2016-10-07-ent-15ජීවිතේ අත්දැකීම් බහුල සුන්දර කලා ශිල්පීන් රුසකට විවිධ අවස්ථාවලදී නොසිතූ විරෑ සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවා.

මෑතකදී ප්‍රවීණ කලා ශිල්පියකුටත් මෙවැනි සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණේ කාලෙකට පසුසේ ඔහුට විවේකීව ගෙදර ඉන්න ලැබුණ සති අන්තයකදී.

ඔන්න උදේම නැඟිටලා මේ ශිල්පියා මිදුල අතුගාලා ගස්වලට සාත්තු සප්පායම් කරන්න හිතාගෙන වැඩේට බැස්සලු.

නෝනා පැයෙන් පැයට තේ කහට එකක් එහෙම දීලා වැඩේට සපෝට් එකක් දුන්නා.

ඔන්න එක පාරටම මිනිහා දැක්කා ගැරඬියෙක් වත්තට ඇතුළු වෙනවා. ගැරඬියාට ඉතින් කවුරැත් හිංසා කරන්නෙ නැහැනේ. ඔය භූමිතෙල් ටිකක් ළඟ පාතක ඉස්සම ඌ පැත්ත පළාතේ ඉන්නේ නෑ ඒ ගඳට.

දැන් ගැරඬියා දැක්ක ගමන් මේ ශීල්පියා ගේ ඇතුළෙ හිටිය නෝනට කතා කරලා කිව්වලු ගැරඬියෙක් වත්තට ඇවිත් භූමිතෙල් බෝතලේ ගේන්න කියලා.

ඔන්න බොලේ නෝනා කඩාගෙන අාවලු එයාගේ ජංගම දුරකතනය අරගෙන.

“කෝ භූමිතෙල් බෝතලේ?”

“ගේන්නම් ගේන්නම් ඉස්සෙල්ලම උගේ ෆොටෝ එකක් ගමුකෝ මේ ෆෝන් එකෙන්. ඊට පස්සේ ඌව එළවමු.”

 

DESHAYA