කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැයි අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
ඒ අනුව මුස්ලිම් ජනතාව කලින් වන්දනාමාන කරගනිමින් තිබු පැරණි දේවස්ථානය නැවත ඒ අයට ආපසු දීමටත් දැනට එහි වන්දනාමානයට තුඩුව පවතින බෝ රුක්ෂය ඉවත් කර ගැනීමටත් තීරණය කළ බවද කීය.
ඊට අමතරව පල්ලියේ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමටත් තීරණය කළ බවද ඇමතිවරයා කීය.
මෙම සාතච්ඡාවට ප්‍රදේශයේ මහා සංඝරත්නයද, මුස්ලිම් පූජක වරුද, රජයේ සහ විපක්ෂයේ දේශපාලඥයෝද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මපාල, ඔබ හරි.සිංහල බෞද්ධයන්ට දෙවියන්ගේම පිහිට ලැබේවා! (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
විසඳුමක් ලබා දිය යුත්තේ කුමන පාර්ශ්වයක හෝ අන්තවාදීන්ගේ මතයට යටත් වීමෙන් නොව සත්‍යය, යුක්තිය අනුවයි. එහෙම පිහිටුවන ප්‍රබල පුර්වාදර්ශය ඉදිරියේදීත් ඕනෑම විටක යොදාගන්න එතකොට පුළුවන්. වැරදි තීරණයක් ගත්තොත් ඒක පුර්වාදර්ශයක් හැටියට අන්තවාදීන් පාවිච්චි කරන්න පෙළඹෙනවා ඉදිරියටත්. මෙවැනි සංවේදී සිදුවීම්වලදී සියලුදෙනාටම පිළිගත හැකි විසඳුමක් අත්‍යවශ්‍යයි. මේ ලැබුණ විසඳුම ඉතාම හොඳයි.(නදී)
අපිටම තමයි අවාසි උනේ නේද.?(නදී)
අපරාදේ ඉක්මනට විසදුනේ.(නදී)
බන්දුල පෙරේරා සිංහල කියන්නේ ඇත්තටම කවු ද (අ)
කොහොම වුනත් සිදුනොවිය යුතු දෙයක් සිදු වුණා. මේවා බෞද්ධයන් පවා අනුමත නොකරන බව (ශාන්, චන්ද්‍රසිරි, ධම්ම, සමන්, චන්දී, ලුම්බිණි,රමේෂ් රොෂාන්, නිශාන්ත, අශේන්, මොරාල, සහ ධනුෂ්ක) යන මහත්වරුන්ගේ අදහස් වලින් පෙනී යනවා. නියම බෞද්ධ සහෝදරයන්ට සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි. (නි)
අරගලයකින් තොරව, උද්ඝෝෂණයකින් තොරව ඉතිහාසයේවත් සාදාරන ඉල්ලීම් දිනා නොමැත.(නදී)
වෛරයෙන් වෛරය නොසන්සිදේ , තමන්ගේ සිත තුල මෛත්‍රිය පුරවාගෙන අන් අයටත් කරුණාව පතුරවන්න , සියලුදෙනාටම සාමයෙ දෑත දිගුකරමු සාමයෙන් එක්වන්න , සියලුදෙනාටම තෙරුවන් සරණයි.(නදී)
පුදුමයි !...ඒත් ඇත්තයි.(නදී)
අයියෝ බුද්ධාගමට ගිය කල මෙය අපේ සිංහල රට නේද?(නදී)
බෝ ගහ එතනම තියෙන එකේ ප්‍රශ්නයක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
මෙයාලට පිස්සුද, නැත්නම් කපටිද කියල නොතේරේ. ජනතාව එකිනෙකා කොටගෙන, දේපල හානිකරගෙන මොනවාද ලබන වාසිය? ජනතාව සිය බුද්ධිය අනිවාරයෙන් පාවිච්චි කළ යුතුයි.(නදී)
පල්ලියට අලාභ හානි නොකරම කාටවත් තුවාල නොවීම මේ දේ කරගන්න තිබුනනේ. (නදී)
මාර වැඩක්නේ. මොන දේ වුනත් බෝදිය අපේ. ඒක අයින් කරන්න දෙන්න බැහැ. (නදී)
මේක බෞද්ධ රටක් බව ඇත්ත. ඒත් කාටත් තම ආගම ඇදහීමේ අයිතිය තිබිය යුතුයි.(නදී)
බෝධීන් වහන්සේලා කපා මුස්ලිම් පල්ලි ගොඩනැගීමත් සංවර්ධනය කිරීමත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්යභාරය බව දැනගත්තේ අද. ඔය වගේ වැඩ කරමින් අපිව පාවල දෙනවට වඩා හොඳ නැද්ද මැරෙන එක.(නදී)
බෝධීන් වහන්සේලා කපා මුස්ලිම් පල්ලි ගොඩනැගීමත් සංවර්ධනය කිරීමත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්යභාරය බව දැනගත්තේ අද...ධර්මපාල ඔයා හරියටම හරි.කවද හරි අපිට ම රට නැතිවෙනවා මෙහෙම ගියොත්.පිළිලය දැන්ම විනාශ කරොත් ගහ රැකගන්න පුළුවන්. (ස)
විසදුම් ලැබුණා නම් කමක් නැහැ (නි)
බෝධීන් වහන්සේලා කපා ඉවත්කර මුස්ලිම් පල්ලි හදන එක සහ ඒවා න්වර්දන කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය බාරය බව දැනගත්තේ අද.(ස)
එතන පල්ලියක් තිබුනානම්, ඒක විනාශ කරන්න හොද නැහැ .එහෙම ආගමකටම අපි ගෞරව කරන්න ඕනි.ඔබලාගේ තීරණය බොහම හොද තීරණයක්. (ස)
ධර්මපාල, මටත් ඔයා කියනදේම තමයි කියන්න තියෙන්නේ.(නි)
ජයවේවා...! (නි)
ලොකු දෙයක්. (ස)
මේක අපේ රට... (නි)
බෝ ගස කැපීමට කිසීම අවශ්‍යතාවයක් නැත ඒක එතනම තිබුණාදෙන්. කිසීම බෞද්ධ සහෝදරයෙකුගේ සිත් රිද වීමක් ඉස්ලාම් අනුමත නොකරයි.(නදී)
බෝ පැලයක් දවසකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දකින් ලොකුවට වැඩෙන්නේ නැහැ කියලා ඕනෙම මෝඩයෙක් වුනත් දන්නවා. අපිට පෙන්වන්න බැරිද ඔය බෝ ගසේ ෆොටෝ එකක් සහ ඔය කියන පල්ලියේ ෆොටෝ එකක්. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් කව්ද ඔතනට මුලින්ම වැඩියේ කියලා.(නදී)
පල්ලියක්, පන්සලක්, බෝ ගහක්, කෝවිලක් කියන්නේ මිනිස්සු වැද පුදා ගන්න ස්ථාන, ඒ වලින් හොදක් මිසක් නරකක් වෙන්නේ නෑ, මොකටද අපි ගහ මරා ගන්නේ ?(නදී)
ඔතන මුලින් තිබුනේ ප්‍රජා ශාලාවක්. ඊට පස්සේ අනවසර ගොඩ නැගීමක් නිසා අදිකරණය පල්ලිය ඉවත් කරන්න කිව්වා. එහෙම උනේ නැති නිසයි අපේ අය ගැහුවේ .ඉතින් මේ තීරණේ හරිද. අනාගතේ පැහැදිලියි. ඉල්ලන හැමෝටම අයිති වාසිකම් දෙන්න ගියොත් මේ පුංචි රට අපිට ඉතුරු වෙයිද?(නදී)
පින්වත් මහතුනි, තම තමන්ගේ මනස දියුණුකර හිතන්න පුරුදුවෙන්න (නි)
මංජුල කියපු කතාව හරියටම හරි (දී)
සහජීවනයෙන් වැඩ කරන්න (දී)
ලංකාවට ගිය කලක් (දී)
රජය මුස්ලිම් ජනතාවට වෙන හිරිහැර ගැන ප්‍රකාශ ඉදිරිපත් කරන්න වෙලාව තියෙනවා. නමුත්,දඹුල්ල පන්සල ආක්‍රමණය,හලාල් ප්‍රශ්ණය,නැගෙනහිර දාගැබ් සංහාරය වගේ බෞද්ධ ජනතාවගේ ප්‍රශ්ණවලට නිවට පතිවත රකිනවා. මම නම් ඊළග මැතිවරනයටත් සුබ අනාගතයක් තමයි. අනේ අපේ ලේ රත්වෙන්නේ මේවගේ වෙලවකට තමයි.(නදී)
වසර දහස් ගණනක් තිස්සේ බුදුන් පිදූ දේශය මෙය බව බෞද්ධයන්ට අමතක වෙලාද? සමහර විට දේවස්ථානය ඊටත් වඩා පරණ එකක් වෙන්න ඇති (නි)
ආඩම්බරයි හසන්ත මහත්තයෝ. මේව දකින්න අපි කොච්චර පිං කරල තියනවද? (නදී)
දනුෂ්ක සහජීවනය ගැන කථා කරන ඕන කෙනෙකුට කියන්නේ වීරපුරන් අප්පුලා ,ගොන්ගාලේ ගොඩ බණ්ඩලා, අදටත් නැවත ඉපදිලා ඉවරයි. ලඟදීම බලාගන්න පුලුවන් සිංහල ලේ තියෙන නියම සිංහලයන්ගෙන් ඉල්ලන්නේ එකතුවෙන්න, අපි වෙනුවෙන් නෙවෙයි. අපේ අහිංසක දුවා දරුවන් වෙනුවෙන්. නිවටයන්ට අපේ කිසිම ආරාධනක් නැහැ හොදේ.(අ)
මේ තීරණයට අකැමැති කට්ටියගේ අවශ්‍යකාවය පැහැදිලියි. ආගම දහමට තියෙන ආදරය බැදීම ගෞරවය නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද උබලා ඇන කොට ගන්නේ නැතුව මේක සුළුවෙන් අවසන් කර ගත්තෙ කියන ප්‍රශ්නය. මේක අවුලුවා ගත්තනම් කට්ටියගේ හොද්ද බොරයිනේ. කපුටු බෝදි වලට බෞදධයෝ වැදුම් පිදුම් කරන්නේ නැහැ. ඒවා ඔය හැම තැනම පැල වෙලා තියෙනවා. පුංචි ටිකිරි කොහොමද කාක බෝදි දන්නේ. වැලිවේරියේ ඉදල තලෙයිමන්නාරමට මිනී පා කරපු මනුස්සයනේ.(නදී)
රනිල් රෝසි, එයාගේ පුතා බලයට ආවොත් ඔයාලට මෙහෙම ලියන්න වත් බැහැ. මතක නැද්ද මිනිසුනේ? (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් , සම්පුර්ණ ඇත්ත බහුතර සිංහලයා මෙම සිද්දිය හෙලා දකීයි, මේ වීරලා වගේ ඉතා සුළුපිරිසක් හැර. (ස)
මෙම පුවත සම්පූර්ණ වුනානම් හොඳයි. නව පල්ලි ඉදිකිරීමට අවසර ලැබුනේ 2012 බුද්ධසාසන අමාත්‍යාංශයෙන් හේතුව පරණ පල්ලි ඉවත්කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් දැනුම් දීපු නිසා. දැන් පරණ පල්ලියට ආපසු යන්නලු ඇත්තටම මෙතන කෑ ගහන්න දෙයක් නෑ. (ස)
සිංහල අන්තවාදීන්ගේ පසුබැසීමක් , ඒ වෙනුවට මුස්ලිම් අන්තවාදීන්ගේ ජයක්ග්‍රහණයක්! රට යන අත රටේ බහුතරයට තේරෙනවද මන්දා රටේ ආගමික හෝ ජාතිකත්ව පදනමින් ප්‍රශ්න තිබෙනවානම් ඒවා විසදන්න ඕන මෙ ආකාරයට නොවේ මේ වගේ ප්‍රශ්න වලට ස්ථිර ජාතික විසදුමක් දෙන්න ඕන .එත් ඒක කරන්න රටේ ඉන්න පලකයන්න්ට උවමනාවක් නැහැ . එයාලට ඊට වැඩිය වැඩ තියනවා (ස)
මේක නියමයි. නැත්නම් හැමෝම ඉවරයි. (ස)
තේරුනේ නැහැ ඇමති තුමෝ ?????????????? (ස)
සතුටුයි..... (ස)
ආගම අතර ප්‍රශ්න ඇති වෙන්නේ අන්ත වාදින් ඉන්නකොටයි (දී)
අර කෙනෙක් බී බී සී එකට කිව්ව දේවල් ඇහුවාද?
මෙවන් ප්‍රශ්න ඇති වෙන්න කලින් මේවාට මැදිහත් වෙන්න තිබ්බා (දී)
මෙන්න සිංහල බෞද්ධ රටේ අනාගතය.ආසියාවේ ආශ්චර්යට ජයවේවා !
පිටබැද්දර ජයා.බන්දුල පෙරේරා කියන්නේ අනිවාර්යෙන්ම සිංහලයෙක්.කීයටවත් දමිළ නම් වෙන්න බැහැ .හරි හෝ වැරදි දමිළ මිනිසුන්ට ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙනවා.මේ අයට මොන ප්‍රතිපත්තියක්වත් නැහැ. (ස)
ප්‍රශ්න විසදන්න නොවෙයි ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරන්න
මෙන්න බන්දුල ආයේ සුපර්මාකට් යන්න අරගෙන.(දී)
පල්ලියෙ ප්‍රශ්ණෙට විසඳුම් දෙන්නෙ බෝ ගහ කපලා. ඔහොම යන්. තව අවුරුදු 40ක් යද්දි ශ්‍රී මහා බෝධිය කපල මුස්ලිම් පල්ලි හදයි. දළඳා මාළිගාව කඩලා පල්ලි හදයි. රුවන්වැලි සෑය, අවුකන පිළිමය ඔක්කොම කඩල පල්ලි හදයි. මේව ගැන කතා කලොත් අපි අන්තවාදියො. පල්ලිය දාන්න ඕන නිසා බෝ ගහ කපන්න කියන අය සැදැහැවත් ආගම් භක්තිකයො.(නදී)
මුස්ලිම් ජනතාවට පාක්ෂිකව දුන් තීන්දුවට අපගේ සුබ පැතුම්!(දී)
කොපමණ බල සේනා සිටියත් දෛවය විසින් ලැබුණු හොඳ තීන්දුවක්, ගොඩාක් සතුටුයි (දී)
කොපමණ සංවිධාන තිබුනත් ලැබුණු හොඳ තීන්දුවක්, ගොඩාක් සතුටුයි.(නදී)
මේක ඇමරිකා තානාපති තුමා සහ මුස්ලිම් රටවල තානාපතිවරුන්ට බය වෙලා ගත් තීරණයක්. (නදී)
සහජීවනය ගැන කථා කරන ඕන කෙනෙකුට කියන්නේ වීරපුරන් අප්පුලා ,ගොන්ගාලේ ගොඩ බණ්ඩලා, අදටත් නැවත ඉපදිලා ඉවරයි. ලඟදීම බලාගන්න පුලුවන් සිංහල ලේ තියෙන නියම සිංහලයන්ගෙන් ඉල්ලන්නේ එකතුවෙන්න, අපි වෙනුවෙන් නෙවෙයි. අපේ අහිංසක දුවා දරුවන් වෙනුවෙන්. නිවටයන්ට අපේ කිසිම ආරාධනක් නැහැ හොදේ.(නදී)
රජයට තවත් මනාප ගොන්නක්... අපේ සීයල ආච්චිලා කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා මේවා නොදැක... නොඅසා.. මියදුනාට ..!!(නදී)
මෙහෙම ප්‍රශ්න ඇති කරගන්න එක වැරදියි නේද? (නි)
ඉක්මණට මුහුදට යං.. අනවසර අවසර වෙලා.. තව ටික කාලෙකින් බෞද්ධයා මොනවා කලත් අනවසර වෙයි.(නදී)
මේ විදියට පල්ලි අටවන අටවන තැන තියන බෝ ගස්, පංසල්, බුදු පිළිම කඩ කඩා අපි ආගමික සහජීවනය රකිනවද? කවද වෙනකම්ද?(නදී)
මම නම් කියන්නේ මේ විසදුම විසදුමක් නොවෙයි මේක විස දුමක් (දී)
සැම පිරිසිදු හොද පරම් පරාවෙන් එන සිංහල මිනිස්සු මෙය තීන්දුව සාදාරන තීන්දුවක් කියල පිලි ගනී . සැම දෙනාම එකමුතුවෙන් ඉදන් රට ගොඩ නගමු (දී)
හැමදාම වෙන්නෙ ඕක. කොහේ හරි ටකරන් වලින් පල්ලියක් අටවනවා. ටික දවසකින් ලොකුවට පල්ලිය හදනවා. සිංහල මිනිස්සු එරෙහි වෙනවා. අන්තිම විසඳුම මුස්ලිම්ලට පල්ලියට අවසර හම්බ වෙනවා. ඒ ළඟ තියන අනිත් ආගම් වල 'බාධක' තියනවනම් ඒවත් අයින් කරල දෙනවා. ඊළඟට අරාබියෙන් සල්ලි එවලා එතන මාලිගාවක් වගේ පල්ලියක් හදනවා. මේව ගැන කතා කරද්දි අපේ සිංහලයොත් අපිට කියන්නෙ අන්තවාදි කියලා.(නදී)
ලංකාවේ නම කතා වෙන එක විතරයි වෙන්නේ (දී)
ආගමික සහජීවනය කියන්නේ ඕකට නොවෙයි (දී)
කාටද වැඩි වැසි (දී)
ඔබතුමාට යමක් කරන්න හැකි බව අපි දන්නවා.ප්‍රශ්න දික්ගැස්සෙන්න කලින්. (දී)
දන්නවද දෙපාර්ශවය කව්ද කියල ?
ලංකාව ගොඩ ගන්න නම් අමාරුයි (දී)
මේවයින් වෙන්නේ ලංකාවේ කැත වෙන එකයි
මෙය තමයි නියම සිංහල කම. බොහොම හොද දෙයක්.(නදී)
මේක පටන් ගැන්මක් විතරයි ඉස්සරහදි හුගක් දේවල් වලට සිංහල අපිට මුණ දෙන්න වේවි අන්තවාදින් රටේ හැම තැනකම (දී)
දුරදිග යන්න කලින් නවත්තා ගත්ත එක නම් හොදයි (දී)
හොදයි, හැම ආගමකටම අපි ගරු කළ යුතුයි.(නදී)
ඔවු ඉතින් කරුණු තේරුම් අරන් එක පාර්ශවයක් අඩියක් පස්සට තිබ්බම එතන තවදුරටත් හබයක් නැහැ.(නදී)
රජයේ අමාත්‍ය වරයෙක් නම් කියා තිබුනේ මෙය විදේශ කුමන්ත්‍රණයක් කියලා. එසේනම් සාකච්ඡා කල යුතු වන්නේ විදේශ තානාපති කාර්යාල සමග නොවේද ?නැතිනම් විදේශ කුමන්ත්‍රණ කෝකටත් තෛලයක් ලෙස පාවිච්චි කරනවාද ?(නදී)
ඔබතුමන්ලා පටන් අරන් ඔබ තුමන්ලම ඉවර කරනවා අනේ අනිච්චන්.(නදී)
බලාගෙන ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
ආගමික සහජීවනයක් ඇති කරන්න බැරිද (දී)
අනාගතයේ නැවත මෙවන් ප්‍රශ්න ඇති නොවේවා (දී)
ඉතාමත් හොඳ ආරංචියක්. ඔබ සැමට දෙවි පිහිටයි. අපි සැමදා සමගියෙන් සිටිමු.(නදී)
ඇයි මේ අපේ රටේ විතරක් මෙච්චර ආගමික සහජීවනයක්, මේ වගේ දෙයක් අරාබි රට වලට නැත්තේ ඇයි,මේ රටවල් වලත් මේවගේ ඇති කරන්න ඇයි මහා බලවතුන්ට බැරි ,අයියෝ සල්ලි.(නදී)
ෆස්රූල්-කාටාර්, ඔබේ ප්‍රකාශය වෙනස් කරගන්න කියලා මම කියනවා (නි)