වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණයේදී මිය ගිය පාසල් සිසුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
එම සිද්ධියෙන් පාසල් දරුවන් දෙදෙනකු වෙඩි වැදී මිය ගිය බවත්, තවත් පාසල් දරුවන් කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට තමනටද අවස්ථාව සලසා දෙන ලෙස ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
රතුපස්වල ජල ගැටළුවට ස්ථිර විසඳුම් ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයයේ අකිල දිනේෂ් (17) සහ උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ ශමිල රවිශාන් පෙරේරා (18) යන සිසුහු මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බන්දුල කියන කෙනා, කසාද බැඳපු කෙනෙක් නම් ළමයින් නැතිව, ළමයින් ඉන්න අයට සහ ළමයින්ට වෛර කරන කෙනෙක්. එහෙම නැත්නම් කසාද බැන්ද දවසකට ළමයින් නොලබන්න තරම් අවාසනාවන්ත කෙනෙක්.(නදී)
පසුගිය දවසක රාජකීය විද්‍යාලයේ ගුරුවරියක් වහලෙට නැගල කරපු විරෝධතාවය වෙනුවෙනුත් මේ ගුරු සංගමය පෙනී හිටිනවද?(නදී)
අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන දැනුම ඉතා අල්පයි.මෙම රටට මෙසේ වීමට හේතුව ඒකයි. (නි)
හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. ජාත්‍යන්තර කොමිෂමක් ඉල්ලන්න.(නදී)
බන්දුල පෙරේරා, ඔබව වැදූ මවට නිග්‍රහ කරන්න එපා . (නි)
ගුරු සංගමයත් දැන් බැහැලා වැඩ. අනේ හොඳයි.(නදී)
පව් දෙයියනේ හරියට හිතට අමාරු ඇති අර තුවාල වෙලා ඉන්න සිසුන් කීප දෙනාත් මැරුනේ නැතිවට. අපි නොදන්නා සත් ගුණවත් අය.(නදී)
ගුරුවරු කියන්නේ දෙවිවරුන්ටත් වඩා වටිනා පිරිසක්.පාසැල් දරුවන්ට වූ අසාධාරණය පිළිබදව කථා කරන්න සැබෑ අයිතියක් ගුරුවරුන්ට තිබෙනවා.අනෙක ගුරුවරු සැබෑ ජනතා සටන්වල පෙරගමන්කරුවන් විය යුතුමයි. (නි)
මෙවන් දුකක් කිසිදු දෙමවුපියෙකුට නොවේවා! තුවාල වූ දරුවන්ට ඉක්මන් සුව! (නි)
පුදුමාකාර රටක් මේක! (නි)
මානව අයිතීන් වෙනුවෙන් කවුරු හරි පෙනී හිටිමත් හොදයි. විශේෂයෙන් ලංකාවේ නීතිඥ මහත්වරුන්ට මේ වෙනුවෙන් නොමිලේම පෙනී හිටිය හැකියි.(නදී)
මිය ගිය අයට සදාරණයක් වෙන්න ඕනා. පව් අහිංසක ළමයි දෙන්නා.(නදී)
බන්දුල ඔය හැකර කට වහගෙන ඉන්නවද?(නදී)
අර කොම්පැනියෙන් පන්නපු 120 දෙනාත් අරගෙනම අවොත් වුනේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වේවි. ඒ පැත්ත වහන්න උත්සහ ගන්න එපා කවුරුවත්. (නි)
ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ප්‍රශ්න (දී)
බන්දුලගේ හදවත අරන් දාලා තියෙන්නේ , මේ අහිංසක දරුවන් මරපු මිනිසුන්ට නම් සොබාදහමෙන් හරි දඬුවම් ලැබෙනවා.(නදී)
අනේ ඒ අයටත් ඉඩක් දෙන්න (නි)
මේපාර සති අන්ත පුවත්පත් බලන්න. ඔය ලියන අය තේරුම් ගන්න රතුපස්වල මොකද උනේ කියලා. කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා. බොරුවට එක එක ඒවා ලියන්නේ නැතිව.(නදී)
බන්දුල කියන කෙනා කොහොම කෙනෙක්ද මන්දා? (නි)
නවී පිල්ලේට සහයෝගෙට මේක සැලැස්මක්. මොලේ තියෙනවා නම් ඒ ගැන හොයන්න? කරපු ජාති ද්‍රෝහීන් ඇමරිකාවේ කරනවා වගේ ජීවිතේටම හිරගත කරන්න. රට බේරන්න ඕනේ නම්?(නදී)
මෙවැනි දෙයක් ඔය බන්දුල පෙරේරා කියන අසිහියෙන් කමෙන්ට් දාන තැනැත්තාගේ දරුවට හෝ ඥාතියෙකුට සිදු වුනොත් ඔහු මොකද කරන්නේ ? (නදී)