IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘ගුරු හිගය ලොකු ප්‍රශ්නයක්“

ලොව දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක සාර්ථක කරගැනීමට නම් 2030 වනවිට ගුරුවරු ලක්ෂ 690ක් අලුතෙන් බඳවාගැනීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය අනතුරු අඟවා ඇත. මෙය අද ලෝක ගුරු දිනයේ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්වූ පුවතක් බවට පත්ව ඇත.

එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝක නායකයන් විසින් එළැඹ ඇති එකඟතා ක්‍රියාත්මක කිරීමට මෙම අභියගෙය ජයගත යුතු බවයි. වර්තමානයේ දරුවන් ලක්ෂ 2630ක් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය සඳහා පාසල්වලට ඇතුලත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද එම වාර්තාවෙන් පෙන්වාදෙයි. එම දරුවන් අතර කිසි දිනක පාසල් යාමට අවස්ථාවක් නොලැබෙන දරුවන් ලක්ෂ 250ක් සිටීම ද බරපතල ගැටලුවකි. දැඩි දරිද්‍රතාවය හා යුද ගැටුම් හේතුවෙන් මේ දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමිවන බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් අවශ්‍යව ඇත්තේ අප්‍රිකාවට හා දකුණු ආසියාවටය. අප්‍රිකාවට පමණක් ගුරුවරු ලක්ෂ 170ක අවශ්‍යතාවක් ඇත. ගුරුවරුන්ගේ අවශ්‍යතාව වැඩිවෙමින් පවතින්නේ ලෝක ජනගහණය වැඩිවීම හේතුවෙන් බව ද එම වාර්තාව පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් ඉතා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලෝකයේ අධ්‍යාපන ක්‍රියාවලිය පිරිහීමකට ලක්වන බවත් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වන බවත් එම වාර්තාවේ දක්වා තිබේ. වැඩිම ගුරු අවශ්‍යතාව ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහාය.

එසේ වුව ද ගුරුවෘත්තියට අලුතෙන් එක්වන ප්‍රමාණය එන්න එන්න ම අඩුවෙමින් පවතී. බුරුන්ඩි, කෙන්යා, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ රටවල්, මලාවි සහ මොසැම්බික් රාජ්‍යෙයේ මේ තත්ත්වය ඉතා භයානක ලෙස දක්නට ලැබෙන බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි. අධ්‍යාපනය වෙනුවෙන් සිය කාලයෙන් අඩුම දායකත්වයක් දෙන්නේ නයිජීරියාව, දකුණු සූඩානය, බර්කිනා ෆාසා්, ඇෆ්ගනිස්තානය, මාලි හා චැඩ් රාජ්‍යයන්හි දරුවන් බව ද සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. ගුරුවරු නොමැතිවීම හේතුවෙන් මලාවි රාජ්‍යයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන පන්තිකාමරයක සිටින ළමයි සංඛ්‍යාව 100ට අධික වී ඇත. මෙය ළමයින්ගේ අධ්‍යාපනය සඳහා බරපතල ගැටළුවකි.

කෙසේ වුව ද ඉතියෝපියාව, රවන්ඩි සහ ස්වාසිලන්තය වැනි රටවල් මේ ඉලක්කය කරා යාමට අවශ්‍යතරම් ගුරුවරු බඳවාගනිමින් පුහුණු කිරීමට සමත්ව සිටියි.

යුනෙස්කෝ සංවිධානය පවසන්නේ අඩු වැටුප් ලැබීම නිසා ගුරු වෘත්තිය ආකර්ශනීය රැකියාවක් නොවීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී තිබෙන බවයි. රැකියාවේ එම ස්වභාවය වැඩිපුරම ගැටළුවක් වි ඇත්තේ උපාධිධාරීන්ට බවත් තරඟකාරී වැටුපක් ලැබේනම් රැකියාවේ සුරක්ෂිත බව ගැන ඔවුන්ට යම් සහතිකයක් ලැබෙන බවත් සමීක්ෂණයකින් හෙළි වී ඇත. එසේ වන්නේ නම් ගුරු ගැටළුව විසඳා ගැනීමට යම් හැකියාවක් ලැබෙනු ඇතැයි ද එම වාර්තාව පෙන්වාදෙයි.
ලෝක නායකයන්ගේ අධ්‍යාපනික ඉලක්කය වන්නේ 2042 වර්ෂය වනවිට ප්‍රාථමික අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සියලු දෙනාම පාසල් වෙත යොමු කිරීමයි.



අදහස් (0)

‘‘ගුරු හිගය ලොකු ප්‍රශ්නයක්“

සජී Thursday, 06 October 2016 04:28 AM

අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම කාලයක් යොදවන රට ලංකාව වෙන්න ඇති (බ)

:       0       0

නිහාල් Thursday, 06 October 2016 05:22 AM

එදා විපක්ෂය විවෙචනයකළ ස්වාසීලන්තයත් අද ඉලක්කය කරා ගමන් කරනකොට අද එදා විපක්ෂය රට පාලනය කරද්දීත් රැකියා විරහිතයන්ට ලබාදෙන්නේ ජලප්‍රහාරයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site