IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ග්‍රොන් ප‍්‍රී ගොල්ෆ් ශූරයා තංගරාජා

ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් සංගමය සංවිධානය කළ ෆින් ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලාන ශ්‍රී ලංකා ‘ග්‍රොන් ප‍්‍රී’ ගොල්ෆ් තරගමාලාවේ (2011/12) ශූරතාව දිනාගත් එන්. තංගරාජා ඇතුළු ජයග‍්‍රාහී ක‍්‍රීඩකයන්ට සම්මාන පිරිනැමීම ඊයේ (28) කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේදී කෙරිණ. පසුගිය වසරේ ජුලි මසදී ආරම්භ වු මෙම තරගමාලාව වසරකට ආසන්න කාලයක් කොළඹ සහ නුවර ගොල්ෆ් ක‍්‍රීඩාංගණවලදී පැවැත්විණ. තරගාවලි 12 කින් සමන්විත තරගමාලාවේ තරගාවලි 11 කින් තරගාවලි නවයක් ජයගත් ශ්‍රී ලංකා අංක එකේ ගොල්ෆ් ක‍්‍රීඩක තංගරාජා දෙවැනි වුයේ තරගාවලි දෙකකදී පමණි. ඔහු තරගමාලාව අවසානයේදී ලකුණු 1590 ක් ලබා ගත්තේය. ලෝක ආධුනික ගොල්ෆ් සම්මේලන ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩක) තංගරාජා 76 වැනි ස්ථානයේ පසුවෙයි. තංගරාජා ආසියානු ගොල්ෆ් ක‍්‍රීඩකයන් අතරේ අටවැනි ස්ථානයේ සිටියි. තරගමාලාවේදී එන්. රංගා ලකුණු 1108 ක් ලබා දෙවැනි ස්ථානය දිනාගත් අතර විජිත බණ්ඩාර (ලකුණු 1106) තෙවැනි ස්ථානය ලැබීය. එම්. අරුමුගම් (978), සිසිර කුමාර (954), එම්. අමරපද්ම (912), චානක පෙරේරා (852), ධනූෂ පෙරේරා (777), ආර්. සුරේෂන් (758) සහ එම්. ප‍්‍රදීප් කුමාර (738) යන ක‍්‍රීඩකයෝ පිළිවෙලින් සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය ලැබුහ. ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් සංගමයේ සභාපති ආනා පුංචිහේවා මහතා විසින් ජයග‍්‍රාහී එන්. තංගරාජා ට ශූරතා කුසලානය පිරිනමන ලද අයුරු. (ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

ග්‍රොන් ප‍්‍රී ගොල්ෆ් ශූරයා තංගරාජා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site