‘මොහාන් ලාල් ග්‍රේරු පදනමේ‘ නොමිලයේ ඉංග්‍රිසි උගෙනගත් භික්ෂුන් වහන්සේලා හතලිස් දෙනමක් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී සහතික ලදහ.
නොමිලේ පුහුණුව ලද පස් වැනි කණ්ඩායම මේ හිමිවරු වුහ.
ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවස අනු නා හිමි හා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනඅංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිවරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර , බුද්ධ ධර්මය සහතික පත්‍ර,ඉංග්‍රිසි ඩිප්ලෝමා සහතික පත්‍ර හා බුද්ධ ධර්මය ඩිප්ලෝමා සහතික පත්‍ර යනුවෙන් අංශ හතරක් යටතේ භික්ෂුන් වහන්සේලා මෙහීදී සහතික ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රේරු පදනම පස්වැනි කණ්ඩායමටත් සහතික පිරිනමයි
දර්ශන තෙන්නකෝන් Tuesday, 07 January 2014 07:24 AM
ග්‍රේරු මහතානෙනි, ඔබ මේ කරන සත් ක්‍රියාවට ගොඩක් පින්.(නදී)
චාමර Tuesday, 07 January 2014 09:07 AM
නිලූ, පිරිසිදු, පින්වත් හදවත් ඇති මිනිසුන් කවදත් ලස්සනයි. අලුතින් රූපලාවන්‍ය කරන්න ඔනා නැහැ. කොහොමත් ග්‍රේරු කියන්නේ සියලු දේශපලකයන්ට අදර්ශයක්. තවත් රට වෙනුවෙන් මෙහෙවර කරන්නට ශක්තිය ලැබේවා ඔබ දෙපලට.(නදී)
දයා අලහාකෝන් Monday, 06 January 2014 06:13 PM
ග්‍රේරු මහතානෙනි, ඔබ සිටිය යුත්තේ අගමැති තනතුර වැනි ස්ථානයක. ඔබ තුමා රටට කරන සේවය සුළු පටු නොවේ. වාසනාවන්තයි ඔබව මුලු රටටම.(නදී)
නිලූ විදානගේ , සෞදි අරාබියාව Monday, 06 January 2014 12:18 PM
ග්‍රේරෝ මහත්මිය හරි ලස්සන කාන්තාවක්. ජය ශ්‍රී! (නදී)
කසුන්සුරංග Monday, 06 January 2014 12:31 PM
දේශපාලකයන් සහ සඝරුවන අතර ගැටුම් මතු වන කාලයක ඔබ සිදු කර තිබෙන්නේ මහා ශාසනික මෙහෙවරකි. අනෙකුත් දේශපාලකයනුත් මෙතුමාගෙන් යුතුකම් වෙනුවෙන් ආදර්ශ ගත්තා නම් කෙතරම් මේ රට යහපත් වේවිද?ඔබට නිදුක් - නිරෝගී -දිගාසිරි පතමි. (ස)
ජයශාන්ත Monday, 06 January 2014 12:40 PM
අපේ පන්සලේ හාමුදුරුවන්ටත් එකතු වෙන්න දුරකතන අංකයක්වත් දැම්මා නම් තවත් වටිනවා(දිල්)
හේමන්ත Monday, 06 January 2014 02:49 PM
ඉතාම වටිනා ශාසනික සත්කාරයක්. ඔබතුමන්ට බොහොම පිං සිදුවේවා. (ස)