බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ සිහිපත්කර පින් පැමිණවීමේ පින්කම් ලන්ඩන් බෞද්ධ විහාරයේ සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ගුරුගේ මහතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම විහාරස්ථාන දෙකෙහිම වැඩ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගී විය.
පින්කම් සඳහා ඒ මහතාගේ ඥාතීන් වන ලන්ඩන් නුවර පදිංචි මිල්ටන්, බෙනට් සහ පත්මා හෙට්ටිගොඩ සමඟ ඒ මහතා සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරු කාලයේ සිට සමීප ඇසුරක් පැවැත්වූ ආචාර්ය සුභද්‍රා සිරිවර්ධන, හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ හිත මිත්‍රාදීහු බොහෝ පිරිසක් සහභාගී වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරයේ පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් සහ විහාරවාසී මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සීලවිමල නාහිමියන් " ලන්ඩන් බෞද්ධ විහාරයේ සියලුම ආගමික වැඩකටයුතු සඳහා බොහෝ කාලයක සිට සහයෝගය දැක්වූ ගුරුගේ මහතාගේ හදිසි අභාවය විහාරස්ථානයට පමණක් නොව ශ්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් බොහෝ දෙනෙකුට සිදුවූ අති විශාල පාඩුවක්" බවය.
සැප්තැම්බර් 21 වැනි දින ලන්ඩන් නුවරදී පැවැත්වෙන අනගාරික ධර්මපාල ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබුණේ ගුරුගේ මහතාට බව සිහිපත්කළ නාහිමියෝ බෞද්ධ ඳර්ශනය පිළිබඳ විශාරද දැනුමක් හිමිකරගෙන සිටි ජගත් කීර්තියට පත් විද්වතෙකු වූ ගුරුගේ මහතාගේ වියෝවෙන් සිදුවූ හිදැස පිරවීම පහසු නොවන බවද අවධාරණය කළේය.
කින්ස්බරි සද්ධාතිස්ස විහාරස්ථානයේ පැවති පිංකමට විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නය සහභාගී වුහ.
ගුරුගේ මහතා විහාරස්ථානය සමඟ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සමීප ඇසුර අගේ කළ පියදස්සි හිමියෝ ගුරුගේ මහතා සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තායිලන්තයේ බැංකොක් බෞද්ධ විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා මුලිකව ක්‍රියාකළ බවද සඳහන් කළහ.
" සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය හිමිකරගෙන සිටි ආචාර්ය ගුරුගේ අතින් සිදුවූ විශිෂ්ට ක්‍රියා අතරින් චීන බසින් ලියා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි බසට පෙරැළීම ප්‍රධාන වන බව ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ජාත්‍යන්තරයේ බැබලුනු ශ්‍රේෂ්ටතම බෞද්ධයාය. ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයට ගෙනගිය මහාචාර්ය මලලසේකරට පසු බිහිවූ එකම බෞද්ධයාය. එම අඩුව පුරවන්නට කෙනෙක් නැත. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංවිදාන ඔහු වෙනුවෙන් මොනවද කලේ? (නදී) ලජ්ජි! ලජ්ජි!
ගරු රුහුණුපුත්‍ර ආනන්ද මැතිඳුනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. ඔබතුමාගේ අතිවිශිෂ්ට ඉංග්‍රීසි පරිවර්ථනයක් වන මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තන ග්‍රන්ථය අදටත් මා කියවමි. (නදී)
මොහු සුගතියක ඉපදේවා කියා පතමු. (නි)
ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. (නි)