වසර 12ට පසුව පළමු වසර සඳහා නව විෂය නිර්දේශය මේ වසරේ සිට හඳුන්වා දී ඇති අතර අදටත් ඒ සඳහා වන ගුරු අත් පොත් නිකුත් වී නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියයි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන තෙක් ගුරු අත්පොත් නිකුත් කර නොමැති බව ගුරුවරු කියති.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. කේ. හිමාලි ප්‍රියදර්ශනී මහත්මිය මෙසේ සඳහන් කළාය. “විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගුරු අත්පොත් අඩංගු සීඩී තැටි ජාතික අධ්‍යාපන ආයතනයෙන් අපට ලැබුණේ පමා වෙළා. ඒ නිසා මුද්‍රණය ඇරඹුණේ මෑතකදී. දැන් මුද්‍රණ කටයුතු කරගෙන යනවා. තව සති දෙකක් ඇතුළත මුද්‍රණ කටයුතු අවසන් කර බෙදා හැරීම ආරම්භ කරනවා.”
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සමඟ කළ සාකච්ඡාව පහතින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය මගින්වත් මේ දිනවල ගුරු අත්පොත් බාගත කර ගැනීමේ හැකියාවක් නොමැති වීම කනගාටුවට කරුණකි. (බ)
නොවැම්බර් මාසේ විතර ලැබේවි. වෙනස්කම් කරන්නන්වාලේ කරනවා. කිසිම සොයාබැලීමක් නැහැ (නි)