අවුරුදු හයකට පෙර රෝගියකු බැලීමට ඉන්දියාවට ගියැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳුදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීම නීති විරෝධී බවත්, එය දේශපාලන පළි ගැනීමත් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඔහු විදෙස් ගත වීම සඳහා 2009.07.16 දින විධිමත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ බව ද, ප්‍රියන්ත මහතාගේ විදේශ නිවාඩු අයදුම්පත් බාර ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිසි සුදුසුකම් නැතිව අදාළ තනතුරුවලට පත් කර ඇතැයි කියමින් ප්‍රියන්ත මහතා එච්ආර්සි/ඒපී/016/2009 (එස්) අංකයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබුණු බවත්, එම පැමිණිල්ලට පළිගැනීමක් ලෙස ඔහුගේ නිවාඩු අයදුම්පත අස්ථාන ගත කර ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට එල්ල කළ නිවාඩු අනුමත නොකර විදේශ ගත වීමේ චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් කොට මෙය ද්වේෂසහගත කටයුත්තක් බව 2013 මාර්තු අට වැනි දා නිර්දේශයක් ලබා දුන් බවත්, උතුරුමැද පළාතේ අධ්‍යාපනයේ දූෂණවලට එරෙහිව කටයුතු කිරීමේ දී පළාත් අධ්‍යාපන නිලධාරීන් මුදල් අවභාවිත කරමින් යන්නට ගිය විදේශ සංචාරයක් නැවැත්වීමට ප්‍රියන්ත මහතා 17/2012 අංකයෙන් පළාත්බද අධිකරණයේ නඩුවක් ද ගොනු කළ බවත් ස්ටාලින් මහතා කියයි.
විදේශ ගතවූවායැයි කියන සිද්ධියෙන් වසර හයකට පසු සේවයෙන් පහ කර ඇත්තේ වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වය නතර කිරීම සඳහා කළ දේශපාලන පළිගැනීමක් බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕවා දන්නෙ නැහැ. ඔයාලා ඔයාලම ඕවා බලාගන්න (නි)
හම්, නාමල්, ඔයාලා දෙන්නා ප්‍රවෘත්තිය හරියට කියෙව්වද? වැඩ තහනම් කරලා තියෙන්නෙ පළාත් අධ්‍යපන අමාත්‍යංශයෙන්. නැතුව මධ්‍යම රජයේ අධ්‍යපන අමාත්‍යංශයෙන් නෙමෙයි. හැම එකකටම යහපලනය ගාවාගන්නෙ නැතුව හරියට කියවලා බලන්න. (නි)
රාජ්‍ය නිලධාරියෙක් විධිමත් විනය පරීක්ෂණයකින් මිස සේවයෙන් නෙරපා දැමිය නොහැකියි නේද? අනේ මන්දා කවුද හරි කවුද වැරදි? (නි)
ටිරාන් ඔයා කහින්නෙත් යහපලානේ හොඳයි කියලනේ මරු ඔහොම යමු (රේ)
අයදුම්පත්‍රයක් ඉදිරිපත් කලද අනුමැතිය ලබාගැනීමෙන් තොරව විදේශ ගත උනේ නම් එය බරපතල විනය විරෝධී ක්‍රියාවක්. (ර)
ආ ඕකටනේ ඔහෙලා කැස්සේ යහපාලානේ හදන්න. (බ)
මෙය මම දන්නා දොස්තර කෙනෙකුටත් උනා. නිතිය කටත් එකය. (අ)
ඇයි අවුරුදු 6 බලාහිටියේ... මේක පලිගැනීමක් වියයුතුයි...(රේ)
දහම් මේගොල්ල බොරුවට කඩේ ගිහිල්ල හදාගත්ත යහපාලනෙන් මේ අයටම අයහපත් පාලනයක් වෙලා. අර නිර්මාල් ආචර්ය තුමත් කිවේ ඉස්සෙල්ල හිටපු අය හොදයි මේ යහපාලනයට වඩා කියල (රේ)
නිර්මාල් ආචාර්ය තුමා හොඳට බඩ කට පිරෙන්න ගුටි කෑවෙත් ඉස්සෙල්ල හිටපු මහින්දගේ මැර කණ්ඩායම් වලින් තමයි...(රේ)
නිවාඩු අනුමත නොකර කොහොමද නිවාඩු යන්නේ. (ර)