ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද සහභාගී වී ඇත්තේ එම විද්‍යාලයයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර බව ලංකා ගුරු සංගමය කියයි.
ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එම දේශපාලනඥයා ගෙන්වීම ගුරු සංහතියම දණ ගැස්වීමක් හා නිගා කිරීමක් බවයි.
මෙම ක්‍රීඩා උත්සවයට දේශපාලකයකු ලෙස සහභාගී වී ඇත්තේ ඔහු පමණක් බවත්, අවට පාසල්වල විදුහල්පතිවරුන් තිදෙනකු ද සහභාගී වූ නමුත් දේශපාලකයාගේ පැමිණීමත් සමග ඔවුන් පිටව ගොස් ඇති බවත් දැනගන්නට තිබේ.
දණ ගැස්වූ ගුරුවරිය සුසිලා හේරත් මහත්මිය ස්ථාන මාරු ලැබ වෙනත් පාසලක සේවය කරන්නීය.
ගුරුවරිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොක්සි හරියටම හරි (නි)
යහපාලනය කියන්නේ මේකද කියල සමහරු අහන්නේ හරියට මේකට ආරාධනා කළේ රනිල් මහත්තය වගේනේ. මේක මේ ඉස්කෝලේ විදුහල්පති කරපු වැඩක්. ෂුවර් එකටම පරණ ලොක්කගේ ගෝලයෙක් වෙන්න ඇති. (බ)
බන්දුල වරදකට වන්දි ගෙව්වා කියල වැරදෙන් නිදහස් වෙන්නේ නැහැ වරද හැමදාම මතක තියෙනවා (ම)
යහපාලනයක මහිමය කියන්නේ මේවා තමා , අපි චන්දෙ දුන්නේ මේවාට (කෞ)
"ලෝකයේ සිදුවිය නොහැකි මෙවන් දෙයක් සිදුකිරීමට බලපා ඇත්තේ වෙනත් කාරණයකි. ". (ම)
තිලක්-ඩුබායි ලගේ ආණ්ඩුවට ජය වේවා. ! (ර)
රට බලුමක්කට ගහින් (කෞ)
මෙතන මේ විදුහල් පති තුමා ගැන පොඩි සැකයක් මතු වෙනවා ,(කෞ)
කවුද දන්නෙ නැහැ එන්න කියන්න ඇත්තේ? (නි)
කවුද මේ? විදුහල්පති අපි ආසයි දැනගන්න.(කෞ)
මේ කියන පාසලේ විදුහල්පතිවරයා මුල් වෙලා නේද ඔය කියන දේශපාලක උන්නහෙව උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වෙන්න ඇත්තේ .ඉතින් තමුන්ලගේ විරෝධය එල්ල විය යුත්තේ විදුහල්පතිවරයාට නේද ? (කෞ)
අපි අපිටම කියා ගමු ........(කෞ)
ගුරුවරිය දණගැස්වූ දේශපාලනඥයාට ක්‍රීඩා උත්සවයේ මුල් තැන දෙන්න යෝජනා කරන්න ඇත්තේ දේශපාලනඥයාට කඩේ යන විදුහල්පති වෙන්න බැරිද? ඔහුගේ පැමිණීම වර්ජනය කරන්න ගුරුවරුන් එම විදුහලේ නොහිටීම පුදුමයට කරුණක් !!!(කෞ)
මොහු නඩුවෙන් වරදකරු වේ වන්දි ගෙව්වා. තවදුටරත් වරදකරුවෙක් නොවේ (කෞ)
දැන් ඒ හිටපු ආණ්ඩුවත් නැහැ. එතකොට කවුද මෙයාව ඔය වැඩේට ගෙන්වන්න මුල් වුනේ. මෙය ගුරු සංහතියටම නින්දාවක් තමයි.(කෞ)
මෙවැනි යට මුල්තැන දුන් අයව දණගස්සා බුවල්ලෙන් ගැසිය යතුය (කෞ)
ගුරුවරුත් මාර හොද අය නොවෙයි. ඔය ගුරුවරියත් පුද්ගලික දේශපාලන කරුණක් වෙනුවෙන් මේ දේශපාලකයාගේ දරුවෙකුට අඩන්තේට්ටම් කල නිසයි මේ තත්වයට ඔහු පත් වුනේ. මා ඔහු කල දෙය නිවැරදි බව කියනවා නොව මේ පුවත හරහා තවත් කතා නොකරන දෙසකට යොමුවීමට උත්සාහයකි. (කෞ)
ආයෙත් ඉතින් දනගස්සවයි කවුරුහරි. එතකොට ජෝසප්ට පුළුවන්නේ සටන් කරන්න . (කෞ)
කොන්ද පණ තිබෙන ගුරුවරු පමණයි මේ අවස්ථාව වර්ජනය කළේ. මේ විදුහල්පතිවරයාට මෙම හිටපු මන්ත්‍රීවරයා උත්සවයට ගෙන්වා නොගන්න තිබුණා. ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් සොයාබලා අමාත්‍යාංශය දැනුවත් කරන්න ක්‍රියාකරනවා නම් හොඳයි. (නි)
වරදට සමාවදීම හොඳයි (කෞ) .
අනේ මෙහෙමත් රටක්! (නි)
වාර්තා වන අන්දමට මේ ලෝකයේ සිදුවිය නොහැකි මෙවන් දෙයක් සිදුකිරීමට බලපා ඇත්තේ වෙනත් කාරණයකි. එනම් විදුහල්පති මැල්කම් පීටර්සන් ගේ බිරිඳ සහ ආනන්ද සරත් කුමාර අතර පවත්නා කුමනහෝ සම්බන්ධයක් නිසා බිරිඳගේ බලපෑම අනුව විදුහල්පතිවරයා ආනන්ද සරත් කුමාරව ප්‍රධාන අමුත්තා ලෙස සුදු හුණු ගල්වා කැඳවා ඇති බවයි....(බ)
ඉස්සර මේවටත් පලු යන්න බැන්නේ මහින්දට. හැබැයි දැන්නම් ඒ පක්ෂේ නායකයාටවත්, රටේ නායකයාටවත් කවුරුවත්ම මේවට දොසක් කියන්නේ නෑ - හරී සන්තෝසයි, යහපාලනයනේ ඉතින්! (බ)
බන්දුල, මෙතන නීතියේ බලය පමණක් නෙවෙයි, ලෝක ධර්මයේ හොඳ නරකත් බලන්න ඕන තැනක්. සිසු දරුවන්ට මෙයින් දෙන ආදර්ශය කුමක්ද?(කෞ)
යහපාලන නායකතුමනි මෙය ඉතා ඉක්මනින් සොයා බලන්න ! ඔබතුමා ඉදිරිපත්වී මෙවැනි උද්දච්ච පුද්ගලයන් පාසල් වලට නොගෙන ආ යුතුයි ?(කෞ)
අනේ මෙහෙමත් විහිළු වැඩ? (නි)
නිලූ හේරත්ඉන්නේ ඒ අයගේ ගෙවල් කිට්ටුවද?සමාව දුන්නට කමක් නැහැ. ආය මොකක් හරි කලබැගෑනියක් වුනොත් කවුුද ඉද්දරහට එන්නේ? (කෞ)
දෙපාර්ශවයටම ලැජ්ජා නැතිකම තමයි මෙයින් පෙන්නුම කරන්නෙ. (නි)
මාල්, බලාගෙන ඉන්න ඕවා කරනතුරු. දැන්වත් ඔය නින්දෙන් නැගිටින්න. (නි)
දේශපාලන කතා මෙතන ලියන්න එපා. මේක තමයි ලාංකික සමාජයේ සැබෑ යතාර්ථය. (ර)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මේ ක්‍රියාව පාසලේ දරුවන්ටත් ගුරු මණ්ඩලයටත් මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කළ අවමානයක් ලෙසටයි මම නම් දකින්නේ. ආරාධනා කරන්න මුල් වූ බලධාරියා විලිලැජ්ජා නැති කෙනෙක් වියයුතුයි. ඔහුට හෝ ඇයට සුදුසු දඬුවම් ලබා දියයුතුයි. (නි)
මේවට බලපාන්නේ වෙනත් කරුණු නොවෙයි තිලක් වගේ අයගේ කතා. (ර)
මඩු වලිගය ඉල්ලගෙන අපි අපිටම තලා ගමු , අපි කරපු මෝඩ කම් වලට , අපි ආණ්ඩු වෙනස් කලේ මේවා වෙන්න නොවේ. (ර)
වන්දි ගෙවූ පමණින් තමුන්ගේ හෘද සාක්ෂියට නිදහසක් නොලැබේ. (ර)
දේශපාලකයෝ පාසල් වලට නොගෙන්වනවා නම් ඉවරයිනේ. (නි)
ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරන්නේ පාසලේ විදුහල්පති නේද? (නි)
යහ පාලනය කියන්නේ මේක. (ර)
ගුරුවරු වගේද මේ වැදගත් නායකයින්. (ර)
රට බල්ලට ගිහින්. බල්ලා රටගිහින්. (කෞ)
ලංකාවනේ ඒ ගැන අහංනත් දෙයක්ද?(හේ)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)