නුවරඑළියේ ග්‍රෙගරි වැව බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති විස්තර පුවරුවේ දැක්වේ .
ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයේ සිතියමක්ද පෙන්වා එහි යටින් සදහන් කැර ඇත්තේ කළුතර බුලත්සිංහල විස්තරයකි.
නුවරඑළියේ ග්‍රෙගරි වැව බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති විස්තර පුවරුවේ දැක්වේ .
ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයේ සිතියමක්ද පෙන්වා එහි යටින් සදහන් කැර ඇත්තේ කළුතර බුලත්සිංහල විස්තරයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණ කර මෙය ලියපු කෙනා සහ ඔහුගේ/ ඇයගේ සේවා අංශය,අමාත්‍යංශය පිළිබඳවත් කියන්න.වහාම සේවය අත්හිටවිය යුතුයි. (නි)
මේ වැරැද්ද මේ තරම් දුර දුග ගියේ කොහොමද? කවුරුවත් මේක කියෙව්වේ නැති බව පේනවා. (නි)
එක් කෙනෙක්වත් නම් බලලා නැහැ නේද? කොහොමද මොවුන්ගේ අනිකුත් රාජකාරි? හොඳට හිතාගන්න පුළුවන්. (නි)
ආසියාවේ ආශ්චර්ය!! අදෝමැයි (නි)
ඔය බෝඩ් එක සැලසුම කරපු කට්ටියගේ ඉඳල මුද්‍රණය කරපු කට්ටියට එනකම් රටේ පළාත් ගැන දැනුමක් නැති බව පෙනෙනවා .. ඒ වගේම බෝඩ් එක අදාළ ස්ථානයේ සවිකරන්න ගිය කණ්ඩායමේත් එක කෙනෙක්වත් කිසිම දැනුමක් අධ්‍යාපනයක් නැති පිරිසක් බව පේනවා .. මෙහෙවූ පිරිස් තමයි මේ රට දියුණු කරන්න මේ වැඩ කටයුතු කරමින් ඉන්නේ .. අනේ ඇත්තට මේක සැලසුම් කරලා මුද්‍රණය කරලා ප්‍රවාහනය කරලා හයිකරන්න ඉස්සෙල්ල ඕක කියවල තේරුම් ගන්න කිසිම කෙනෙක් මේ මුළු ක්‍රියාවලිය තුලම ඉඳල නැති බවයි පැහැදිලිවම පෙනෙන්නේ ...ඒ වගේ අයටමේ වගේ වැඩක් බාරදීපු අය ගැනත් හිතාගන්න පුළුවන් ... (දී)
මධ්‍යම පරිසර අදිකාරිය......අනේ මන්ද මේ අයට රටේ කපා දාන ගස් ටිකවත් රැකගන්න බැහැ. එකක් වත් නිවැරිදිව ලියාගන්න බැහැ. වැරදුනත් නිවැරිදි කරගන්න බැහැ. මේ අයට දෙන පඩි අපරාදේ. (දී)
යන්තම් සුද්දෝ මේ පළාත ලස්සනට හදලා අපිට බාරදීලා ගියා ...සුද්ද ගල විදලා මුලුරටේම ජනතාවට මේ ලස්සනට හදලා දීපු පළාත බලන්න යන්න දුන්නේ නැත්නම් මේ බෝඩ් එකක්වත් හරියට හදාගන්න බැරි ජනතාව තාම යන්නේ කඳු හෙළ බඩගාගෙන බවයි මට හිතෙන්නේ .(අ).
සිරිපාලයා නුවරඑලි ගිය වගේ කියල කතාවක් හැදෙයි, ලංකාවේ ඉන්න අපිට කියල දෙන්න යනවා නුවර එලි යන්න ඕන විදිය,බණ්ඩා කොළඹ ගියාට හපන් සිරිපාලයා නුවර එලි ගිය කතාව (අ)
පුදුම විහිළු සපයන්තන්ක්නේ ලංකාව,මන්ත්‍රී,අමතීලට අමතරව නිලදාරිනුත් පටන් අරන් , ඔබ ගන්න වැටුපට සාදාරණක් කරන්න . (අ)
කොලොම්බස් ඇමෙරිකාවට ගිහින් කිව්වේ ඒක ඉන්දියාව කියලනේ. ඉතින් මේක මොකක්ද? වැඩිය එක එක ඒවා කියන්න ගිහින් මේ වැව බුලත්සිංහලට අරන් යන්නත් ඉඩ තියෙනවා (අ)
බාල ටෙන්ඩර් එකකින් කරලා ඇත්තේ ඔය බෝර්ඩ් ටික. (අ)
මම හිතුවේ හම්බන්තොට පැත්තේ මත්තලට කිට්ටුව කියලා (නි)
පාලිත ගේ ඉස්පිලි පාපිලි කතාවනම් නියමම තමයි .
අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕවට තමයි. (නි)
බුලත්සිංහල පැත්තේ ස්වභාවික වගුරු වනාන්තරයක් තියෙනවා.සමහරවිට පරිසර අධිකාරියට ඒකත් එක්ක පටලැවිල්ලක් වෙන්න ඇති. ඒකෙයි මේකෙයි 1 එකපාර බෝර්ඩ් ගහන්න දීලා වැඩේ කලවම් කරගෙන.නිලධාරීන්ට කොච්චර හොදට වැඩක් කරගන්න පුලුවන්ද කියලා මේකෙන්ම පේනවා... (නි)
ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ.. අපේ අය ඔහොම කරන්නෙ නැහැ (නි)
අහෝ අකිල විරාජ්! (නි)
ටික දවසකින් යාපනයත් බස්නාහිරට ඇඳා ගනීද කවුරුහරි? (නි)
මේ ජාතික ධනය වැය කර කරන වැඩ.අපි රු 20 ට කරන වැඩයට මෙයාල රු 60 පමණ වැය කරනවා. නමුත් වැඩ මෙහෙමයි. (නි)
කොහොමද ආශ්චර්යමත් නිලධාරීන්ගේ වැඩ? (නි)
බුලත්සිංහලට නුවරඑළිය කියමු. නුවරඑළියට බුලත්සිංහල කියමු. සිම්පල් ප්ලැන් එකක්නේ .. (නි)
අනේ ෂෝක්. මින්පස්සේ නුවරඑළිය බලන්න යන්න කඳුහෙල් ගිරිදුර්ග පසුකරන්න ඕනෑ නැහැ. කොළඹ ගිය වෙලාවක ඒකත් බලාගෙන එන්න පුළුවන්. (නි)
ඕක මොකක්ද? මේක ආසියාවේ ආශ්චර්යද මොකක්ද එකක් කියලා කවුදෝ කියලා තියෙනවනේ. (නි)
මේක සත්‍යයයි. මොකද අපේ රට පාලනය කරන්නේ ඇමරිකාව සහ යුරෝපයයි. අපේ අය අහන්නේ චීනය කියන දේ. උතුර නැගෙනහිර දෙශපාලකයින්ගේ නායකයින් ඉන්නේ ඉන්දියාවේ. මානව හිමිකම් සමබන්ධව ක්‍රියා කරන්නේ එක්සත් ජාතීන්ගේ සංගමය.බුලත්සිංහලින් ග්‍රෙගරි වැව පාලනය කළහම මොකෝ. (නි)
නියමයි නියමයි. ඔහොම යමු (නි)
බලාගෙන යනකොට ඒකත් තියෙන්නේ බොහොම කිට්ටුවනේ. අපරාදේ මෙච්චර දවසක් හිටියේ. බෝට්ටු පදින්න යන්නත් තිබුණා ! (නි)
බස්නාහිර ඇත්තෙ නුවර එළියෙලු. (ස)
ඒගොල්ලෝ නවීන තාක්ෂණය යොදාගෙනත් මෙහෙම කරනවානේ?
ඕක කොහේට අයිති එකක් වුණත් ඕක තියෙන්නේ නුවරඑළියේ. හවස 6 වෙනකොට අදුර වැටෙනවා මේ හරියට. විඩාව නිවා ගන්න නිවාඩුවක් ගත කරන්න තියෙන හොදම තැනක් මේක. සීතල හුලගට හිරි ගඩු පිපෙනවා මෙතන ඉන්නකොට. සීතලේ යාලුවො එක්ක ඇග රත් වෙන්න මොනවාහරි ගන්න ගමන් උණු උණු බයිට් එකක් හප හපා හෙමිහිට සින්දුවක් මුමුණන්න කියාපු තැන....ගිහින් බලන්න බොරු නම්.හොදම දේ තමයි ඕනෑ කරන ඔක්කොම ජාති අරගෙන යන්න.පුලුවන් නම් අතේ ගෙනියන්න පුලුවන් බාබකිව් ග්‍රිල් එකකුත් අරගෙනම යන්න. (නි)
දැන් මේක ගලවන්න හොරෙන්ම කට්ටියක් එයි. කරුණාකර එම ඡායාරූපත් පලකරන්න (නි)
දැන් කියාවි බෝඩ් එක ගැහුවට තාම සල්ලි ගෙවල නැහැ කියලා. අර අදි වේගේ පාලම කඩා වැටුනමත් ඇමතිතුමා කිව්වේ.(නදී)
සමහර කාර්යාල වලට වැඩක් කරගන්න ගියාම හැදුනුම්පතේ ඉස්පිල්ල, පාපිල්ල වෙනසට හරවලා යවනවා, ඒවා හදාගෙන එන්න කියලා. මාස අවුරුදු ගණන් රස්තියාදු කරවනවා. මේ පේනවනේ. මේවට ඉතින් හූ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? (නි)
මේක නාම පුවරුව හැදුවේ කවුද? (නි)
දැන් කවදාද දන්නේ නැහැ මේ වැව බස්නාහිරට ගෙනියන්නේ? ඇත්තටම මේ නිලධාරීන්ට මොලයක් නැද්ද, කියවලා බලන්න තරමට ? (නි)
මගේ උපන් ගම බුලත්සිංහල සීට් එකේ මහගම. මේ කිට්ටුව තියෙන්නේ කුකුලේගග පමණි වැවක් ගැන නම් අහලා නැහැ .දැන් නම් අපේ පළාතේ දේශගුණය නුවරඑළියට සමනයි.ඒ නිසා නිලධාරීන්ට වරදින්න ඇති .... (නි)
සිරිපාල ඔබ කොහොමද ඕක නුවරඑළියේ තියෙනවා කියන්නේ? ආණ්ඩුවෙන්ම තමයි කියල තියෙන්නේ බස්නාහිර පළාතේ තියෙනවා කියල. (අ)
හදපු මිනිසාගේත් වැරැද්ද, බලපු නිලධාරියාගේත් වැරැද්ද, සවි කරපු මනුස්සයාගේත් වැරැද්ද. සුභ අනාගතයක් (නි)
නාම පුවරුව හදපු කෙනා ඕක හදන්නේ ලියා දීපු විදියටනේ. ඕක ලියා දීපු කෙනාත් මේක කියවලා බලන්නේ නැතුව මෙතන සවිකරපු කෙනාත් මේකට වග කියන්න ඕනෑ. දැන් මේ වැඩ ඔක්කොටම මුදලුත් ගෙවලා කොමිස් එකත් සාක්කුවේ දාගෙන ඉවර ඇති. මේ ග්‍රෙගරි වැව අද ඊයේ හදපු එකක්ද? (නි)
ඕක මොකක්ද ? මේ පසුගිය දිනයක ජාතික කියාගන්නා පුවත්පතක තිබුනේ කැළණි ගඟේ වතුර වැඩිවෙලා රත්නපුරය යටවෙන්න යනවා කියලා ඔහොම යං අස්චාර්ය අතළඟ (අ)
ඕකට තමයි ශාක්සරතාවයෙන් අපි ඉහළින් ඉන්නවා කියන්නේ (නි)