එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උලුවිටකේදී පැවැති දිස්ත්‍රික් සමුළුවට එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැමිණියේ නැත.

කරු ජයසූරිය, තිස්ස අත්තනායක, රවී කරුණානායක මහත්වරු ද, එජාපයට මෑතක දී එක් වූ නදීෂා හේමමාලි මෙනවිය ද මේ සමුළුවට සහභාගී වූවාය.

ගයන්ත කරුණාතිලක මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

‘මෙම සුමුළුවේදී බෙන්තර ඇල්පිටිය ආසන්නයේ සංවිධාන කටයුතු මට බාර නොදී වෙනත් අලුත් කණ්ඩායමකට බාරදී තිබුණා. ඒ නිසා මම ඊට බාධා නොකර ඒ වැඩට ඉඩ දුන්නා. පක්ෂයෙන් මා යවන්න ඕනෑකම එක්කෙනකුට දෙන්නකුට තියෙනවා. නමුත් මා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර යන්නේ නැහැ. එජාපය හැර ගියොත් මා යන්නේ ගෙදර.‘