බත්තරමුල්ල පැලවත්ත විජිතපුරයේදී 57 හැවිරිදි පුද්ගලයකුට අතින් පයින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණ ගායකයා සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි.
පොලිසිය කිහිපවරක් ඔහුගේ පැලවත්ත නිවසට ගොස් ඇතත්, ඔහු නිවසේ සිට නොමැති බව කියති.
පහර දීමෙන් තුවාල ලැබූ සිසිර ප්‍රේමලාල් තලංගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තුවාල වලට මැහුම් හතරක් දමා ඇති බවත් රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! මම නම් නොවෙයි ඔන්න (නි)
මේ ගායකයා කවුද කියලා අපි දන්නවා (නි)
ඔය කියන ගායකයාගේ නම ප්‍රසිද්ධ කළොත් නේද හොඳ? (නි)
තරුණ ගායකයා කරාටේකාරයෙක්ද අප්පේ? බලාගෙන සංගීත සංවිධායකවරු පොල්ල තියලා මාරුවෙන්න නම් හදන්න එපා (නි)
දාන්නකෝ ඔය කියන සින්දුකාරයාගේ නම. (නි)
එහෙ කවුරුත් නැත්නම් ගුටිකාපු ගැමියා ඒ ගෙදර පදිංචි කරවන්න තියෙන්නේ..... (නි)
නම අහන්න එපා ඇවිත් ඔයාලවත් චිලි පේස්ට් කරයි (බ)
මේ වයසේ කෙනෙක්ට ගහපු මේ ගායකයා කවුද?(හේ)
මෙයා අදෝනා සින්දු කියන අර උස කෙනානේ (හේ)
හිතාගෙන ඉන්නේ සිංදුවක් කිව්වම මම හරි ප්‍රසිද්දයි කියලා.මීට වඩා සින්දු කියන අය අපේ ගම්වල හේනේ පැල්කවි කියනවා .(හේ)
ගායනය කරන්නේ අතින් පයින්ද? අලුත් සංස්කෘතියක්. (බ)
අනේ එයා මොන ගායකයෙක්ද? (හේ)
වාහම අත්අඩංගුවට ගන්න.(හේ)
කරලා තියෙන වැඩේ නම් කැතයි නේද.? (ර)
බත්තරමුල්ල අවට අනෙක් ගායකයන්ටත් මෙයා නිසා වුණේ ලොකු ලැජ්ජාවක් (නි)
හැමෝම බයයි වගේ ඒ ගායකයාට (නි)
ගායකයාගේ නම කියන්නකෝ දැක්කොත් කියන්න. (නි)
ගායකයා කව්ද කියලා කියන්න බැරිද ? (ර)
මිරිස් තමයි බුවා (බ)
ම්රිස් වලට කියන ඉංග්‍රීසි නම කොන්ඩේ දිගයි කට ඇදයි (බ)
ගුණසිරි, ඔය කියන මන්ද බුද්ධික ගායකයාට ඔයත් බයයි නේද. නැතිනම් ඔයත් මේ සිද්ධියට සම්බන්ධයි නේද. ඒක නිසා නේද නම කියන්නේ නැත්තේ. (බ)
අපේ රටේ දැන් වැදගත් ගායකයෝ අඩුයි (බ)