වෙන මාසවල විසි වැනිදා ගුරු වැටුප් ගෙවන නමුත් මේ මාසයේ ගුරු වැටුප් ගෙවීම 21 වැනි අඟහරුවාදාට නියමිත බව අධ්‍යාන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ගිය අප්‍රේල් 10 වැනිදා ගුරු වැටුප් ගෙවූ බවත්, මෙවර වැටුප් ලබා ගැනීමට මාසයකුත් දවස් 11ක් ගත වන බවත් ගුරුවරු කියයි.
ගුරුවැටුප් ගෙවීමේ නියමිත දිනය සෑම මසකම 21 වැනිදා බව අධ්‍යාපන දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ සඳහන් වෙතත් පුරුද්දක් වශයෙන් විසි වැනිදා මෙතෙක් ගුරු වැටුප් ගෙවා ඇතැයි ද, මෙවර නියමිත දිනයේම ගෙවන්නේ 21 වැනිදිනට නියමිත වැඩ වර්ජනය කඩා කප්පල් කිරීමේ අරමුණින් බව පෙනේයැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් බිල ඉහල දැමුවාට අපේ සුබ පැතුම්. ජයවේවා.පඩි අරන් ගෙදර යනවා. ආණ්ඩුව දිනුම්. (නි)
බාලගිරි වගේ
පඩි අරන් ගෙදර යන එකනෙ තියෙන්නේ! (නි)
වර්ජනයට සහභාගි නොවන අයටත් එහෙමද? (නි)
ඇත්තටම කවද්ද
ගුරු වැටුප් වලින් දළ ජාතික නිෂ්පාදනය ඉහල යනවද? නැත්නම් පහල යනවද? (නි)
මිනිස්සු පව් නේද
කොහොමද එහෙම වෙන්නේ
දෙන් මක්කැයි කොරන්නේ? වර්ජනය කරනවද?හෙට වැඩට එනවද? (නි)
පලා යන්න හොද ක්‍රමයක්
වර්ජනය කල යුත්තේ අවසන් විකල්පය වශයෙනි (නි)
ගුරු වැටුපටත් එහෙනම් , බාලගිරි දෝෂය වගේ ! (නි)
විදුලි මිළ වැඩිකිරීම හොඳයි, ඒකෙන් චූට්ටක් අඩුකිරීම ගොඩාක් හොඳායි! (නි)
වර්ජනය හින්දා හෙට එන්න වෙන්නෙ නැහැ, අනිද්දා එන්නම්. වෑටුප් ගත්තට කීයෙන් කීදෙනාද මෙතනත් හරියට වෑඩ කරන්නෙ (නි)
කොහොම හෝ ඉක්මනින් ලැබුනොත් ඔවුන්ට සහනයක් (නි)
නිසර්, දළ ජාතික නිෂ්පාදනය ඉහල යනවා. නමුත් මෝඩයන්ට පෙනෙන්නේ පහල යනවා කියලො (නි)
වැටුප් අරන් වර්ජනය නොකර හරියට රාජකාරි කරලා දරුවන්ගේ නැණ පාදනවා නම් දළ ජාතික නිෂ්පාදනය ඉහල යනවා සිකුරුයි. වැඩ වර්ජනයි, ටියුෂන් කඩයි නිසා අද දරුවන් අනාත වෙලා. (නි)
"අරාබි වසන්තය" ට දායක වුනෙත් දේශපාලන පක්ෂ නෙමේ. මෙය හොඳ ආරම්භයක්! (නි)
ඕවායෙන් පුලුවන්ද සටනක් නතරකරන්න? (නි)
මේ සෙල්ලම් නිසා තවත් බිල ඉහළ දාවි (නි)
වර්ජනය කරනවා නම් පඩිත් නොගෙන වර්ජනය කරන්න එපැයි. අනිත් එක ඉතින් 21 බැරිනම් 22 බැරියෑ පඩි ගන්න. මොකද එක දවසක් පරක්කු වුනාට හුස්ම ටික යනවායැ? (නි)