ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ දස දෙනකු අත්අඩංගුවට ගත්තැයි විරෝධය පළ කරමින් ගැමියෝ දහස් ගණනක් අද පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මහා සංඝරත්නය ද ඊට එක්වූහ.
පොලිසිය ගේට්ටු වසා තිබුණු අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ හැම තැනම හැම එකකටම උද්ඝෝෂණ, පාර නොහැදුවත්, පොසියට විරුද්ධවත් පාසලට ඇතුල් නොකළාටත් උද්ඝෝෂණ. මෙයින් වැටහෙන්නේ ලංකාවේ උද්ඝෝෂණ කිරීමෙන් පමණයි තම අයිතීන් රැකගන්න පුළුවන්වන්නේ.....පුදුම ප්‍රජාතන්ත්‍රවාදී රටක්.....එහෙම නම් ඇමති මන්ත්‍රීවරුන්ගෙන් වැඩක් නැතැයි මේ අය සිතනවාද? (අ)
මේ වගේ තමන්ගේ ගමේ පාර හදාගන්න උද්ඝෝෂණය කරන අහිංසක ගැමියෝ තමා මේ විදියට අත්අඩංගුවට ගන්නේ. නමුත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරපු යකඩ හොරු වන්දිභට්ටකම් කරන නිසා අත්අඩංගුවට ගන්නේ නැහැ. අරුම පුදුම රටක් මේක. (නදී)
පොලිසිය අහිංසක මිනිස්සුන්ට චන්ඩි පාර්ට් දානවා.(අ)
ලොකු හොරු අත්අඩංගුවට නොගන්න එක වැරදියි. පොඩි අය වුණත් පාරක් අවහිර කරනවා නම් වරදක්. අත්අඩංගුවට නොගත්තොත් ඒකත් වරදක්. ලෝකයේ කිසිම රටක 100% සාධාරණ සමාජයක් නිර්මාණය කරලා නැහැ. (නි)
මාලකගේ අදහසට මම කැමතියි. (නි)
මේ දුප්පත් අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කරලා තියෙන්නේ තමන්ට නැතුවම බැරි යටිතල පහසුකමක් සලසලා දෙන්න කියලනේ. (නි)
මාලක, අහිංසකයින්ට චන්ඩි පාර්ට් දමනවා. දේශපාලුවන් ලගදී හැංගෙනවා.(නදී)
ඔය තරු පටි තියෙන නිලදාරී තුමාට මොකක් හරි කශේරුවේ අමාරුවක් තියෙනවා වගේ. (නදී)
මොන දේ වුනත් මහජනයාට පොදු ස්ථානයක් වන මහා මාර්ගයක් හරස් කර කරන උද්ඝෝෂණ කරන එක මහා බුරු වැඩක්.ඒකෙන් වෙන්නේ මහජනයා තවත් අපහසුතාවයට පත් වෙන එක විතරයි.(අ)
පොලිසියේ බොහොමයක් අයට ලජ්ජා නැහැ. (අ)
තව ටික දවසකින් ඇත්ත හෙළි වෙයි (දිල්)
මහජනයාට පයින් ගමන් කරන්න තියන පාර හදා ගන්න උද්ඝෝෂණය කරන්න ඕන ! බුදු හාමුදුරුවනේ ...!!!!අහිංසකයින්ට සහනයක් සැලසේවා..!!!(දිල්)
කවදද මේ අසරණ මිනිස්සුන්ට සහනයක් දෙන්නේ (දී)
රටේ ලොක්කෝ කිහිප දෙනෙක් එකතු උනොත් මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන් (දී)
මුලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් නේද මේ හැමදේම? (දී)
මේ අයගේ ලොකුකම් අහිංසකයන්ට තමයි (දී)
පාරවල් වල වාඩිවෙලා ඉඳල ගමනා ගමනයට අවහිර කරලා වැඩක් නැහැ පළාතේ මැති ඇමතිවරු ගේ ගෙවල් සහ පළාත් සබා ඉදිරිපිටයි උද්ගෝෂණය කරන්න ඕන. (දී)
රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැහැ කියල කියන්නේ ඒ නිදහස තමන්ගෙන් උදුරා ගත් අය හෙටවත් හොඳ වෙයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සුමයි. පොලිසිය කියන්නේ පාලකයින්ගේ ආරක්ෂාව ට හදපු ආයතනයක් නිසා පොලිසිය සමහ හැපිලා (71 හෝ 88-89) ප්‍රශ්න විසඳන්න බැහැ. මැතිවරණයකදී තමන් සතු බලය පෙන්වන්න දැන්වත් මේ අසරණ වූ මිනිසුනට බැරිද? (නදී)
පොලිසිය දේශපාලකයින්ට බයයි. මහජනයා පොලිසියට බයයි. ඡන්දකාලෙට විතරක් දේශපාලකයින් මහජනයාට බයයි. දැන්බලාගෙන ගියහම හැමෝම බයෙන්නේ ජිවත්වෙන්නේ.(නදී)
ලංකාවෙ පොලිසියට මේ මොකද වෙලා තියෙන්නේ? පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු කාලය ඇවිත් වගේ.(නදී)
මේවා දේශපාලන ප්‍රශ්න නම් ලබන පාර රනිල් ජනාධිපති උනාම මේ ප්‍රශ්න විසදෙයිද? නැත්නම් ඒක තවත් එක තට්ටු මාරුවක් විතරක් වෙයිද? ළඟදීම හැදෙන යු.එන්.පී ආණ්ඩුවේත් මේ ඉන්න ඇමතිලා ටිකම ඉඳීවිද? එහෙම උනොත් රටේ තත්වේ මීට වඩා වෙනස්ද? (නදී)
ඕසන් සලාම්, මැති ඇමති වරුන්ගෙන් වැඩක් නැතැයි මිනිස්සු හිතනවා නොවෙයි. අපේ රටේ ඇත්ත එයයි. සරත් පර්ත් ගේ අදහස බලන්න වඩා හොදින් තේරුම් ගත හැකියි.(නදී)
දැන් කලේ පළාත් සබා මන්ත්‍රිලා පාරවල් හොයා හොයා හදන්නේ. මේ පැත්තේ මන්ත්‍රිලා කව්රුවත් නැත්ද මන්ද. ඕකට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ.. (දී)