IMG-LOGO

ගායනයට මෙන්ම රංගනයට දස්කම් පාන දිමුතු

2016-07-25-ent-51

ගායන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි වූ ඔහු දිමුතු තරංග වෙයි. ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට ඔහුගේ බලාපොරොත්තුවයි. මේ ඒ පිළිබඳව "සාරවිට"ට පැවැසුවේ මෙවැන්නකි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-07-25-ent-50මගේ නම දිමුතු තරංග. මගේ ගම මාතර කැකණදුර.

 

කලා ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලයේද?

උසස් පෙළ කරන කාලෙදී. ඒ කියන්නේ මීට අවුරුදු 03කට කලින්

 

මුලින්ම දායක වුණේ?

මම මුලින්ම නෙලූ අධිකාරි මිස් යටතේ සංගීතය හැදෑරුවා. ඊට පසුව ඉන්ද්‍රචාපා බුලත්සිංහල යටතේ හඬ පුහුණුවීම්වලට දායක වුණා. මට ගායකයෙක් වෙන්න ඕනේ කියන දේ හිතට දැනුණේ චාමර වීරසිංහ ගායකයා නිසයි. එයා මට ගොඩක් උපදෙස් සහ අවවාද දීලා තියෙනවා.

 

මේ වනවිට එළිදක්වලා ඇති ගීත සහ අනෙකුත් වැඩකටයුතු මොනවාද?

මගේ අම්මා පිටරටක ඉන්නේ. එයාගේ හැදුනුම්කමක් අනුව මම ලක්ෂ්මන් හිල්මි සහ පිංපොං හඳුනා ගන්නවා. පිංපොං තමයි මට මුලින්ම මගේ ගීතයක් කරමු කියලා අදහස දෙන්නේ. ඒ වෙනකොට මම මියුසික් බෑන්ඩ් කිහිපයකම ගායකයෙක් විදිහට සිංදු කියනවා.

ඊට පසුව පිං පොං මගේ සිංදුවට සංගීතය කරන්න ගයන්ත විජේරත්නව සම්බන්ධ කරලා දෙනවා. ඒ අනුව මගේ පළමුවෙනි ගීතය නිෂ්පාදනය කරනවා. එහි පද රචනය ප්‍රියාල් වීරසිංහ. එම ගීතයට සමග හසී සිතාර, අර්ජුන කමලනාත්, පිං පොං, ගයන්ත විජේරත්න, ෆිල් ටී යන අය රංගනයෙන් දායක වෙනවා. එම ගීතයේ නම වන්නේ "මා නිසා". මුලින්ම හිරු ටීවී එකේ, කවුන් ඩවුන් වැඩසටහන මගින් එළිදක්වනු ලැබුවා.

මගේ දෙවැනි ගීතයේ නම "එක වරක් මා හමුවෙලා" එම ගීතයේ පද රචනය සජිත් වී චතුරංග විසින්ය. සංගීත ගයන්ත විජේරත්න. එම ගීතයට මාත් එක්ක රංගනයෙන් මාධව විජේසිංහ, විනු උදානි දායක වෙනවා. එම ගීතය හිරු රූපවාහිනිය මගින් මුලින්ම එළිදක්වනවා. එම ගීතය නිර්මාණය වුණේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි. ඊට අමතරව වීඩියෝ එක ලස්සන කරගන්න අලුත් දේවල් එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව ඕඩියෝ ගීත තිබුණා මුල් කාලයේදී. මේ දින වල මගේ තුන් වැනි ගීතයේ මියුසික් වීඩියෝවේ වැඩ පටන් අරගෙන තියෙනවා. එහි පදරචනය සජිත් වී චතුරංග සහ සංගීතය චන්දන වල්පොල විසිනි.

මගේ පළමු ගීතය එළිදක්වලා ටික කාලයට පස්සේ චන්ද්‍රරත්න මාපිටිගම සර්ගෙන් ආරාධනය අනුව මම "සුන්දරයි චන්ද්‍ර"කියන මගේ පළමු නාට්‍ය සඳහා සහභාගී වෙනවා. එහෙම නාට්‍ය ITN නාළිකාවේ විකාශය වුණා. මීට අමතරව මම රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝස් 02 ක් එළිදැක්වීමට නියමිතයි. එයින් එක ගීතයක් ගායනා කළේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සංඛ මධු සහ යොහාන් වික්‍රමසිංහයි. හිරු රූපවාහිනියේ විකාශය වීමට නියමිත අලුත්ම නාට්‍යයක් සඳහාත් රංගනයෙන් දායක වෙනවා. ළගදීම ඒ ටෙලි නාට්‍යයත් හිරු හරහා බලා ගන්න පුළුවන්. අලුත්ම රූපවාහිනි නාළිකාවක නිවේදන ශිල්පියෙක් විදිහටත් අගෝස්තු මාසයේ මුල ඉඳන් රසිකයන් එක්ක එකතු වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.

 

කවුරු හරි උදව් කරපු පිරිසක් ඉන්නවාද?

මගේ අම්ම තමයි මගේ හෙවණැල්ල වගේ ඉඳන් මේ තැනට ගෙනාවේ. ඊට අමතරව අධ්‍යක්ෂක සුරංග සේනාධීර අයියා. චන්දන වල්පොල අයියා විශේෂයි. ගායකයෙක් විදිහට ක්ෂේත්‍රයට ආවත් මාව නළුවෙක් කළා, ඒවගේම රූපවාහිනි නිවේදකයෙක් විදිහට එකතු වෙන රසිකයන් මගෙන් ඉල්ලපු නිසා මගේ ආදර රසිකයන්ව මතක් කරනවා වගේම ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා කියනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-25-ent-49



අදහස් (0)

ගායනයට මෙන්ම රංගනයට දස්කම් පාන දිමුතු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 377 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site