මාර්තු තුන් වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු නොසන්සුන්තාව වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීනට පහර දීමට හේතුවූ විරෝධතාවය පැවැත්වීමට කුමන්ත්‍රණය කළැයි එම විද්‍යාලයේ ශිෂ්‍ය භට ගුරුවරයෙක් සහ ඉංග්‍රීසි ගුරුවරයෙක් මීට ටික වේලාවකට පෙර ගම්පහ අපරාධ විමර්ශන අංශයේ අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු බණ්ඩාරනායක විදුහලේ සිට වෙනත් පාසල් දෙකකට මාරු කරනු ලැබ සිටිති.
සිසු ගැටුම නිසා දින නියමයක් නැතිව වසා දැමුණු බණ්ඩාරනායක විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ පන්ති ආරම්භ වූයේ අද (17) දිනයේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල,. ප්‍රශ්නය හරියට නොදැන පත්තරේ යන දෙයක් බලල කතා කරන්න එපා. මේ දෙන්නම ගුරුවරු නෙවෙයි ගුරු දෙවිවරු. මම හොදින්ම දන්නා නිසයි කියන්නේ. තමන්ගේ අතින් වියදම් කරගෙන ළමයින්ව ව ඉහලට ඔසවලා තියපු අය. වැරදි වෙන්නේ වැඩ කරන මිනිස්සු අතින්. (නදී)
මේ දෙන්න අත් අඩංගුවට ගන්න මේ තරම් ප්‍රමාද උනේ මොකද කියන එකනම් මට ප්‍රශ්නයක්.සිද්දියට වග කිවයුතු බව හොදින්ම පැහැදිලි වෙලත් සිසුන්ගේ සාක්ෂි තිබිලත් මේ අයට මේ වෙනකම් නිදහසේ ඉන්න දීපු එක නිවැරිදි නැහැ.අධිකරණය මගින් ලැබෙන දඩුවමට අමතරව සේවයෙන් නෙරපා හැරීමත් සිදු විය යුතුයි මෙහෙම ගුරුවරු ගුරු සේවයට අවශ්‍ය නැහැ..(දිල්)