(යොහාන් භාසුර)

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව පත්වීම් කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.