බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ සිහිපත්කර පින් පැමිණවීමේ පින්කම් ලන්ඩන් බෞද්ධ විහාරයේ සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ගුරුගේ මහතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම විහාරස්ථාන දෙකෙහිම වැඩ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගී විය.
පින්කම් සඳහා ඒ මහතාගේ ඥාතීන් වන ලන්ඩන් නුවර පදිංචි මිල්ටන්, බෙනට් සහ පත්මා හෙට්ටිගොඩ සමඟ ඒ මහතා සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරු කාලයේ සිට සමීප ඇසුරක් පැවැත්වූ ආචාර්ය සුභද්‍රා සිරිවර්ධන, හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ හිත මිත්‍රාදීහු බොහෝ පිරිසක් සහභාගී වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරයේ පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් සහ විහාරවාසී මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සීලවිමල නාහිමියන් " ලන්ඩන් බෞද්ධ විහාරයේ සියලුම ආගමික වැඩකටයුතු සඳහා බොහෝ කාලයක සිට සහයෝගය දැක්වූ ගුරුගේ මහතාගේ හදිසි අභාවය විහාරස්ථානයට පමණක් නොව ශ්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් බොහෝ දෙනෙකුට සිදුවූ අති විශාල පාඩුවක්" බවය.
සැප්තැම්බර් 21 වැනි දින ලන්ඩන් නුවරදී පැවැත්වෙන අනගාරික ධර්මපාල ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබුණේ ගුරුගේ මහතාට බව සිහිපත්කළ නාහිමියෝ බෞද්ධ ඳර්ශනය පිළිබඳ විශාරද දැනුමක් හිමිකරගෙන සිටි ජගත් කීර්තියට පත් විද්වතෙකු වූ ගුරුගේ මහතාගේ වියෝවෙන් සිදුවූ හිදැස පිරවීම පහසු නොවන බවද අවධාරණය කළේය.
කින්ස්බරි සද්ධාතිස්ස විහාරස්ථානයේ පැවති පිංකමට විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නය සහභාගී වුහ.
ගුරුගේ මහතා විහාරස්ථානය සමඟ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සමීප ඇසුර අගේ කළ පියදස්සි හිමියෝ ගුරුගේ මහතා සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තායිලන්තයේ බැංකොක් බෞද්ධ විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා මුලිකව ක්‍රියාකළ බවද සඳහන් කළහ.
" සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය හිමිකරගෙන සිටි ආචාර්ය ගුරුගේ අතින් සිදුවූ විශිෂ්ට ක්‍රියා අතරින් චීන බසින් ලියා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි බසට පෙරැළීම ප්‍රධාන වන බව ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද හිමියෝ කීහ.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගුරුගේ සිහිකර ලන්ඩනයේ පින්කම්
සංජය ප්‍රනාන්දු Tuesday, 12 August 2014 03:43 AM
ඔහු ජාත්‍යන්තරයේ බැබලුනු ශ්‍රේෂ්ටතම බෞද්ධයාය. ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයට ගෙනගිය මහාචාර්ය මලලසේකරට පසු බිහිවූ එකම බෞද්ධයාය. එම අඩුව පුරවන්නට කෙනෙක් නැත. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංවිදාන ඔහු වෙනුවෙන් මොනවද කලේ? (නදී) ලජ්ජි! ලජ්ජි!
චානුක ප්‍රේමතිලක Monday, 11 August 2014 12:37 PM
ගරු රුහුණුපුත්‍ර ආනන්ද මැතිඳුනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. ඔබතුමාගේ අතිවිශිෂ්ට ඉංග්‍රීසි පරිවර්ථනයක් වන මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තන ග්‍රන්ථය අදටත් මා කියවමි. (නදී)
සත්‍යයා Monday, 18 August 2014 12:53 AM
මොහු සුගතියක ඉපදේවා කියා පතමු. (නි)
දුලනි Monday, 18 August 2014 01:17 AM
ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. (නි)