ඇති කෙනෙක්ව බඳිනවා. මොකක්හරි වුණාම හැමෝම වැරැද්ද පටවන්නේ අර පළමු පෙම්වතාට. මෙතන දෙපැත්තක් තිබෙනවා කියලා බැලු බැල්මට හිතෙන්නේ නැහැ . (නි)

:       0       0

දුමින්ද Thursday, 22 October 2015 07:52 AM

සත්‍ය ප්‍රේමයට නිදසුනක්ද? (නි)

:       0       0

අතුල Thursday, 22 October 2015 01:50 AM

මොන අරමුණකින් පැහැරගත්තාද දන්නෙ නැහැ (නි)

:       0       0

හේෂාන් Wednesday, 21 October 2015 01:25 PM

දුක්විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site