.jpg)
ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ”ඉහිරුණ කිරි” ටෙලිමාලාවේ රඟපෑ චරිතයෙන් පසුව අද ශාලිකා අරුන්දතී එදිරිසිංහ ගැන වැඩිදෙනා කතාවන්නෙ හිරු ටී.වී. විකාශය කරන සඳසාවි ටෙලි නාට්‍ය නිසයි. ඉහිරුණ කිරට නාඬා ජීවිතයේ එන දේට සතුටින් මුහුණ දෙන්නට කැමති සුන්දර ශාලිකා සිංහල අවුරුද්දට ගොඩක් කැමති වුනත්, බක්මාසයට ලොකු බයකුත් තියෙනවලූ. අපි ශාලිකා එක්ක අද ඒ ගැනත් කතා කරමු.
ශාලිකා මේ දිනවල අවුරුදු උත්සව නිසා ගොඩාක් කාර්ය බහුලයි කියන්නෙ ඇත්තද?
ටෙලිනාට්‍ය නරඹන දයාබර රසික පිරිස් වෙතින් අපට ලැබෙන ඒ ගෞරවය ඇත්තටම සතුටට දෙයක්. ඉතින් මේ නිසාම රටපුරා පැවැත්වෙන අවුරුදු උත්සවවලට සහභාගී වෙන්න අපට ආරාධනා ලැබෙනවා. මොනතරම් කටයුතු තිබුණත්, ජනතාවගේ ඒ ඇරයුම් අපට අහක දාන්න බැහැ.
ඒ විදියට අවුරුදු උත්සවවලට ගිහින් තරගවලටත් දායක වෙනවද?
අප ඒවාට සහභාගී වන්නෙ ආරාධිතයින් ලෙස විතරයි. හැබැයි දෙරණ සහ හිරු ටී.වී. නාලිකා කලාකරුවන් එකතුව කළ උත්සවවලදී තරගවලට දායක වුණා.

සිංහල අවුරුද්ද එනකල් ඔබ මග බලාගෙන ඉන්නෙ කියන කතාව ඇත්තද?
අපේ නෑදෑයින්, හිතමිතුරන්, අසල්වාසීන් ඇතුළු සියලූදෙනා එක්ක වගේම පවුලේ සියලූදෙනා එකට එකතුවන, එකතුවෙලා සතුටින් ගත කරන්න ලැබෙන ඒ මොහොතට ඇත්තටම මම හරි ආදරෙයි. ඒ නිසයි සිංහල අවුරුදු එනකල් බලා ඉන්නෙ.
ඒ වුනාට බක්මාසෙට හරිම බයයිලූ ඇයි ඒ?
කවුද ඒ කතාව කිව්වෙ?
කතාව ඇත්ත නේද? මොකක්ද හේතුව?
ගොරවන නිසා. විදුලි කොටනකොට මම හරිම බයයි. ගොරවන වෙලාවට මේ ලෝකයේ වැඩියෙන්ම බය මම වෙන්න ඇති.
මේ නිසාද බක්මාසෙ වැඩි හරියක්ම නිදාගන්නවා කියන්නෙ?
ගොරවන වෙලාවට හරිම බයයි. ඒ වෙලාවට ගෙදර හිටියොත් නිදාගන්නවා.
ඇත්තද කොට්ට විස්සක් විතර වටකරගෙන නිදාගන්නවා කියන්නෙ?
එච්චරම නැහැ. කොට්ට පහක් විතර.
ඇත්තටම ඇයි වැස්සට ඔච්චර බය?
වැස්සට බය නැහැ. හරිම ආසයි. ඒත් ගොරවනවට බයයි. වැස්සට ආසා වුනත්, වැස්සේ අසිරිය නරඹන්න, මට ලැබෙන්නෙ නැහැ.
පාසැල් කාලයේදී මේ බය නිසා යාළුවො විහිළුත් කළාලූ නේද?
මෙහෙමයි, ගොරවන නිසා මම කන්දෙක වහගෙන තමයි පාසැල් බස් රථයේ පවා ගියේ. ඉතින් යෙහෙළියෝ විහිළු කරලත් තියෙනවා.
බල්ලො සහ පූසොන්ටත් ගොඩාක් ආදරේලූ නේද?
සත්තුන්ට හරි අනුකම්පායි. ඒත් ළඟට ගන්නෙ නැහැ.
ඔබ හරි සීරියස් චරිතයක් කියලයි ඔබගෙ යාළුවො කියන්නෙ?
සරලවම ජීවිතය ගැන හිතනවාට වඩා ටිකක් ගැඹුරින් හිතන්න කැමතියි. ඉස්සර ඉඳලාම මගේ හැටි එහෙමයි.
මේ දිනවල අවුරුදු කුමාරියක් වගේ සතුටින් පසුවන බවත් යාළුවො කියනවා. ඒකට හේතුව අවුරුදු කුමාරයෙක් හමුවීමලූ. එහෙම නේද?
අනේ මන්දා, අර සිංදුවක් තියෙනවනෙ, ”හිඳීවි කොතැනක හෝ හිමිකාරයා ඔබේ නමින්” කියලා. ඉතින් මටත් හිමිකාරයෙක් ඇති. කවදාහරි හමුවේවි.
හිමිකාරයා ගැන එහෙම කිව්වත්, ඔබ වඩා කැමති, අමරදේව ශූරීන් ගැයූ ”ජීවිතයේ තනිමංසල අතරමං වෙලා” ගීතයට නේද?
සත්තකින්ම අමරදේව ශූරීන්ගෙ ”ආරාධනා” සිංදුවට මම හරිම ආසයි. ඊට අමතරව විජය ගැයූ සැරයටියෙන් අපි යනෙනතුරා සහ විශාරද නන්දා මාලිනියගේ අම්මාවරුනේ ගීතයටත් මම හරිම ආසයි.
නොලැබුණු දේවල් ගැන ඔබ දුක්වෙනවද?
ජීවිතය කියන්නෙ ලැබෙනදේට ගරු කිරීමයි, ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වීමයි. ඒ නිසා පසුතැවීම් මට නැහැ.
ශාලිකා ඕනෑවටත් වඩා ආඩම්බරයි කියලත් සමහරු කියන්නෙ, ඒක පිළිගන්නවද?
මම පොළවෙ පය ගහලා ජීවත්වන චරිතයක්. ජීවිතේ මොනවට ආඩම්බර වෙන්නද? මනුස්සකමට, මනුෂ්‍යත්වයට මම ඉහළින්ම ගරු කරනවා. මම හරි සුහදශීලී කෙනෙක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ!! මම නම් බය නැහැ (නි)
පිස්සු විකාර (ස)
එක එක අයගෙ ඔීපදුප පත්තර වල දාල බොරැවට මිනිසුන්ගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා.එයා අකුණු වලට බය වෙන්න බබෙක්ද.අපිට වැඩක්ද.බොරැවට තේරැමක් නැති වැඩ කරන්න එපා(ස)
අපි අගය කරන නිලියක් (දී)
ඇයි ඒ ඔයා බය? (නි)
ගොරවන වෙලාවට (නදී)
අනේ මෙයා හරිම හොඳයි . හැබැයි ඉක්මනට කේන්ති යනවා. (නි)
මම නම් බය නැහැ (නි)
ඇත්ත කියුව එක ගැන බොහොම සතුටුයි (දී)
ගොරවන වෙලාවට බය වෙන්නේ හෙන ගහවී කියල බයට (නදී)
පිට හේත්තු කරගන්න තැනක් තිබ්බෙම නැද්ද අනේ? (නදී)
කරුණාකරලා පැහැදිලි කරන්න. ඔබ අදහස් කරන්නේ ශාලිකාගේ විලාසිතා යල් පැන ගොස් ඇතැයි කියා ඔබ සිතන නිසා ඔබ ජිවත් වන නගරයට ඇවිත් ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවද, නැත්නම් අයගේ විලාසිතා වඩාත් ගැලපෙන්නේ ඔබ ජිවත් වන නගරයට බවද? (ස)
පිනිදිය, සමහර ටෙලි නිලියෝ හිටපු ගමන් මිලානෝ හොරෙන්ම ඇවිල්ල හොරෙන්ම යනවා. එකයි ඉතින් මෙයාටත් ඇවිල්ල යන්න එන්න කිව්වේ. (ස)
මේ කාලේ එහෙනම් බයෙන්මයි ඇත්තේ (දී)
අවංක අදහස් අගය කල යුතයි (දී)
ඔබට මගේ සුභ පැතුම්! (නි)
ශාලිකා අක්කාට මගේ සුභ පැතුම්! (නි)
ගොරවන වෙලාවට බය නම් ඔලුව වහගන්න (නදී)
බය වෙන්න එපා ඔයාට මම ඉන්නවනෙ. (ස)
මෙයා මේ කාලෙට එකසිය ගාණට බය වෙනවා ඇති නේද? මොකද හිටු කියල වහිනවනෙ. (ස)
මම නම් කියන්නේ ශාලිකගේ චාම් ඇඳුම නිසා එයාගේ ලස්සන තව වැඩිවෙලා කියලයි. (ස)
ඔයාගේ ලස්සන විලාසිතාව හොඳටම ඇති. ඉතාලියේ ඒවා අපිට එපා. පොළොවේ පයගහලා ඉන්න එක ගැන සතුටුයි. ඔයා කොහෙවත් යන්න ඕනෑ නැහැ, විලාසිතා ඉගෙනගන්න (නි)
ඇත්ත කියුවා (දී)
නන්දන පනාගොඩ කියන අදහස ඇතුළේ ලොකු ව්‍යාපාරයක් තිබෙනවා වගේ. (නි)
අපි ගොරවන්නේ නැහැ ? (දී)
අපෝ! ඕක දැන් ගොඩක් කල් ඉඳලා වෙන්නේ. (නි)
අනිත් සමහර ටෙලි නිලි අක්කලා වගේ ඔයත් ඉතාලි ඇවිල්ලා අපිව බලලා යන්න එන්න. ලෝකයේ හොඳම විලාසිතා තියෙන්නේ මෙහෙ. (නි)
ගොරවනකොට බය මොනවගේ අයද කියලා මට මෙතන කියන්න බැහැ (නි)
සමහර නිලියෝ දවස් තුන හතරේ එක ගමනට රුපියල් ලක්ෂ පනහකට වඩා හොයනවා. මේවා තාමත් රහස්. (නදී)
දක්ෂ රංගන ශිල්පිනියක්. වසර කිහිපයකට පසු හෝ නැවත දකින්න ලැබීම සතුටක්. ඔබට ජයෙන් ජය! (නි)
ශාලික ඇත්තටම නිහතමානී ,අවංක කෙනෙක්. මම එයාව ටිකක් දන්නවා. (නි)
නංගියේ ගොරවන වෙලාවට බය නම් මොකක් හරි ඇඳුමක් අරගෙන ඔලුව වහගන්න. (ස)
මිලානෝ සමහර අය නිළියන්ව හමුවන්න ඩුබායි, සිංගප්පුරුව වැනි රටවල් වලට යනවා. මාලදිවයිනට නිළියන් යන්නේ නැහැ (නි)
නන්දන, ඔබ කියන දේ තේරුම් ගන්න අපහසුයි. ඔබ අදහස් කරන්නේ ශාලිකාගේ විලාසිතා යල් පැන ගොස් ඇතැයි කියා ඔබ සිතන නිසා ඔබ ජිවත් වන නගරයට ඇවිත් ඒ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවද, නැත්නම් අයගේ විලාසිතා වඩාත් ගැලපෙන්නේ ඔබ ජිවත් වන නගරයට බවද? කෙසේ නමුත් "ලන්ඩන්-පැරිස්-නිව්යෝර්ක්" කියන සම්ප්‍රදායික විලාසිතා නගර නාමාවලිය "ලන්ඩන්-පැරිස්-නිව්යෝර්ක්-පනාගොඩ-මිලානෝ" ලෙස වෙනස් කිරීම ඉතාමත් කාලෝචිත බවයි මගෙත් වැටහීම. (ස)
ඔයා කොහේ ද හැබෑටම ඉන්නේ. (ස)
මිලානෝ සහ රෝමයේ මෙම විලාසිතා දැක්මවල් වලට විශාල ලෙස ශ්‍රී ලාංකිකයන් දායක වෙනවා. විවිධ වෘත්තීන් වලින්. විදුලි කාර්මික ශිල්පීන්, දර්ශන තල වල සුළු සේවකයින් සහ රියදුරන් මින් ප්‍රධාන තැනක් ගන්නවා. (ස)
ඉහිරුණු කිරි නාට්‍යයේ හොඳට රගෙපැවා. ඉදිරි අනාගතයට ජය වෙන්න කියා පතනවා! (ස)
පානී, ලෝකයේ වැඩිම විලාසිතා මවන්නන් ජීවත් වෙන්නේ මිලානෝ වල. උදා: වෙර්සාචේ, දොල්චේ සහ ගබ්බානා, ප්රාදා, අර්මානි, ෆියෝරුච්චි,ගුච්චි, මිලා ෂෝන්, දල්ලා වාල්ලේ(සපත්තු) මින් අතලොස්සකි. ලෝකයේ ප්‍රධානතම විලාසිතා දැක්‌ම තිබෙන්නේ මිලානෝ සහ රෝමයේ 'ස්පාඥ්ඥ' ගල් පඩිපෙළ උඩයි. (නදී)
පානී, ඔයා නම් තවම අලුත් වෙලා නැහැ වගෙයි. (නි)