IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ග්‍රේරු වැඩිහිටියන්ට නොමිලේ ඉංග්‍රීසි උගන්වයි

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ඉහළ නැංවීම සඳහා පාසල් පද්ධතියට අමතරව නිවසේදී ඉංග්‍රීසි භාෂාව භාවිතයට හුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මව් පියන්ට සඳහා නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැටසටහන 15 වැනිදා පෙ.ව 8 නුගේගොඩ මොහාන් ලාල් ග්‍රේරු  පදනම් මුලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතය.

රැකියාවල නියතු සහ රැකියා නොකරන ඕනෑම මව්පියකුට පහසුවෙන් අධ්‍යනය කළ හැකි පරිදි මෙම ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

ඕනෑම අධ්‍යාපන මට්ටමක අයෙකුට මෙම පාඨමාලාව සඳහා ඇතුළත්වීමට පහසු පරිදි ඉංග්‍රීසි භාෂාවේ මුලිකාංග, ව්‍යාකරණ හා උච්චාරණය හා නිවැරදි භාෂා භාවිතය මේ යටතේ අධ්‍යාපනය කිරීමට අවස්ථාව හිමි වේ.

මේ සඳහා ඇතුළත්වීමට අපේක්‍ෂිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි දෙමාපියන් තම නම ලිපිනය ලියූ මුද්දර කවරයක් “දෙමාපිය ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය” මාධ්‍ය හා තොරතුරු අංශය, මොහාන් ලාල් ග්‍රේරු පදනම අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට මාර්තු මස 11 වන දිනට ප්‍රථම යොමු කළ යුතුය විස්තර දුරකථන අංක 0112825213 ඇමතීමෙන් ලබාගත හැකි බව එහි ප්‍රකාශකයෙක් කිය.

 

 



අදහස් (0)

ග්‍රේරු වැඩිහිටියන්ට නොමිලේ ඉංග්‍රීසි උගන්වයි

ගජබා Friday, 07 March 2014 10:18 PM

මේ ලංකාවේ මිනිස්සු තවම ඉන්නේ යටත් විජිත මානසිකත්වයෙන්. ඒ නිසා මේ රටවල් දියුනුවෙන්නේ නැහැ. ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ,ප්‍රන්සය .ඉතාලිය නෙදෙර්ලන්තය ,ජපානය වැඩ කරන්නේ මව් භාෂා පාවිච්චි කරලා .දියුනු හැම රටක්ම මව් බස පමණි පාවිච්චි කරන්නේ. අනේ අපි තවම අදුරේ අතගානවා.(නදී)

:       0       0

රුවන් කොටුවැල්ල Friday, 07 March 2014 10:21 PM

මේක වසර ගණනාවකට පෙර කල යුතුව තිබු දෙයක්. බොහොම පින් ඔබ කරන ඥානවන්ත වැඩ වලට.(නදී)

:       0       0

කුමාරි Saturday, 08 March 2014 08:08 AM

මෙවැනි හොඳ වැඩ මුළු රට තුලම පැතිරේවා. (දිල්)

:       0       0

නිලන්ත Saturday, 08 March 2014 08:56 AM

වැඩේ නම් හොදා නමුත් අපේ අයට නිකම් දෙනකොට අගයක් නැහැ. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 08 March 2014 09:30 AM

සද් භාවයෙන් දෙනවා නම් කොළඹ ස්තිර පදිංචිය බලන්නේ මොකකටද? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 10:41 AM

ඉංග්‍රීසි බැරි නිසා ශ්‍රී ලාංකිකයින් තුල ඇතිවූ හීනමානය ඉංග්‍රීසි ඉගැන්වීම තුලින් ලබා ගන්න හිතුවොත් ඒක මුලාවක්. පන්ති මුහුණුවරින් ප්‍රකටව ඇති ඇති-නැති පරතරය අන් හැම සමාජ ප්‍රශ්නයක්ම අභිබවා නැගී සිටිනවා. අතීතයේ අප විසින් භුක්ති විඳි සෞභාග්‍යය නැවත ස්ථාපිත කර ජන ජීවිතය යහපත් කරන්න අවශ්‍යය වන්නේ පර භාෂා ප්‍රගුණ කිරීම නොව තම මව් බස නිවැරදිව හසුරු වන්න ඉගෙන ගෙන නිවැරදිව හිතා නිවැරදි ක්‍රියාවන් ට අවතීර්ණ වන්න පුහුණු කිරීමයි. පර භාෂාවන් හරහා අපි අනුන්ගෙන් යැපෙන්නන් බව ට පත්වුනා හැර ලඟා කර ගත් දෙයක් නැත.(නදී)

:       0       0

බෙන්ජමින් නෙත්යාහු Saturday, 08 March 2014 11:06 AM

ගජභා : උදාහරණ ටික නම් හොදයි.. හෑබෑයි හොද වැඩේට හොදයි කියන්න ඔනෙ. ඔය රටවල් ගෑන කතා කරනවා වගේම ඔබ ස්විඩනය නොර්වෙ වගෙ රාජයන් ගෑනත් අධ්‍යනයක යෙදුනා නම් හොදයි.(නදී)

:       0       0

කරුණාරත්න පතිරගේ Saturday, 08 March 2014 11:15 AM

මේවා ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි බලමුකෝ තව ටික කලකින් මෙහි ප්‍රගතිය. ඉංග්‍රීසිය නැතිව අපිට අපේ භාෂාවෙන් ඉගෙනගන්න බැරිද? (නදී)

:       0       0

කෙවීන් Saturday, 08 March 2014 12:25 PM

කියන්ඩ ඉතා කණගාටු වෙනවා මේ අදහස් ගැන. ඉංග්‍රීසි නැතිව මේ ලෝකය ඉදිරියේ කල හැකි කිසිවක් නොමැත. දෙනෙත් හැර ලෝකය දෙස පියවි සිහියෙන් බලන්න. (අ)

:       0       0

අසෝකා Saturday, 08 March 2014 01:15 PM

මේ වැඩේ ඉතාමත් හොදයි. නමුත් හැමදාම කොලඹට කිරි ගමට කැකිරි! මේවා විශේෂයෙන් ගෙන යා යුත්තේ ගම් වලටයි. අනික අපේ අයට ඉංග්‍රීසි ඉගෙන ගත්තම මව්බස නිකම්ම අමතක වීම ලොකු දුර්වල කමක්.(නදී)

:       0       0

ලලිත් Saturday, 08 March 2014 03:56 PM

කොළඹට කිරි අපට කැකිරි? (අ)

:       0       0

ප්‍රදීප්. Saturday, 08 March 2014 05:49 PM

ඉතාමත් හොද වැඩක්. පිට රට ඉන්න අයටත් ප්‍රයෝජන ලබන්න දුරස්ථ අධ්‍යාපන වැඩ පිළිවෙලක් (ඉන්ටෙර්නෙට් හරහා ) සකස් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ග්‍රේරු සර්ගෙන් ඉගන ගත්තු අපි දන්නවා එතුමාට මොලයක් ඇති බව.(අ)

:       0       0

භානු Sunday, 09 March 2014 05:50 PM

අපේ මව් බස වගේම ජාත්‍යන්තර භාෂා දැනුමත් අවශ්‍යයි. අපි තේ පිටරට යවනවා නම් ආනයනය කරන රට එක්ක අපේ මව් භාෂාවෙන් සන්නිවේදන කටයුතු කරන්න පුළුවන් ද? ප්‍රයෝගික වීම හැම භාෂාවක් සම්බන්දයෙන් ම වැදගත්. (නදී)

:       0       0

සමිත පෙරේරා Friday, 07 March 2014 04:28 PM

බොහොම වටින වැඩක්.රටේ සියලු මන්ත්‍රී වරුනට මෙවැනි අදහස් පහල වෙනවා නම්, අපේ රටට කෙතරම් ඉදිරියට යන්නට පුලුවන් වේවිද? (අ)

:       0       0

ලෙස්ලි බටුවිට Saturday, 08 March 2014 11:01 PM

මෙය ඉතා හොඳ දෙයක් අපගේ ආශීර්වාදය (දී)

:       0       0

සත්‍යයා Sunday, 09 March 2014 03:53 AM

අනේ මෙහෙමත් මිනිස්සු. ඉංග්‍රීසි නැතිව මේ ලෝකය ඉදිරියේ කල හැකි කිසිවක් නොමැත. හොඳ වෙලාවට චීනය, ජර්මනිය, ජපානය, කොරියාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩන්, රුසියාව හා අපට වඩා සංවර්ධනයේ ඉහලම අදියරයක ඉන්න රටවල් අපේ ලෝකයට අයිති නැති නිසා ඉංග්‍රීසි නැතිවම දියුණු වෙලා. (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site