ඌරුබොක්ක ඉන්දොළ හංදිය අසලදී 27 හැවිරිදි ගුරුවරියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පැරණි පෙම්වතා ඇතුළු තිදෙනා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මොරවක මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.
රණවීරගේ කසුන් විමක්ති දර්ශන වන ඇගේ පැරණි පෙම්වතාගේ සොයුරු ප්‍රසන්න දර්ශන ඒ අතර වෙති. රිමාන්ඩ් කළ අනෙක් පුද්ගලයා ගුරුවරිය පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයේ රියදුරුය.
ගුරුවරිය පසුගිය 19 වැනිදා පාසලට යන අතරතුර පැහැරගැණුනු අතර පසුව පැරණි පෙම්වතා සමග නීතිඥයකු මාර්ගයෙන් ඌරුබොක්ක පොලිසියට බාරවී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැර ගැනීමක්ද පැහැර හැරීමක්ද ...? (අ)
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මටද ආදරේ කියා තිබේ (රේ)
ජයනාත්, කලින් නිවුස් එක දාල තිබුනේ ගුරුවරිය සහ කලින් පෙම්වතා පොලිසියට බරවුන කියල . දකුණේ ද? කොළඹ ද? කියල නෙමෙයි අවංක ආදරය දිහා බලන්න. කෙල්ලට ළමයෙක් දීල සද්ද වහල යන පිරිමි අතරේ මෙන්න නියම පිරිමි (බ)
ඔහෙලා දකුණේ වුනාට තවම හෝඩියේ නේ ඉන්නේ...! තවම දන්නේ නැද්ද ගැහැණියකගේ ආදරය බලෙන් ගන්න බැරිය කියලා ...? දැන් ඉතින් නාගෙන හත්පොලේ ගාගත්තානේ..!(රේ)
බොහොම ස්තූතියි හේෂාන්....මම චාමර වීරසිංහෙ (රේ)
කෙනෙකු කෙතරම් රහසිගතව නපුරු විය හැකිදැයි සොයා ගැනීම අපුරු දෙයකි. ප්‍රථම ප්‍රේමයේ අපුර්වත්වය සොයාගිය සමනල ගමනක්. (බ)
මී හරක් (බ)
මමත් දකුණේ ජයනාත් ඔබ වැඩෙත් නිවැරදියි (අ)
ගැණු නිසා මොකට නහිනවද ? අර කතාවක් තියෙන්නේ , සල්ලි ගස් උඩ හැදෙනවා නම් කෙල්ලෝ රිලවටත් ආදරය කරාවි කියල. පරණ පෙම්වතා දුප්පත්. (ම)
ජයනාත් මලේ , දකුණේ අපි කෙකෙන් බැරිනම් කොක්කෙන් හරිය ! (අ)
ගැහැණු ළමයාගේ අකමැත්තෙන් වැඩිහිටියන් වෙන කෙනෙකුට බන්දලා දීලා ඒ ළමයා තම කැමැත්තෙන් පෙම්වතා එක්ක ගියාද, නැත්නම් පෙම්වතා බලෙන් ගෙනිච්චාද පැහැදිලි නැහැ. ඒ වගේම ගැහැණු ළමයා පෙම්වතාට පොල්ල තියලා වෙන කෙනෙක් බැන්දාද, අලුත් සැමියා මේ දේවල් ගැන දැනගෙනද බැන්දේ, ඔය හැමදේම අනුව කතාව තීරණය වේවි. අපි මෙතන කෑගහලා වැඩක් නැහැ.හැබැයි බලෙන් දේවල් කරන්න යන වැඩිහිටියන්ටත් ඉන්පසු මොළේ නැතුව වැඩකරන තරුණ අයටත් දෙපාරක් හිතන්න හොඳ කතාවක්. (නි)
දකුණේ වෙන්නෙම මෙහෙම වැඩමයි. අනේ අම්මපා වෙන ගැහැණු නැද්ද මන්දා. (නි)
සමහරු සරසවියේදී නොයෙකුත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පෙම්වතුන් ළංකර ගන්නවා. වියදම කවර් කරන්න, සටහන් ඉල්ලා ගන්න, නොදන්නා දේවල් විෂය කරුණු අහගන්න , එදිනෙදා කනබොන ටික ෂේප් කරගන්න ආදී වශයෙන්. ඉතින් සරසවියෙන් ගිය දවසට ඒ අවශ්‍යතා තවදුරටත් නැහැ. එතකොට ඉතින් දෙමව්පියන් සොයාදෙන යමක් කමක් ඇති කෙනෙක්ව බඳිනවා. මොකක්හරි වුණාම හැමෝම වැරැද්ද පටවන්නේ අර පළමු පෙම්වතාට. මෙතන දෙපැත්තක් තිබෙනවා කියලා බැලු බැල්මට හිතෙන්නේ නැහැ . (නි)
සත්‍ය ප්‍රේමයට නිදසුනක්ද? (නි)
මොන අරමුණකින් පැහැරගත්තාද දන්නෙ නැහැ (නි)
දුක්විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා... (නි)