ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සිදුකෙරෙන ආකාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිරීක්ෂණය කළේය.
දිවයිනේ නන් දෙසින් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් හමු වූ ඇමැතිවරයා අදාළ කටයුතු පිළිබඳ කරුණු විමසා බැලූ අතර සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් ද කරුණු විමසා බැලීය.
තීරුබදු රහිත යතුරුපැදි ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් 3,000 කට අධික පිරිසක් ඉල්ලූම් කර ඇති බව ද එහිදී අනාවරණය විය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොල, මාධ්‍ය ලේකම් මධුශංක අබේගුණවර්ධන යන මහත්වරු ද එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනවා නම් සියල්ලන්ටම සාධාරණ ලෙස තීරුබදු රහිත යතුරුපැදි දියයුතුයි. (නි)
රාජ්‍ය සේවකයන්ට ලබාදුන් මිලටම මෙය මාධ්‍යවේදීන්ටද ලබාදෙන ලෙස වගකිවයුත්තන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
අපිටත් අඩු මිලට යතුරුපැදි ගන්න පුලුවන් නම්....(නි)
ඈත්තටම කියන්න සතුටුයි අප සම්මුඛ පරික්ෂණයට ගිය අවස්ථාවේදී එහි නිළධාරීන් අප වෙත දෑක්වූ කරුණාව හා කාරුණික බව ඒ ගැන කිව යුතුමයි. (අ)
3000ක් ඉල්ලුම් කළාට ඇත්තටම මාධ්‍යවේදින් ලෙසින් කටයුතු කරන්නේ කී දෙනාදැයි සොයා බලන්න. මේ වන විට මාධ්‍ය හැදුනුම් පත අතේ තියාගන වරදාන වරප්‍රසාද ලබා ගන්න පිරිසකුත් ඉන්නවා.මේ අය ගෙන් පිරිසන් පසුගිය යුගයේ දි මාධ්‍ය ලේකම් වරැන් වශයෙන්ද කටයුතු කළා. අද වන විට අපේ ඈත ගම්බදව දුක් කන්දරාවක් මැද සැබැ මාධ්‍යවේදින්ව කටයුතු කරන පිරිසක් ඉන්න නිසා තෝරා ගන්නා අයගේ නම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරලා විරෝධතා ඉදිරිපත් කරන්න කියන්න. ...(රේ)
මේ සංදර්ශන මොකටද? මාධ්‍ය ආයතනය සහතික කරනවානම් මාධ්‍යවේදියෙක් කියල ඒ අයට එය ලැබිය යුතුයි. සම්මුක පරීක්ෂණ තියන්නේ මොන එහෙකටද? මාධ්‍ය ආයතන ප්‍රධානීන් බොරු සහතික දෙනවද? (අ)
දහම් ඔයා දන්නේ නැති නම් හොයා බලන්න. ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. මාධ්‍ය හැදුනුම් පත අරන් සාක්කුවේ දා ගෙන විවිධ නරක වැඩ කරන. ඒ අය නිසා අද සමහර විට සැබැ මාධ්‍යවේදින්ටයි අසාධාරණය. ඔයා කැමැති නම් මම පුත්තලමේ ඉන්න එවැනි කට්ටිය ගැන කියන්නම්. ඒ අයත් සම්මුඛ පරික්ෂණයට ඇවිත් හිටියා.අපේ වත්මන් මාධ්‍ය ඇමතිවරයා රාජකාරි භාර ගත් දවසේ අමාත්‍යාංශයට ඇවිත් ඔහුව බදා ගෙන කිරිබත් කාපු අපුරැ කට්ටියක් ද ඉන්නවා. ඒ අය කරන්නේ තමන්ගේ බඩටයි. මම කියන්නේ හැදුනුම්පත සාක්කුවේ දමා ගෙන මාධ්‍ය කටයුතු නොකර වරදාන වරප්‍රසාදච ගන්න කට්ටියයි. ඔයාට මේ ටික තේරැම් ගන්න බැරිද. (බ)