පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා පුද්ගලයකුට (56) පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායක චිලී තිලංක ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (11) නියෝග කළේය.
පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා පුද්ගලයකුට (56) පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායක චිලී තිලංක ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (11) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගායකයෝ නෙමේ. බාල රේඩියෝ චැනල් පුම්බපු බොලද චරිත. (ර)
නියමයි. හොඳ තීන්දුවක් (නි)
අනේ මන්දා අපේ රටේ සංගීතයේ අනාගතය? (නි)
චන්න, හරියටම හරි (නි)
අද කාලයේ අම්මලාට ඕන ළමයින්ව දොස්තර නැති නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බැරි නම් සුපිරි තරුවක් කරන්න . හැබැයි මනුස්ස කමක් ළමයින්ට උගන්වලා නැහැ .(හේ)
මේ අය ගායකයෝද? (නි)
අනේ මන්දා අපේ රටේ ගායකයෝ? (නි)
මෙයා නම වෙනස් කරගත්තට ජනතාව සමඟ ගැවසෙන්න දන්නෙ නැහැ (නි)
හොඳ ජනප්‍රිය ගායකයකු හැටියට ජනප්‍රිය වන්නට බැරි නිසා මෙහෙම ජනප්‍රිය වෙන්න වෙන්න හදනවා වෙන්න පුළුවන් (නි)
නොකඩවා පළවන අදහස් වලින් පෙනෙන්නේ මොහු කොපමණ ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍රවුණ කෙනෙක්ද කියායි. (නි)
මෙයාගේ ෂෝ එකක් මම බැලුවා. වැඩිය තිබුනේ බොරු සෝබන. ගැලරියේ අයට නම් ඉතින් ඉහටත් උඩින් (නි)
මෙයා හිරේ යන්න ආස කෙනෙක් වගේ. බලන්නකෝ සතුට උතුරායන හැටි දෑතේ මාංචු දමා යනකොට. මෙයාගේ හිතේ ඇති සමහර දේශපාලකයින් වාගේ රිමාන්ඩ් එකේ ඉඳලා ආවහම හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා. (නි)
ලංකාවේ ඉන්නේ නළුවෝ නෙමෙයි එළුවෝ. මට නම් ගහන්න හිතෙනවා දැක්ක තැන (නි)
කඩුවෙල හොඳයි ආය ඇපත් නෑ (බ)
මෙයාව හොඳට පුහුණු කරලා ඊළඟ සැරේ ඔලිම්පික් වලට බොක්සිං හරි මීටර් 100 දුවන්න හරි යවමුද? මොකද මෙයා ගහන්නත් දක්ෂයි, දුවන්නත් දක්ෂයි. (නි)
මේ ගැහිල්ලත් එක්ක තවත් ගැහිල්ලක් පසුගිය දිනවල අහන්න තිබුනා. එක්කෙනෙක් නම් අමාරුවෙන් හොයාගෙන තියනවා. අනිත් කෙනා කවුද කියලා දන්නෙත් නැහැ. හොයන වගක් පේන්නෙත් නැහැ. (නි)
ඉතා හොඳ තීන්දුවක් (නි)
මේ මිනිසුන් නොමේරූ අය ලෙසයි මම නම් දකින්නේ. මොවුන් මාධ්‍ය මඟින් පුම්බා තැබුවාට මොවුන්ට ජනතාව සමඟ ගනුදෙනු කිරීමට තරම් පැසුණු බුද්ධියක් නැහැ. (නි)
වික්ටර් , මිල්ටන්, ජෝති, සුනිල් ...... ඉතින් ඊටපස්සේ තවත් මේ ගායකයෙක්ගේ නමක්... කොහෙද හිටියේ මෙච්චර කල්? මොනවද කළේ? කියන්නකෝ. (නි)
රටේ නීතිගරුක මිනිස්සු හදන්න බොහෝ කලක් යාවි කියල හිතෙනවා මේ වගේ දේවලුත් එක්ක. අද මනුස්සකමක් නැහැ මිනිස්සු අතරේ. මෙම ගායකයා බොහෝ රටවල යන කෙනෙක්. වෙනත් රටවල් දැකලා ඇතිනේ. කොහොමද පාරේ ඇවිදගෙන යන අයට මුල්තැන දෙන ආකාරය ...? මම හිතන්නේ උසාවිය මගින් සාධාරණයක් ඉටුවේවි (නි)
අහෝ ගායක නොදිටි මොක්පුර! (නි)
මේගොල්ලෝ ගහලා මදි අපිට. මොකද මේගොල්ලන්ව ඔතනට උස්සලා තිබ්බේ අපිනේ. අපේ මෝඩකමට දැන් ඉතින් අපිම ගහගන්න ඕනෑ (නි)
තනුවකට අනුව වචන කිහිපයක් ගායනා කළ පමණින් ගායකයෙකුට වියහැකිද? (නි)
මේ මොන ගායකයෙක්ද? අමරදේව, වික්ටර්, සනත්, අමරසිරි, සෝමතිලක, ආදී ගායකයන්ගේ වටිනාකම දැනෙනවා (නි)
දැන් ඉතින් චිලී බෙල් පෙපර් වෙලා ඇති රිමාන්ඩ් එකේ නවතින්න රෝහලක් වත් නැද්ද? හතු පිපෙන්නා වගේ එන ගායකයෝ...(බ)
අපේ ඇතුලේ ඉන්න අයියල මල්ලිලා ටික එකතු වෙලා මේ මල්ලිට පොඩ්ඩක් පොළොවේ පය ගහල ඉන්න හැටි ටිකක් ඉගැන්නුවොත් බොහොම ස්තුති වන්ත වෙනවා. උසාවි තීන්දුවත් ඉතාම අගේ කොට සලකනවා. මේවගේ තව අයට මේක හොඳ පාඩමක් වන්නට. (බ)
මේ ළඟදිත් ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවකින් මෙයා පවුලේ සාමාජිකයෙකුත් එක්කම පෙන්වලා උඩින් තිබ්බා. දැන් ඒ මාධ්‍ය ආයතනයට ලැජ්ජාවේ මුණ වහ ගන්න බැරිය! (බ)
උසාවියට ජයවේවා! (නි)
උද්දච්ච කලාකාරයන්ව පුම්බන අය තමයි මූලික වැරදිකාරයෝ. (නි)
උදය දම්මික කොහොමත් මේ වගේ දේවල් කරලා ඇතුලට යන අයට,නියම පාඩම ඇතුලෙන් ලැබෙනව. (බ)
කලිනුත් මේ වගේ ගායකයෙක් යයි කියා ගත්තු එකෙක් හෝටල් සේවකයෙකුට පිස්තොලේ දික් කළා මතකද? මුන් ගායකයෝ නෙවෙයි අංජබජල් පොරවල් ...(බ)
මෙයාගෙත් අඩු කඩලයි යවන්න තිබුණේ හොඳ පාඩමක් ඉගෙනගන්නත් එක්කම. සින්දුවක් දෙකක් කිව්වහම මේ අයව මාර්කට් කළේ අපේ මාධ්‍යය. වික්ටර්, සනත්, ජෝතිපාල, මිල්ටන්, කපුගේ කියන්නේ නම් ගායකයෝ. මේ අයට ගායකයෝ කියලා එ්කේ තියෙන නම්බුවත් නැතිවෙනවා. කාසි වටිනාකමෙන් අඩුවුණාට සෙළවෙනකොට හරි සද්දෙයි. කොළ එහෙම නැහැ. අගය වැඩියි. සද්දේ අඩුයි. (නි)
චිලී නොවේ, චී චී තිලංක නම නම් ගැළපෙනවා. (නි)
වයසක මනුස්සයෙකුට ගරුකරන්න දන්නේ නැති මේ වගේ අයට දෙන්න ඕනෑ උපරිම දඬුවම්, අනෙක් උදවියටත් දැනෙන්න (නි)
මෙයා කියපු සින්දු මොනවාද? (නි)
ගායනයට හැකියාවක් තියෙන අයට තමයි ගායකයෝ කියන්නේ, මේ කව්ද? ගාය කයියක් තියෙන කෙනෙක් ඒකට ලැබෙන සම්මානය ගියතැනින් ලැබේවි. (බ)
මෙය මිරිස් වලටත් සිදුවූ අවමානයක් (නි)
මම නම් ඇහුවෙත් අදමයි ඔහොම ගායකයෙක් ඉන්නවා කියලා. මොකද්ද හේතුව මෙයා වැඩිහිටියෙකුට අඩන්තේට්ටම් කරන්න? ආයෙමත් එහෙම නොකරන්න මතක හිටින්න පාඩමක් උගන්නන්න ඕනෑ. (නි)
පිටබැද්දර ජයා, ඔයා වෙන්න ඇති උස්සලා තිබ්බේ මේ වගේ අය. නැතුව අපි නම් නෙමෙයි (නි)
මිනිසුන් පැහැරගෙන ගොස් අඩත්තේට්ටම් කළ කාන්තාවනුත් ඔය හොඳින් ඉන්නේ? අහෝ මා දුටු යහපාලනය! (නි)
නමේ හැටියටම මිරිස් වගේද දන්නේ නැහැ. කොහොම නමුත් මේ වගේ අය කරන්න ඕනෑ කවුරුත් එයාලට ගැහුවත්, හැකිතරම් ඉවසන්න. එය මෙයාලා ඉගෙනගන්න ඕනෑ. (නි)
අම්මෝ! අතට මාංචු වැටුනහම තියෙන සන්තෝෂේ (නි)
අම්මපා අදයි දන්නේ "චිලි" කියල ගායකයෙක් ලංකාවේ ඉන්නවා කියලා. ඒත් එයාගේ සින්දු නිසා නොවෙයි. (නි)
මෙහෙම දෙයක් උනාම තමයි දන්නෙත් මෙයාල ගැන .මොන ගයාකයෝද අනේ (බ)
අත පය හරියට තියෙන්නේ අහින්සකයෝන්ට ගහන්න නෙමේ තමන් ජීවත් වෙලා තමන්ගේ රටට ආගමට දහමට වැඩක් ඇති මනුස්සයෙක් වෙන්න. (ර)
මෙයා ගායකයෙක් නම් අමරදේව මහත්තය අමරසිරි පීරිස් මහත්තය ලා එහෙම කව්ද? (ර)
තමුන්ගේ පියාට වඩා වයසින් වැඩි මනුස්සයකුට නේ ගහලා තියෙන්නේ... (ර)
මේයා පයින් ගහල තියෙන්නේ තමන්ගේ තාත්තගේ වයස මනුස්සයෙක්ට නේද? මේ අය නළුවොද? (ර)
මෙයා ගායකයෙක් නම් කසුන් කල්හාර, බාචි සුසාන්, අතුල අධිකාරි, ඉන්ද්‍රචාප, හර්ෂ බුලත්සින්හලලාව කොහොමද හඳුන්වන්නේ? (හේ)
හොඳ දඩුවමක් දෙන්න.(හේ)
නුතන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න තිරයෙන් පිටුපස ඉඳන් කුමක් හෝ කරලා මුදල්ද යහමින් වියදම් කරලා තමා ගායකයෙක් යන ලේබලය අලවාගන්න එක අමාරු දෙයක් නොවෙයි. (හේ)
මුල අමතක ගායකයෙක් කියා තමන්ම කියා ගන්නා කෙනෙක්. (ර)