හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ වැඩට ගිය පාසල් සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළුස්සා දැමීම නිසා දැරිය අසරණ වී සිටි.
හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී (17) එම සිසුවියයි.
සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසුව ඇයගේ විදුහලේම ඉංග්‍රිසි විෂය ඉගැන්වු ගුරුවරයකුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ඔහු දරුවා බලා ගැනීමට යැයි පවසමිනි. ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත.
ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට ගුරුවරයාගේ බිරිය තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.ගුරුවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.
දැරියගේ මව පැවසුයේ දින තුනක් යද්දී දැරියට රෝගයක් වැළදුණු බවයි.
පසුව ඇප නුලක් දමා ගැනීමට එම ගුරුවරයාගේ නිවසට ගිය පසු අයට යකෙකු වැසී ඇති බව පවසමින් යකා එළවා දමන බව පවසා පැමිණ සිටි පිරිස ඉවත් කර යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත.
සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.
පසුව සිසුවිය හොරොව්පතාන රෝහලට ද ඇතුළු කැර අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මානසික රෝගියකු සේ සලකා මානසික රෝගීන් සිටින වාට්ටුවකට ඇතුලත් කැරීමට සැරසෙද්දී ඇගේ මව්පියන් ඇය රෝහලෙන් රැගෙන ගොස් මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ඥාතී නිවසකට තබාගෙන සිටී.
හොරොව්පතාන පොලීසියෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ සිද්ධියට අදාල ගුරුවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාර්ගයෙන් පොලිසියට භාර වී අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඇප ලබා දී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට නීතිය ක්‍රියාත්මක කරන අයගෙයි තීන්දු තීරණ දෙන අයගෙයි තරම පේනවා. (දී)
නොදන්නා කමින් කරගන්න දේවල් ,මේ එකක් අපි දැක්කේ මෙවනිදෙවල් හැමදාම වගේ ලංකාවේ සිදුවෙනවා.(දී)
මේ ගුරුවරයෙක්ද ?අසරණයන්ට හැකි පමණකින් පිහිටක්, උපකාරයක් කරනවා මිස මෙවන් තිරිසන් ක්‍රියා ගුරු පරපුරටම කල අවමානයක් නේද ?(දිල්)
පරපුරට ලොකු කැළලක් (දී)
මගේ කෙනෙක්ට මෙහෙම කරානම් මම මෙහෙම බලාගෙන ඉන්නේ නැහැ (දී)
දුප්පතුන්ගේ ළමුන් වහල් සේවයට බදවා ගන්න ,උපක්‍රමයක් මේක හොද වෙලාවට මෙම ළමයා ඉන් ගැලවුනා මෙම ළමයා මානසික රෝගී වාට්ටුවට අතුලුකිරීමේ කුමන්ත්‍රණය හෙළි කරගෙන සහය දුන් හැමට නිසි දඩුවම් ලබා දීමට , අනාගත දුගී ළමා පරපුර ආරක්සා කරගැනීම වෙනුවෙන් කට යුතු කිරීම බලධාරීන්ගේ නෙත් යොමුවේවා !.(දී)
දුප්පත් කම, නුගත් කම එක්වුණු තැනක්. මේවට ඔය ටෙලිනාට්‍ය වල යකදුරු කලා කරුවොත් වග කියන්ට ඕන. (දී)
මේවාට නිකම්ම දඬුවම් ලැබෙයි (දී)
කව්ද මේ නියෝජ්‍ය පොලිස්පති වරයා? මෙච්චර ලොකු මිනිසුන් ඉද්දී ඇයි මේ අහිංසක දරුවට මේ අපරාදය කලේ? අනෙක ඒ දරුවට අවුරුදු හතක්වත් ත් නැතිව වැඩට අරන් තියෙන්නේ. මේ ගුරු වරයෙක්ද-ගුරු හොරෙක්ද? මේ අපරාදයට උදව් කල හැමෝටම දඬුවන් දෙන්න ඕනේ. කෝ දැන් හැමදේටම උද්ගෝෂණය කරන අපේ මිනිසුන්.? (නදී)
සුව උදාන ගමේ නමටත් කැළලක් කල ඔය ගුරාට තවත් ගමේ ඉන්න දෙන්න එපා.(නදී)
මේ තීරය ට අදහස් ලියන උගත් ගුණගරුක භාවතුනේ! ලංකාවේ දිනෙන් දින වැඩිවෙන අපරාධ වල ස්වභාවය හා ඊට ජනතාව වශයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද කියා මීට වඩා බුද්ධිමත්ව සිතා අදහස් ලියන්න. එහෙම නැතිව "ඕකව අහුවුනොත් පට්ට ගහනවා" වගේ කියුම් කීමෙන් අපට මේ තත්වයට විසඳුම් සොයා ගන්න බැරිවෙනවා. තනි තනි විසඳුම් වෙනුවට රටක් හැටියට විසඳුම් සෙවීමට කාලය පැමිණ තියෙනවා.(නදී)
පද්මිණි හරියටම හරි. තව එකක් එකතු කලොත් ඒ අවිද්‍යාව. විද්‍යා විෂයන් උගන්වන්න පටන් ගන්නේ ඒ කාලේදී 6 වසරේදී. මම ඒ කාලෙ සිටම මේ යකදුරෝ ගෙන සාස්තර ගැන ප්‍රශ්න කලා. 9 10 11 වසර වලට එනවිට කේන්දරය ඇතුළු ඔය විඥාන වාදී මත ඔක්කොම අතහැරිය.. දෙමව්පියන්ට ගුරුවරුන්න්ට වඩා වෙනස් විදියට අපි හිතන්න ඕන. (නදී)
බාල වයස් කාර දැරියක සේවයේ යොදා ගැනීම, හිංසා කිරීම, උපක්‍රමික ලෙස ගැලවීමට උත්සහ කිරීම නිසා මොහුට සහ ඊට සම්බන් ද අයට උපරිම දඬුවම් සහ දැරියට වන්දියක් ලබාදිය යුතුය. (අ)
මෙම පුවත් පල කිරීම කල යුත්තේ ගුරුවරයාගේ නම සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම සමග වන අතර දිගින් දිගටම මාද්‍ය මේවා සඟවා තැබීමෙන් මෙවෙනිදේ කරන්නන් තවතවත් ධය්ර්යමත්වේ.(නදී)
මගේ නංගී කෙනෙකුට වුනානම්... ඕක පුච්චලා ඉවර කරනවා... හෙන ගසන්න කියල මම ප්‍රර්ථනා කරනවා.(නදී)
අපි පාසල් ගිය කාලයේ හිටියේ දෙවියෝ වගේ ගුරුවරු. අදටත් මම ඒ ගුරුවරු මතක් කරලා පින් දෙනවා . මගේ ඉංග්‍රීසි ගුරුතුමිය තමන් ගේ අතින් වියදම් කරලා පාසලේ ඉංග්‍රීසි නාට්‍යයේ දරුවන් ට ඇඳුම් මහල දුන්නේ, ඒ ළමයින්ට සල්ලි නැති නිසා. දැන් ගුරුවරු කියල ඉන්නේ දේශපාලන පත්වීම් ලබපු අයනේ . දරුවට ඉක්මන් සුවය පතමි..(නදී)
ඔය ගුරාගේ ගුරුකම කවදාහරි තමන්ගේ දරුවාට තමා වදින්නේ. දෙමව්පියෝ ඇඹුල් කන කොට දරුවන් ගේ දත් හිරි වැටෙනවා කියන්නේ කට කහනවා ට නෙවේ.(නදී)
ආදාරයක් කිරීමට බැංකු ගිනුමේ විස්තර එවන්න.(නදී)
මේවා ගැන කතා කරලා වැඩක් නෑ. සාපේක්ෂව වැඩියෙන් බලය සල්ලි තියෙනවනම් නීතිය ඒවාට යට වෙනවා.(නදී)
(සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.) අනේ...මේ අයියලද?ලැජ්ජයි.පොල්ලක් අරන් අර මෝඩ යක් දෙස්සට පාඩමක් උගන්වන්න බැරි උනාද?නූගත් කම තමයි මුල.(නධී)
පද්මිණි හරි .(නදී)
දිලාන්,නදීරා, රන්ජිත් එක කුසකින් බිහි නොවුනට මේත් අපේම නැගණියක් තමා.(නදී)
ඔය ගුරාට මේවා පලදෙනවා.(නදී)
ආශියාවේ ආශ්චර්ය නෙමෙයි ලංකාවේ ආශ්චර්ය. රටේ නීතිය හා දඩුවම් අනුව තමයි මේ සේරම දේවල් සිදුවෙන්නේ. සිදුවීමට මුහුණ දුන්න අය නැතිවම අපරදකාරයා ඇප ලබල ගෙදරත් ගිහින්. ළමා අපචාර කාන්තා හිංසන සංගම්, දෙපාර්තමේන්තු මේවා කොහෙද තියෙන්නේ, (නදී)
ඔය මිනිහව අල්ලලා හමගහන්න ගමේ අයට කොන්දක් නැද්ද? (නධී)
කෝ ඔය කාන්තා හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ වචන ගැටගහන මන්ත්‍රී නෝනලා? (නදී)
තාම ගල්යුගයේ. මේ ගුරුවරයව යවන්න ඕනේ හිරේට. ළමයව යවන්නන ඕනේ ඉස්කෝලේ. තාම ඉගෙන ගෙන මදි. මේවා කරලා හරියනවද.(නදී)
රංජිත් මමත් හිතන්නේ ඔබ වගේමයි නීතිය කවදාවත් අපට පිහිට වෙන්නේ නැහැ ඒකේ තියෙන අඩු පාඩු නිසා. දැන් ඔය ළමයාගේ කකුල් දෙක දැක්කම වෙන සාක්කි මොකටද? (නදී)
සිදුවීම ගැන බෙහෙවින් කණගාටු වෙනවා. සල්ලිවලට නිවන් දකින්න උත්සහ කරපු මිනිස්සු ඉන්න මේ රටේ දෙවියන් පස්සේ යන එක සාමාන්‍ය දෙයක්. මේ වගේ අපරාද කරන අයට ඒ වේදනාව තේරන විදියේ දඩුවම් ප්‍රසිද්ධියේ ලබාදිය යුතුයි. වැඩක් කරනකොට බුද්ධියටත් ඉඩදෙන්න ඕනා.(නදී)
අසරණ මිනුස්සුන්ගෙන් අයුතු ලෙස වැඩ අරන් හිංසාත් කරන මොවුන් ගුරුවරුන්ද?(නදී)
මේ නූගත් පසුගාමීත්වයෙන් අපි කවදාද ගොඩ වෙන්නේ? (අ)
ආරක්ෂක ඇමතිතුමනි කරුණ කර මෙවැනි දේවල් වලට උපරිම දඩුවම් දෙන්න .නැත්තම් අනාගතේ දී දුෂ්ඨ සමාජයක් බිහිවේවි .මෙවැනි දේවල් වලට පොලිසියෙන් සහය දුන්නේ කොහොමද (අ)
දුක තියෙන තැනටමයි දුක එන්නේ (අ)
බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම ඇගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ මොහුට නඩු පැවරිය හැකිය. (අ)
මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නැගී සිටින්න. (අ)
ඔව් තරූ, මේ දුප්පත් මිනිස්සු මොන තරම් දුකක් උහුලනවා ඇද්ද..? .පව් අසරණයෝ (අ)
අහිංසක මනුස්යටම තමා හැමදේම වෙන්නේ.(අ)
දෙයියනේ මේක පුදුම රටක්නෙ. මේ කෙල්ලට ඇවිදගන්නවත් බෑ, වැරදි කරපු එකාව ගෙදර යවලා... ෂෝක් නීතිය. අම්මපල්ල පුදුමම රටක් මේක.(නදී)
හොරොව්පතාන පොලීසියෙ ඉන්න 90% ක්ම හොරු.(නදී)
මේවා විසදන්න පොලිසියට කොන්ද පණ නැද්ද මන්දා .පව් අසරණ මිනිස්සු.(නදී)
හැකියාව තිබෙන කෙනෙක් ළමයව කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට යොමුකරවන්න. ඒ වගේම ආරක්ෂක ලේකම් තුමාට මෙය අවධානයට යොමුකරවන්න. ලොකුම පිනක් වේවි.(නදී)
අපේ රටේ ඉන්න අසරණ මිනිසුන්ව තව තවත් පාගල දාන්න හදනවා.ඒවාට ලංකාවේ පොලිසියත් අනුබල දෙනවා.(අ)
මේවා තමා සහගහන ආපරාධ (දී)
මේ අම්මගෙ මූණෙ තියෙනව සැබෑ මව් සෙනෙහස.. බලන්න ඒ අම්ම බලන් ඉන්න හැටියට කටුක ජීවිතය.. ඊලගට අර වගේ කපටි මිනිස්සුන්ට අහුවෙලා පිඩා විඳපු බව.. දුප්පත්කමෙන් බැටකෑ ජිවිතය මනාව පෙන්වනව.. මේ වගේ මව්වරුන්ටත් අර වගේ අසරණ දරුවන්ටත් නීතියේ පිළිසරන දෙන්න ඕන නිවැරදිව(දිල්)
සිතේ බය නිසා ඇතිවූ රෝගීතත්වයකි .ප්‍රතිකාර සඳහා ගුරුවරයාගේ ගෙදරට යාමෙන් බයකර දෙකකුල් පිලිස්සීම ඔහුගේ තිබුණු ක්‍රෝධය පිටකර ගැනීමකි . ගුරුවරයා යයි කියනු ලබන අමනුස්සයාට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි (දිල්).
නැති බැරි දුප්පත් මිනිස්සුන්ව බිල්ලට ගන්න මේ වගේ පාපතරයින්ට හොදක් සිද්ද වෙන්න නැ(දිල්)
මම නම් හමගහනවා.(නදී)
අපේ රටේ මොන අමානුෂික සිදුවිමකටවත් හරි දඩුවමක් ලබා දෙන්න විදිහක් නැත්තේ ඉහල නිලදාරීන් පගාවට හෝ ඇදුරුම් කමට නිතිය අමතක කරනවා.මේවා කාට කියන්නද?ගොලුවත රකිනවා හැරෙන්න.(දී)
අපේ රටේ පොඩ්ඩක් ඇති හැකි අය දුප්පතුන්ට තිරිසන් විදිහට සලකන්නේ,(දී)
පව් ඔය ගුරාට නිසි දඩුවම් ලබාදෙන්න . දුප්පත් මිසිස්සුන්ටම තමයි හැම දුකක්ම.(නදී)