
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා ගංජා තොගයක් ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් පරීක්ෂා කිරීම සඳහා ජා ඇල ඒකල ප්‍රදේශයට පිටව ගොස් ඇති අතර එම කණ්ඩායම ඡා ඇල කොටුගොඩ නිවාසිපුර වහලක් නොමැති ගරා වැටුණු නිවස පරීක්ෂා කිරීමේදී පොහොර බෑග් පහක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd