ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි අළු පැස්තුඩුවකු නුවර එළියේ ග්‍රෙගරි වැවට පැමණ සිටියි. එම විශේෂයේ පක්ෂියෙක් තෙත් කඳුකර පරිසරයක් සහිත නුවරඑළියෙන් මෑත කාලීනව වාර්තා වී නැතැයි පරිසරවේදීහු කියති.
මේ දිනවල සංචාරක පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බැවින් බොහෝ දෙනකු මේ පක්ෂියා විදෙස් රටක සිට පැමිණෙන්නට ඇතැයි සිතති. අළු පැස්තුඩුවා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කැරගත් පක්ෂියෙකි. මෙරට වියළි කලාපයේ සෑම ස්ථානයක ම දක්නට ලැඛෙන අළු පැස්තුඩුවන් වියළි කලාපයේ විශාල ජලාශයන්හි රංචු වශයෙන් ගැවසෙන අතර කොළඹ බේරේ වැව, අත්තිඩිය වැනි තෙත් කලාපීය ස්ථානවලද දක්නට ලැඛෙයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා කාම්බෝජය වැනි රටවල විශාල ව්‍යාප්තියක් දක්නට ලැඛෙන අළු පැස්තුඩුවා, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශයේ ද දක්නට ලැබෙයි. අළු පැස්තුඩුවා සෙන්ටිමීටර 125 ක් 150 ක් පමණ විශාලත්වයෙන් වැඩෙන සත්ත්වයෙකි. වැඩුණු සතකුගේ බර කිලෝ හතරක් හෝ හයක් පමණ වෙයි. අළු පැහැයට හුරු සුදු වර්ණයෙන් යුතු අළු පැස්තුඩුවාගේ ගෙල අළු පැහැතිය. වල්ගය දුඹුරු පැහැතිය.
බිත්තර දමන සමයේ දී වඩාත් රංචු වශයෙන් ජීවත් වන මේ පක්ෂීන් අනෙක් කාලයේ වඩාත් වැඩි දුරකට ව්‍යාප්තව සිටින බව පරිසරවේදීන් පවසයි.
වියළි කලාපය වාස්සථාන කැරගෙන සිටින අළු පැස්තුඩුවන් නුවරඑළියට පැමිණීම සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා කුරුළු සංගමයේ සහ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ සාමාජික පක්ෂි විද්‍යාඥ හේමන්ත සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.
‘අළු පැස්තුඩුවන් ශ්‍රී ලංකාවට සංචාරක පක්ෂීන් නොවෙයි. ඔවුන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වර්ෂය මුළුල්ලේම ජීවත්වන නේවාසික පක්ෂීන්. මේ පක්ෂියා විශාල දුරක් පියඹා යනවා. ඒ වගේම අහසේ ඉහළට යනවා. සාමාන්‍යයෙන් පසුගිය දිනවල දිවයිනේ නැගෙනහිර පළාතේ තිබූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කලබල වූ අළු පැස්තුඩුවෙක් ග්‍රෙගරි වැවට පැමිණියා විය හැකියි. මේ පක්ෂියාගේ ඉදිරි හැසිරීම් ගැන අවධානයෙන් සිටීම වැදගත් වනවා. ඇතැම් විට මේ සත්ත්වයා නැවත දින කිහිපයකින් වියළි කලාපයට යා හැකියි ‘
ශ්‍රී ලංකාවේ බහුල ව්‍යාප්තියක් දක්නට ඇතත් අළු පැස්තුඩුවා ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝගම් ගිය කෙනෙක් කියල මම නම් හිතන්නේ ,අපි නොදන්න පැසි තුඩුවො. (නදී)
බුලත හදපු මහියංගනේ වැවෙත් මුන් ඉන්නව. (අ)
මෙයාව හදාගන්න අමාරු නිසා මොන්ටෙරෝවකින් පැමිණ රාත්‍රී කාලයේ මෙහි අතරමන් කර ගියා වත්දෝ?(නදී)
මෙය සම්පතක් කරගෙන මෙවන් සුන්දර දසුන් වැඩිකර ගැනීම සදහා මේ සත්තුන් මිනිස් යකුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ප්‍රාදේශීසිය බලධාරින්ගේ යුතුකමකි. ඒ යුතුකම හරියට කරයිද? (නි)
තනියෙන් තියන්න එපා ජෝඩු කරමු නුවරඑළියේත් බෝකරමු (ස)
මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක්. (නි)
මෙයාව කවුරුහරි බයිට් එකට ගනීවිද දන්නේ නැහැ නේද
තනියම මොකද? (නි)
මේ අර එසැණ වාර්තා වූ ග්‍රෙගරි වැව දැන්වීම් පුවරුව නිසා අතරමං වූ කෙනෙක්ද? (නි)
ඔසිවල මේ කුරුල්ලා හැම ජලාශයකම ඉන්නවා. මෙයාගේ නම පෙලිකන්.මෙය කෑම හපන්නේ නැහැ හොටෙන් අල්ලලා ගිලිනවා. කෑම පහසුවෙන් ගිලින්න උගුර ලොකු වෙනවා. (නදී)
මේ මිනිස්සු සත්තුන්ටත් අපහස කරල අදහස් දානවනේ. (ස)