IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී

කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ තුන්දරු පියකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.

සින්නයියා කදිරවේලු මට්ටක්කුලිය කිඹුලා ඇල ප්‍රදේශයේ කුඩු බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකදී මේ වරද කළ බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි නඩුවේදී සදහන් විය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීම කරන ලද්දේ 2005 ජනවාරි 26 වැනිදාය.

 



අදහස් (0)

ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී

කිස්ස Thursday, 09 May 2013 06:28 PM

අරයගේ කුඩුද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 06:43 PM

තුන්දරු පියා පෝරකේට කියලයි දාන්න තිබුනෙ. (නි)

:       0       0

පුභාත් ජපානය Thursday, 09 May 2013 06:59 PM

කැකිල්ලේ නිති . සැලුයුට් ගහන්නේ කව්ද?(නදී)

:       0       0

බන්දුල-කටාර් Thursday, 09 May 2013 07:03 PM

කුඩු ග්රෑම් හතක නඩුවක වරද ඔප්පු කරගන්න අවුරුදු අටක්, කිලෝ ගණනක් එහෙම අහු උනානම් අඩුම තරමේ අවුරුදු සියයක් වත් ගතවේවි නේද...? (නදී)

:       0       0

සිරිසේන ඒකනායක Friday, 10 May 2013 09:50 AM

කුඩු කප්පිත්තන් වන අනාචාර්ය වරයාට පාර කැපී නැත.(නදී)

:       0       0

සුදේෂ් Friday, 10 May 2013 10:02 AM

උපාලි උබේ මොලේ තමයි මොලේ.(නදී)

:       0       0

ටික්ටික් Thursday, 09 May 2013 07:23 PM

ආශ්චර්යය පෙන්නන්නේත් මේ වගේ අහිංසකයන්ට තමයි. ආශ්චර්යය

:       0       0

ප්‍රදීපා Friday, 10 May 2013 10:33 AM

මේ මනුස්සයා ග්රෑම් 7.6 බෙදාහරින්න ලබාගත්තේ කොහෙන්ද කියලා හොයාගත්තනම් නේද ගොඩක් වටින්නේ. තෝරු, මෝරු රිංගන මහා තැන් තියෙද්දී කූඹි ගුල් වහලා වැඩක් නැහැ. සේරම නීතිය පොඩි මිනිහට විතරයි. (නදී)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 07:39 PM

මේ විදිහට නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් එක්කෝ අද අපේ රට ඇත්තටම ධර්මද්වීපයක්. නැත්නම් එකම උසාවියකවත් නඩු අහන්න එකම නඩුකාරතුමෙක් නැති වෙලා. (නි)

:       0       0

නිරෝෂන් Thursday, 09 May 2013 08:11 PM

අනේ තාමත් බැරිවුනානේ එක කුඩු මුදලාලි කෙනෙකුට මරණ දන්ඩනය දෙන්න. අහිංසක දරුපවුල. මේ අයත් පුනරුත්තාපනය කරලා සමාජයේ හොද පුරවැසියන් කරන්න බැරිද? (නදී)

:       0       0

සමීර සාලින්ද Friday, 10 May 2013 11:35 AM

අපි රට හදන්න ඕනා. ඒත් මේවා ගෙන්නන අය‍ට දඩුවම ලංකාව තුල ක්‍රියාත්මක වෙනවද? එයාලා මොකුත් මතක නෑ කිවම නිදොස්කොට නිදහස් කරනවා. ඔක්කොන්ටම අපි නිතිය ක්‍රියාත්මක කරමුද?(නදී)

:       0       0

දිනේෂ් Thursday, 09 May 2013 09:10 PM

විශිෂ්ටයි! (නි)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 09:19 PM

ඕවා ගෙන්වන බෙදාහරින අයව අහුවෙන්නෙම නැද්ද? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 09 May 2013 10:14 PM

ඔව් ඉතින් ලොකු අය අල්ලන්න බැහැනේ ඇල්ලුවත් නිදොස් කොට නිදහස්? පොඩි එකාට දඩුවම. පාට අනුව ඕක තමා අද රටේ ආස්චර්ය.(නදී)

:       0       0

සරත් Thursday, 09 May 2013 10:20 PM

මම දන්නේ නැති නිසා අහන්නේ ඔය මනුස්සයට කුඩු ආවේ ඉර්දියෙන්ද?(නදී)

:       0       0

මිලානෝ සිරිපාල Friday, 10 May 2013 01:53 AM

කිලෝ ගනන්නම් අහුවෙන කට්ටියට දෙන දඩුවම මොකක්ද අපේ නිතිය තියෙන්නේ. සෞදි මිනිහට විතරද තෝරු මෝරු එළියේ හාල්මස්සෝ ඇතුලේ. ශ්‍රිලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. මට හරි දුකයි. මගේ රට ගැන.(නදී)

:       0       0

බමුණා Friday, 10 May 2013 03:28 AM

කුඩු විකුනන එක මහා අපරාදයක් බව ඇත්ත. ඒත් ග්රෑම් 7.4 මරණීය දණ්ඩනය. කිලෝ ගණන් වලින් අසුවන අය එක්කෝ හිරේ නැතිනම් නිදහස් මේක ත්රුම් ගන්න අමරුයි.(නදී)

:       0       0

උපාලි Friday, 10 May 2013 06:20 AM

බන්දුල, එහෙම වෙන්නේ මේ කුඩු ප්‍රමාණයේ තියෙන අංශු කෝටි ගණන ගනින්න කල් යන නිසයි. ඒ අනුව කිලෝ ගණනක් ගනින්න ඔබ කිව්වා වගේ අවුරුදු සීයක් හමාරක් යනවා. ඒ නිසා ඒකටත් කෙටි ක්‍රම තියෙනවා. (නි)

:       0       0

වරුණ Thursday, 09 May 2013 05:35 PM

කුඩු ගෙන්නන ලොක්කෝ එළියේ සොක්කෝ පෝරකේට.(නදී)

:       0       0

අංජන Thursday, 09 May 2013 05:36 PM

කොහොමත් මෙයාලා හැදෙන්නේ නැ නේ. එක නිසා අනිත් අයට වත් හැදෙන්න දීපු දඬුවම බොහොම හොඳයි.(නදී)

:       0       0

ශාලිත Thursday, 09 May 2013 05:50 PM

වැටලීම කළ අයට ස්තුතියි.(නදී)

:       0       0

දම්මි Thursday, 09 May 2013 05:53 PM

නීතය කොච්චර කාර්යක්ෂමද? 2005 නඩුවෙ තීන්දුව 2013දි.. (නි)

:       0       0

චානක මධුසංඛ Thursday, 09 May 2013 06:12 PM

වැරදි කරද්දී පොඩි මිනිහට ලොකු දඩුවම්. ලොකු මිනිහට කිසිම දඩුවමක් නැහැ. අල්ලන්නකෝ ‍ගිහින් කුඩු රජාව.නිතිය කාටත් සාධාරණ ලෙස කළා නම් හොදයි නේද? ඇත්තටම පිඩිත පන්තියට කෙනහෙලිකම් කරන අසාධාරණ පක්ෂපාති වූවන්ට අපි ගරු කළ යුතුද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site