ගාල්ල මිලිද්දූව මොරගොඩ දුරකථන කුළුනකට පුද්ගලයෙක් නැග උපවාසයක් ආරම්භ කර ඇත.
තමා සිටින්නේ කුලියට ගත් නිවසක බව කියන ඔහු තමා හා දරු පවුලට ජීවත් වීමට ස්ථිර නිවාසයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.
බිරිය හා දරුවාද එම ස්ථානය අසල සිටී.
ගාල්ල මිලිද්දූව මොරගොඩ දුරකථන කුළුනකට පුද්ගලයෙක් නැග උපවාසයක් ආරම්භ කර ඇත.
තමා සිටින්නේ කුලියට ගත් නිවසක බව කියන ඔහු තමා හා දරු පවුලට ජීවත් වීමට ස්ථිර නිවාසයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.
බිරිය හා දරුවාද එම ස්ථානය අසල සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සා නැහැ ආදායම් නැහැ කියල නිකම් ඉඳල හරි යනවද ? කිව්වත් වගේ ඇයි තමන්ගේ කියල ස්වයන් රැකියාවක් වත් නොකරන්නේ. ඊළඟට තව කාලෙකින් කුලුනකට නගීවි ළමයින්ගේ මගුල් ගෙවල් වලටත් ආණ්ඩුවෙන් වියදම් කරන්න ඕන කියල. (නදී)
හැමෝම ගස් නගිනවා දැන්.(හේ)
ලැම්බෝගිනියක් ඉල්ලලා මමත් නඟිනවා උසම කුළුනකට. (නි)
දැන් මේ වගේ දෙයක් කරා කියලා ගෙයක් ලැබෙයිද?(හේ)
සියලු දුරාචාරයන්ගෙන් ඈත්වෙලා, කම්මැලිකම අතහැරලා, මහන්සිවෙලා වැඩ කළා නම් නිවසක් මුදලට ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.පොඩිදේටත් උඩ නගින එක දැන් විලාසිතාවක් වෙලා. (නි)
මේ වගේ කාලෙට තමයි ඕවා ඉල්ලන්න ඕනෑ. (නි)
එහෙනම් අද ඉදන් මම මේ කුළුණු ඔක්කොම කොට කරනවා. එතකොට ආරක්ෂාවත් හොඳයිනේ (නදී)
පුදුම වැඩක්නේ. දැන් ඔය නෝනාටයි මහත්තයටයි එකතුවෙලා අත පය වෙහෙසලා අදායමක් සපයා ගන්න බැරිද? කසාදයක් බැඳගත්තේ, පවුලක් හදාගත්තේ තමන්ගේ ආදායම් ගැන හිතලා නෙමෙයිද? (නි)
ලංකාවේ ඉන්න ගොඩක් මිනිසුන්ට ගෙයක් හදාගන්න සල්ලි නැහැ. ඔක්කොම කණු උඩ නැග්ගොත් මොකද වෙන්නේ?උත්සාහ කරලා පැලක්වත් අටවාගන්න බලන්න. (නි)
සංවිධානාත්මක වැඩක්. (ර)
එක අතකට සාධාරණයි. (ර)
අද මිනිහෙකුට ගෙයක් හද ගන්න නම් හොද අදායමක් තියෙන්න ඕනේ. ලැබෙන මුදලින් යන්තම් කාලා බිලා ළමයි පාසල් යවන කොට තව අතිනුත් ණය වෙලා තමයි මාසේ ඉතුරු ටික ගෙවන්නේ! හැමෝටම ලොකු රස්සා නැහැනේ. සමහරු කතා කරන්නේ සුරපුරයෙන් බැස්ස වගේ . එත් මේ මිනිසුන්ගේ දුක තේරුම් ගන්න.(හේ)
අනේ මන්ද තමන්ගේ උත්සාහයක් නැතිව හැම දෙයක් ම අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙහෙම ? මේගොල්ලන්ට කුලී ගෙවල් හරි තියනවා. පාරේ බස් නැවතුමේ කී දෙනෙක් පවුල් පිටින් ඉන්නවද ? (බ)
මිනිස්සු තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරගන්න තමන්ගේ පැත්තෙනුත් මහන්සි වෙන්න ඕනේ නේද ? හැමෝම ණය වෙලා තමයි ගෙවල් දොරවල් හදා ගන්නේ. සමහර කම්මැලි නෝනලා ගෙදර පොඩි ආදායම් මාර්ගයක් එන දෙයක් වත් කරන්න කැමති නැහැ. එහෙම නැති නම් සමහරු ගෙවල් දොරවල් ලියල දෙන්න කියල දෙමාපියන්ට වද දෙනවා. මුළු රටේම මිනිස්සු තමන්ට අතට පයට කරලා දෙන්න ඕන කියල හිතන්නේ ඇයි ? ආබාධිතයෝ නෙවෙයි නේද ? (නදී)
පිස්සු නැතුව බැස්සා නම් හොඳයි. (නදී)
අනේ මන්ද මේ නෝනා ජැන්ඩි පහට ඇඳගෙන වාඩි වෙලා ඉන්නේ. අනෙක් නෝනලා වගේ මහන්සි උනා නම් මොකද ? අපේ ගෙදර ගත්ත බැංකු ණය ගෙවන්න අපේ නෝනා ගෙදර ඇඳුම් මහල මට උදව් කරනවා. ඊට කලින් එයා කැවිලි ජාති හදල කඩ වලට දැම්මා. නගරයේ කාර්යාලවල කෑම ඕඩර් කරනවා. අනේ මන් දන්නේ නැහැ අපිට නම් අපේ කරුම, ආණ්ඩුවයි රටේ අනිත් මිනිස්සුන්ගෙයි පිටින් අරින්න බැහැ. (නදී)
අහිංසක පවුලක්. දරු පැටව් ජිවත් කරන්ට බැරි නිසානේ. ලිපිනය පල කරන්න. හැමදාම කල විදියට මට හැකි උදව්වක් කරනවා. (ර)
ගෙයක් දුන්නත් මේ වගේ මිනිස්සුන්ගේ ඉල්ලීම් නැති වෙන්නේ නැහැ. ඊළඟට කියාවි ගෙට බඩු මුට්ටු ඕන කියලා. ඉල්ලීම් ඉවරයක් වෙන්නේ නැහැ. (ර)
කෝ මේ බොදු බල සේනාව. කාලයක් ළමයි හදන්න කතා කෙරුවා. පුලුවන්නම් මේ හදපු ළමයට ගෙයක් දෙන්න (නදී)
අසෝක මහත්තයෝ, හැමෝටම හොඳ රැකියා නැතිබව ඇත්ත. නමුත් උත්සාහය තියනවා නම් දියුණු වෙන්න පුළුවන්. මගේ ජීවිතය හොඳම උදාහරණයක්. 2003 වසරෙදි මම සුපවයිසර් කෙනෙක් විදිහට රුපියල් 6000 කට සේවය කෙරුවේ. මම පාන්දර 4.30-උදේ 8.00 වෙනකන් හා හවස 6.00-රාත්‍රී 10.00-දක්වා ත්‍රීවිල් එකක් හයර් දුවල රුපියල් 1000ක් විතර හම්බ කෙරුවා. අද මම මාසෙකට ලක්ෂ තුනකට වඩා උපයනවා මගේම වියාපාරයකින්. මිලියන 10 කටවඩා වටිනා නිවසක් හා වාහන තියනවා. (නදී)