හය මාසයක් වයසැති දැරියක රුපියල් තිස් දහසකට විකිණීයැයි සැකපිට ඇගේ මව ද, දැරිය මිලට ගත් කාන්තාව ද රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.

දැරිය රුපියල් පනස් දහසක බැඳුම්කරයක් මත මවට මුදා හරින ලෙස ද නියම විය.

දැරිය රුපියල් පනස් දහසකට විකිණීමට පොරොන්දු වී රුපියල් තිස් දහසක් ලබා ගෙන ඇත්තේ ගෙයක් හදා ගැනීමට බව ද කියති.

සිද්ධිය අනාවරණය වූයේ දැරිය මිලට ගත් කාන්තාව ඉතිරි රුපියල් 20000 නොගෙවීයැයි මව සපුගස්කන්ද පොලිසියට කළ පැමිණිල්ලක් නිසාය.