IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුරාගේ වාචාල කට සිසුවියට විෂය කරුණු අමතක කරලා

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා  කොළ ඉල්ලා සිටි  අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කම්පනයට පත් වූ  නිසා  අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගෙ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද දන්නේ නැහැ යැයි කියා එම විභාග පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත් ඔහු ගැන තොරතුරු කීමට තමා නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම පොලිස් නිලධාරියා කීය.

;



අදහස් (13)

ගුරාගේ වාචාල කට සිසුවියට විෂය කරුණු අමතක කරලා

Prase Thursday, 02 February 2023 08:22 AM

අනිවාර්යයෙන් ඔය ගෑනු ලමය මානසික රොගි‌ෙයක්, හැකි ඉක්මනට පාසලෙන් අයින් කරල අන්ගොඩ ට බාර දෙන්න, පුලුවන් නම් ෆැමිලි එ‌‌කේ අයත් එම වාට්ටුවටම දාන්න

:       48       6

චින්තක Thursday, 02 February 2023 11:27 AM

සිසුවිය නොදන්නා ගුරුවරයා කවුද කියලා මේ අදහසින් පේනවා

:       1       9

දිමුත්Thursday, 02 February 2023 11:56 AM

තමනුත් මොලේ බලවා ගත්තා නං හොඳයි.

:       0       9

Rata PerataThursday, 02 February 2023 12:53 PM

සමහර මානසික ලෙඩ්ඩු මේකේ අදහසුත් දානවා. මොවුන්ට අනුකම්පා කරමු.

:       0       7

kamalThursday, 02 February 2023 01:19 PM

මේ ඒ වාසල ගුරාද?

:       0       8

HThursday, 02 February 2023 06:04 PM

මෙන්න මෙයා තමයි ඒ වාචාල ගුරා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 February 2023 08:37 AM

විභාගේ ලියන සිසුවියට ඒ ගුරා එසේ කිව්වා නම් ඒ ගුරා නොදකින් ...

:       0       37

Senarath Thursday, 02 February 2023 09:43 AM

උගන්නපු එකෙක් නම් වෙන්න බැහැ .නැත්නම් ඒ ඒ විෂයට අනුව පිළිතුරු ලිනීමට වැයවෙන කොළ ප්‍රමාණය වෙනස් වෙනවනේ .ඒ ඇරත් මේක එයාගේ වියදමෙන් දෙන එකක් නෙමෙයිනේ .කතා කරන්න දන්නේ නැති වසලයෙක්

:       0       32

senaThursday, 02 February 2023 10:43 AM

හරියටම හරි .මූ වසලයෙක්මයි .ඒකට අපේ කාලේ ගුරුවරු

:       0       23

නෙළුම් Thursday, 02 February 2023 10:29 AM

ළමයින් ගැන කිසිදු දැක්මක් නැති අවබෝධයක් නැති මෙවැනි නිලධාරින් මෙවැනි ජාතික කර්තව්‍යයන් වෙනුවෙන් යොදා ගැනිම ඉතාමත් වැරදි සහගත කාර්යයක් බව වටහා ගැනිම මෙන්ම ඉදිරියට මෙවැනි නිලධාරින් අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රඳවා නොගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම විභාග දෙපාර්තමේන්තුව ද වගබලා ගතයුතුයි.

:       1       37

බද්රානි Thursday, 02 February 2023 02:55 PM

ඔය වගේම අමනෝඥ, "ජීව විද්‍යාව" උගන්වන ටියුෂන් ගුරාලා රැලක් මේ රටතුල සිටිනවා. ඒ ටියුෂන් කාරයින්ගෙනුත් අපේ දරු පරපුර ගලවාගත යුතුයි. කොහේද ඉතින් මෝඩ දෙමව්පියෝත් දැන් විද්‍යා ගුරුවරුන්ගෙන්නේ ඉතිහාස පාඩම් ඉගෙන ගන්නේ...

:       0       0

චන්දන Thursday, 02 February 2023 03:39 PM

පන්තියේ හරියට උගන්නන්න බැරි, එසේ නොකරන එවුන් මෙන්න මෙහෙම තමා. මේකා හොර ගුරෙක්. මේ වගෙම ප්‍රතිඵලය ක් තමා ලැබිල තියෙන්නේ කවදාවත් පන්තියක උගන්වා නැති එවුන් අධ්‍යාපන පරිපාලන සේවා විවෘත විභාගය ට ලියල විදුහල්පති විදියට ජාතික පාසල් වල ට පත්වීමෙදිත්. ඒවායේ පාසල් පිටින් ම විනාශයි . රෝයල් ,විශාඛා ,ධර්මාශෝක ,මහින්ද ,රිච්මන්ඩ් මේවා සියල්ල ඉවරයි .

:       1       4

nihal Tuesday, 07 February 2023 12:50 AM

මේ ගුරුවරයා කියන බූරුවා මන්ත්‍රී පන්දමෙන් ආපු සුදුසුකම් නොමැති එකෙක් ..... prase.....තමුනුත් ඒ ජාතියේම වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site