තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක සිසුවියෝ දෙදෙනකු ක්‍රිඩා යෝග්‍යතා සහතික ලබා ගැනීමට යැයි පවසා කොළඹට රැගෙනවිත් බියගමදී අපහැරණය කැර නිරුවත් පින්තූරද ගත් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය කියයි.
තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක සිසුවියෝ දෙදෙනකු ක්‍රිඩා යෝග්‍යතා සහතික ලබා ගැනීමට යැයි පවසා කොළඹට රැගෙනවිත් බියගමදී අපහැරණය කැර නිරුවත් පින්තූරද ගත් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සේනාව කියල මේකටත් අහන්න එපා හොදේ. අනික මේ ගුරා අපේ කෙනෙක් නම් සද්ද නැතුව ඉන්නයි තියෙන්නේ. (නි)
ගුරුවරයාට උපරිම දඬුවම් කරන ගමන් , අධ්‍යාපන අමාත්‍යාංශයත් පුළුවන් තරම් ඉක්මනට සියලුම පාසල් වලට චක්‍ර ලේඛණය මගින් දැනුම් දෙන්න ඕනේ පාසල් කාලෙන් පස්සේ මොනම හේතුවකට හරි දරුවන් අරන් යනවනම් දරුවන්ගේ භාරකාරයෝ හෝ ගුරුවරියක් සමග යා යුතුයි කියල , එහෙම නොවුනොත් මේ වගේ දේවල් නැවත වෙයි . (ස)
ෂරිය නීතිය මෙතනට අදාල ප්‍රස්නයක් නෙමෙයි...ෂරිය නීතිය අරාබි රටවල් වල තියගත්තදෙන් .අපේ රටේ නීතියක් තියනවා ඒ නීතිය හරියට ගෙන ගියානම් මේ කිසිම ප්‍රස්නයක් නැ..අද දෙසපාලකයන් මේ හැම දෙයකටම වග කියන්න ඕනා. නිකන් අපේ රටට අනවශ්‍ය ෂරිය නීතියක් ගැන කව්රුත් කතා කරන්න අවශ්‍ය නෑ. (ස)
දෙමාපියන්ගේ වෙරද්ද ගුරුවරුන්වවත් විශ්වාස කරන්න එපා බුදු නංගියේ (ස)
නවගත්තේගම ගුරුවරියගේ සිදුවීමේදී එක දේසපාලකයෙක් කරපු අමන වැඩේට මුළු ආණ්ඩුවේම පතුරු ඇරිය කට්ටිය..අපි එදත් කිව්වේ හැම වෘතියකම අමනයෝ, පාහරයෝ ඉන්නවා කියල..ගුරු වෘතියේත් එහෙමම තමයි.දෙසපාලුවන්ටත් වඩා අන්ත නින්දිත වැඩ කරන ගුරුවරු ඉන්නවා. ගුරු ගෞරවය රකින දෙවිවරු වගේ ගුරුවරුත් ගුරු වෘත්තියේ තාම ඉන්නවා. ගුරුවරිය දණ ගැස්සුවට දේසපාලුවට ලැබුණු දඩුවම මදිව කළුද සුදුද කියල දන්නේ නැති නෑදෑ පුතෙකුට නාම යෝජනා දුන්න කියල රට පෙරලන්න හදන ගුරු සංගමේ කවදාවත් මේ වගේ සිදුවීමකදී කට හොල්ලනවා දැකල තියෙනවද ? (ස)
කෝ මේ ජෝශප් ස්ටාලින්................කොහේ හරි ගියාද (ස)
ගුරාව මහා පාරට ගෙනවිත් දමන්න. ජනතාව ඉතුරු ටික බලා ගනීවි. (ස)
මොකද මේ අපේ රටට වෙලා තියෙන්නේ. ඊයේ ගුරුවරියක් වහලෙට නැග්ග. අද මෙහෙම.....හෙට මොකක් වේවිද? (ස)
කොහොම උනත් මේගුරුවරයා වගේම මේ ගමනට අවසර දීපු විදුහල්පතිත්, එ වගේම ගැණු ලමයි දෙන්නට තබුත්තේගම ඉදල ගුරුවරයෙකුත් එක්ක කොළඹ යන්න දීපු ඔවුන්ගේ දෙමව්පියනුත් අත් අඩංගුවට ගන්න ඕන.. ළමා අපයෝජනයන්ට අනුබල දුන්නට.. (ස)
අසංග නම් බයයි වගේ. වැරදි නොකර ඉන්නවා නම් මොන නීති තිබුනත් වරදක් නෑ. වැරදි කරන අයට ෂරියා නීතිය වගේ ඉතා ප්‍රබල දඬුවම් මිස සීනිබෝල කන දඬුවම් හරියන්නේ නෑ.. (ස)
රණවීර , මෙවන් ගුරුවරු මාරු කරන්න ඕන කොහාටද ? දරු පරපුර රැකගන්න නම් මෙයා මාරු කරන්න ඕන පරලෝකෙට.. (ස)
චමිල මටනම් බය වෙන්න දෙයක් නැ මොකද මම වැරදි නොකරන නිසා. මෙතන ඒක නෙමෙයි ප්‍රස්නේ තියෙන්නේ අපේ සංකෘතියට ගැලපෙන් නැති නීති අපේ රටට අනවශ්‍යයි. මම කියන්නේ අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන වානම් අපිට කොහිවත් තියන කෘර ෂරියා නීතියක් ඕනේ නැ. (ස)
සර්ලත් රැකියාව මාරු කරලා වගේ. (නි)
තිරිසන් අමනුස්ස වැඩ.. මීට වැඩිය කියන්න දෙයක් නැහැ (නි)
අනේ ඉතින් ගුරුටත් ආහාවන් තිබෙනවා ඇතිනේ... (නි)
කරුණාකර මේවා නම් සමග ප්‍රසිද්ධ කරන්න. මේවා දැන් සිද්ධ වෙනවා වැඩියි. පුළුවන් නම් ෆොටෝ එකකුත් දාන්න. එතකොටවත් තව ඉස්සරහට ළමයි ටිකවක් බේරෙයි. (නි)
ඔන්න ඔහේ ඉඳිමු. කව්ද ඕවාට කෑගහන්න යන්නේ, අපේම සහෝදරියන් හැරෙන්න .රට යන දිසාව නම් හරි අවදානමක.මෑතකදී සිට පුදුම අපලයක් අපේ රටට. එකක් අවසන් වෙනකොට තවත් එකක් (නි)
මොහුට නීති මගින් දඬුවම් දුන් පසුව ඉතිරි දඬුවම් දිය යුත්තේ පාසල් සිසුවියන්ගේ දෙමව්පියන් සහ සමාජය. ඉතිරි නරුමයන්ටත් ඉගෙන ගැනීමට.(ස)
හොද ගුරුතුමෙක් වගේ (නි)
නග්ගමුද වහළෙකට? කොහොමද ආශ්චර්යය? (නි)
මේ වගේ ගුරුවරු මාරු කරන්නේ නැතුව ඇති නේද මහත්තයෝ? අනේ මෙහෙමත් රටක් ! (නි)
මේ ධර්මද්වීපයේ?? (නි)
අනේ මේ දරුවන්ගේ දෙමවුපිය වැඩිහිටියෝ නැද්ද? පිරිමි ගුරුවරයෙක් එක්ක ළමයි දෙන්නා කොළඹ යවපු දෙමවුපියන්ට අද කාලේ වෙන දේවල් ගැන ගමේ කඩ මන්ඩියේදීවත් ඇහිලා නැද්ද? දෙමවුපියන් අවට ලෝකය දිහා ඇස් කන් විවෘතව තබා නොගන්නා තාක්කල් දරුවන් අමාරුවේ. (නි)
තනියෙන් දරුවන් මෙලෙස යැවූ මොවුන්ගේ අම්මලා කවුද? (නි)
වරුණ, නිකන් මෝඩ කතා කියන්න එපා! කට ඇරියොත් ඔහොමමයි. (නි)
පිට බැද්දර ජයා කියන දේ තමා හරි. එහෙම නැත්නම් ලංකාවට ගුරුවරු මහා බ්‍රිතාන්‍යයෙන් හරි ජර්මනියෙන් හරි තමයි ගෙන්වන්න වෙන්නේ. ඒ අතරේ ලංකාවේ අයටත් පුහුණුව කළ හැකියි අමතර පන්ති තියලා. අපේ රට ඇයි මේවගේ දේවල් මොන හිඩැසකින් හෝ ව්‍යප්ත වෙන්න ඉඩ තියන්නේ. එකක් දෙකක් වනවිට ඕවා සදහටම නවත්වන්න පුළුවන් නේද? උගත් කියාගන්න පිරිසකුත් ඉන්නවා නේද? අපේ එසැණ පාටකයින්ට පුළුවන් ප්‍රශ්න පත්තර ටික හොදට ප්‍රින්ට් කරලා දෙන්න (නි)
මේකේ වැරැද්ද ගුරුවරයා විශ්වාස කළ අම්මලා තාත්තලාගේ නොවෙයි. අද බොහෝ පාසැල වල උගන්නවට වඩා ළමයි එක්ක බාහිර කටයුතු වලට ගුරුවරු යාම වැඩිවෙලා. මම දන්නා පාසලක ළමයි සෝමාවතී වෙහෙර වඳින්න කියලා රැගෙන ගිහින් ආවේ පහුවෙනිදා එළිවෙන යාමේ. හැම එකටම බොහෝ ළමයි කොළඹ යනවා. විනය අතින් පිරිහීමක් හැමතැනම තිබෙනවා. (නි)
රටට බැනලත් වැඩක් නැහැ, පවතින රජයට බැනලත් වැඩක් නැහැ. ෂරියා නීතිය තමයි මේ රටට ගැළපෙන්නේ. අපරාධකාරයෝ ටික දින 7කින් හසුවෙයි. (නි)
අද මෙරටේ සිද්දවෙන දේවල්වල හැටියට පාලකයෙක් ඉන්නවද කියල හිතෙනවා. රටකට ගිය කල.... (ස)
ස්ටර්ලින්, කෝ එයා? (නි)
අර්ෂා, ඔබ හරියටම හරි. මෙවැනි දේවල් වලට දඬුවම් එවෙලේම දිය හැකියි අමතක නොවෙන්න (නි)
එතකොට කෙල්ලෝ දෙන්නත් ඔහේ ඕනෑ දෙයක් කරන්න දීලා බලාගෙන හිටියද ? මොකද එයාල බාබාලා නොවයිනේ. ගුරාට නම් රජ කාලේ දඩුවමක් දෙන්න ඕනෑ (නි)
එක ගුරුවරියක් වහලට නැගලා. තව ගුරුවරියක් ගැහැණු ළමයි ගණිකා වැඩ වලට යොදවලා.විදුහල්පතිලා ළමයින්ට බාල අපරාධ කරනවා.මේ ගුරා ළමයින්ගේ නිරුවත් ඡායාරූප අරගෙන.ඇමතිතුමනි, ප්‍රශ්න පත්‍රයක් හරියට හදන්න බැරි ගුරුවරුත් ඉන්නවා. මේකද ආසියාවේ ආශ්චර්යය? (නි)
කෝ දැන් අර කෑගහන කට්ටිය? (නි)
කෑගහන කට්ටියට දිසාවක් නැහැ හුමන්.(ස)
මොවුන් දිසාපාමොක් පරපුරටම අගෞරවයක්. රටට ශාපයක්. (නි)
ළමා අපචාරවලට දැඩි දඬුවම් දිය යුතුය. පළමුව දේශපාලකයින්ගෙන්ම පටන් ගත්තනම් හරි. දෙමවුපියනුත් මීට වඩා දරුවන් පරිස්සම් කරන්න ඕන. සර් කෙනෙන් එක්ක ගැණු ළමයි යවනකොට පරිස්සමින්.(ස)
වරද දෙමාපියන්ගේය (නි)
කෝ මේ ගුරු සංගම්වල බලධාරීන්. මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද.(ස)
මේ සියල්ලට එකම විසඳුම රටේ පාරම්පරික රාජ්‍යත්වය යලි පිහිටුවා, රෝම-ලන්දේසි-ඉංග්‍රීසි නීති ඉවත්කර, අපේ පැරණි රාජ නීතිය ක්‍රියාත්මක කිරීමයි. එවිට ශරියා නීතිය අරාබියෙන් ගේන්න අවශ්‍ය වෙන්නේ නැත (නි)
රට විනාසයට ගිහින්. මේවා ගැන සොයලා බලන්න කෙනෙක් නැත්ද ? (ස)
ගැහැණු ළමයින් නිසා මේ දේවල් හරිම පහසුයි. ඔවුන් ලැජ්ජාවට සියල්ල සගවා ගනියි. වසර 15කට ප්‍රථම ගුරුවරයෙක් අතින් අපචාරයක් වුණා මම දන්නා කෙනෙකුට. එහෙත් ලැජ්ජාවට සහ බයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නොහැකි වුණා (නි)
බියගම මේ වගේ දේවල් වලට වෙනම හදපු තැන සහ ඒවාට ගනුදෙනුකාරයෝ හොයලා ගිහින්දෙන තැරැව්කාරයෝ ඉන්නවා. ජංගම දුරතකන තබාගෙන කලාපය ඇතුලේ වැඩකරන බෝඩිම් වෙලා ඉන්න ගැහැණු ළමයින්ගේ නොම්මර වලට කතා කරලා කියනවා. දවාසක් අපි ප්‍රසිද්ධ පත්තරේක කෙනෙකුත් එක්ක ගිහින් වැඩසටහනක් කළා. ගොඩාක් දේවල් අපි හොයා ගත්තා. ඒකට මොනවා වුණාද දන්නේ නැහැ. පත්තරේ පළවුණාද කියලා මම දන්නේ නැහැ. (නි)
පොලිසියේ අවශ්‍යතාවයක් නැහැ කියලා ඇමතිතුමා ප්‍රසිද්ධියේ පැවසුවා. ඡන්දය දීලා බලය දීලා මහජනයා දැන් අනාතයි. පොලිසිය දේශපාලනීකරණය වීම මේවාට හේතු වී ඇත (නි)
පගුගිය කාලේ මාතලේ ප්‍රසිද්ධ කාන්තා විදුහලක දරුවන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරුවරියන්ට මොකද කළෙ? මේවත් ඒ වගේම නිකන්ම අමත කරලා දායි. ගුරුවරුන්ට තිබෙන ගෞරවයට හා බයට මේ වගේ දේවල් බොහෝ ළමයි කියන්නෙ නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ තිබෙන දුෂිතම දෙපාර්තමේන්තු වලින් එකක්.කොහොමද අපේ රටේ අනාගතේ බිහිකරන තැන වැඩ. අනිත් තැන් ගැන කතා කරලා වැඩක් තියෙනවද? (නි)
හොද ගුරු හොරෙක්නේ මූව තියන්න වටින්නේ නැහැනේ. (ස)
දැන් ගුරු සංගමය සහ සිසුන් එකතු වී මේ ගුරුවරයාව සිසුවියන් ඉදිරියේ දණ ගැස්විය යූතුය. (නි)
අපරාද වැඩි වීමට හේතුව නීතියක් නැති නිසයි! ඒ නිසානේ බය නැතුව මේ වගේ දේවල් කරන්නේ.. (ස)
ටික දිනකට කලින් දන ගැස්සුවේ වැරදි ටීචර්ව. (ස)
රට ආශ්චර්යට ගෙනියන්න නම් ෂරියා නීතිය ගේන්නම වෙනවා .අද සමාජය පිරිහෙලා ඉවරයි... එකට නොයෙකුත් බලපෑම් ඒවි ...හාමුදුරුවෝ විරුද්ධ වේවි. විපක්ෂයට හොඳ මාර්තෘකාවක් වේවි සැහෙන කාලෙකට ....හේතුව ඔය අයගෙනුත් කාව හරි ඕකට අයිති වෙන නිසා. (ස)
ඔය අදහස් දමන අයම තමයි ඡන්දෙදි දුවලා දුවලා ගිහින් කතිරයත් ගහන්නේ (නි)