IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ග්‍රැමෆෝන් ගී යුගයේ 'හඬ නිහඬ'

20160310-ent-105

 

ආචාර්ය ජයලත් මනෝරත්න අධ්‍යක්ෂණය කළ හඬ නිහඬ, අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය නවතම වේදිකා නාට්‍ය පසුගියදා ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත වූ අතර, එම නාට්‍ය පිළිබඳව ජයලත් මනෝරත්නයන් සමග කළ සාකච්ඡාවකි.

 

20160310-ent-104-newහඬ නිහඬ

මම නිර්මාණය කරන අලුත්ම වේදිකා නාට්‍ය මේ දිනවල කොළඹ ලයනල් වෙන්ට්ඩ් රංග ශාලාවේදී පසුගියදා වේදිකා ගත වුණා. මෙය නම් කරල තියෙන්නේ 'හඬ නිහඬ' ලෙසින්. ග්‍රැමෆෝන් ගීත යුගයේ, ඒ කියන්නේ එක්දහස් නවසීයේ පමණ සිට අද දක්වා අපේ රටේ ගායක පරපුර මුහුණදෙන සමාජ, ආර්ථික ඛේදවාචකය මෙම 'හඬ නිහඬ' වේදිකා නාට්‍ය ඔස්සේ සාකච්ඡා කරනවා. හඬ නිහඬ ආරම්භ වන්නේ ග්‍රැමෆෝන් ගී යුගය පසුබිම් කරගෙනයි. අනතුරුව ගුවන්විදුලිය පැමිණීම හා ඒ සමගින් නව ගායක පරපුරක් බිහිවීම, ඉන්දීය අධ්‍යයනය, වංග සංගීත ආභාෂය, කලාත්මක ආභාසයෙන් හෙබි ගායනා, නව තාක්ෂණයේ මැදිහත්වීම වැනි වූ පසුබිමක ගායක පරපුරෙහි ජීවන රටාව වෙනස් වීම, නූතන සංගීතමය ස්වරූපය සේම පැරණි ගායක පරපුරේ නික්ම යාමේ ඛේදය මෙහි සංකේතවත් වෙනවා. කාලයෙන් කාලයට සංගීත ක්ෂේත්‍රයේ විවිධ වෙනස්වීම් දකින්න ලැබුණා. මේ සමගින් වූ අන්තර්ගතයට දශක ගණනක් පුරා අප ලද සමාජ හා ජීවන අත්දැකීම් වගේම උපකල්පනය කරන අත්දැකීම්වලටත් හැඩයක් දීලා කලා කෘතියක් බවට පත්කළා.

 

නිර්මාණ දායකත්වය

මෙහිදී මම සමගින් ඩබ්ලිව් ජයසිරි, ෆර්නි රෝෂිණී, ලක්ෂ්මන් මෙන්ඩිස්, රවීන්ද්‍ර යසස්, නිමල් ජයසිංහ, ලංකා බණ්ඩාරනායක, සංජීව දිසානායක, සුදර්ශන බණ්ඩාර ඇතුළු පිරිසක් දායක වෙනවා. මෙහි පරම්පරා තුනක නියෝජනයක් දැක්වෙනවා. ඩබ්ලිව් ජයසිරි සහ ලක්ෂ්මන් මෙන්ඩිස් සමගින් මා වේදිකාවේ කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙයයි. සංගීත නිර්මාණය කෙරෙන්නේ නවරත්න ගමගෙ විසිනුයි. මේ නිර්මාණය පුරාවට සංගීතයේ මුසුවීම දකින්න පුළුවන්. ඒ වගේම රංග වස්ත්‍ර නිර්මාණය සුවිනීතා පෙරේරා, කලා අධ්‍යක්ෂණය උපාලි හේරත්, අංග රචනය ජගත් පද්මසිරි, හඬ පාලනය අරවින්ද ආරියරත්න, රංගාලෝකය චන්දන අලුත්ගේ විසින් ඉටුකරනවා.

 

හාස්‍ය වේදිකා නාට්‍ය රැල්ල

අද වනවිට ගොඩනැගී තිබෙන්නේ මතුපිට හාස්‍ය මත පදනම් වූ නාට්‍ය කලාවක්. එය ගැඹුර දෙසට පිවිසෙන්නේ නැත්නම් එය සාර්ථක කෘතියක් විය නොහැකියි. අද වනවිට බොහොමයක් ඒ දිසාවටයි ගමන් කරන්නේ. කලාකරුවෙකුට තමන්ගේ හිතේ තියෙන දෙයක් නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහු ඒ අත්දැකීමට වර්ණ, වචන, ස්වර, අභිනය ආදිය මගින් හැඩයක් ලබාදෙනවා. එහිදී මම තෝරාගත්තේ වේදිකා නාට්‍ය.

දැන් තියෙන තත්ත්වය ගත්තාම මේ නාට්‍ය සුදුසුද නැතිද කියන්න අපහසුයි. ඒ වුණත් මම හිතන්නේ හොඳ කාලයක් එනතුරු බලා සිටීම මැජික්කරුවෙකුගේ සිතුවිල්ලක් බවයි. විවිධ උච්චාවචන තියෙනවා, දශක හතරකටත් වැඩි කාලයක් ඉක්මවූ මගේ නාට්‍ය ජීවිතයේ දුටු දෙයක් තමයි රැලි ඇවිදින් යාම. එනිසා සමාජය කොහොම බාර ගත්තත් නිර්මාණ නොකර ඉන්නවාට වඩා යම් දෙයක් කළ යුතුයි.

 

සටහන - ඉදුනිල් සින්දු
 

ada

20160310-ent-106



අදහස් (0)

ග්‍රැමෆෝන් ගී යුගයේ 'හඬ නිහඬ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site