IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත් 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.

2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවැසුවේය



අදහස් (2)

ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

යෝගා Thursday, 09 January 2025 06:22 AM

දැන් කියයි මාලිමාවේ හපන්කම කියලා. ඔබතුමා ඉන්නකම් ආර්ථිකය රැකෙයි. ආණ්ඩුවට රටේ අත්‍යවශ්‍ය ආහාර ටික බෙදාහැරීම කරගන්න බෑ

:       11       19

Lalla Thursday, 09 January 2025 11:07 AM

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය එක්ක මොන විරෝධතාව තිබුණ වුවත් එතුමාගේ දුර දක්නා පරිපාලන සහ ආර්ථික දැක්ම ගැන ප්‍රණාමය පුද කරන්න ඕනැ. තම බුද්ධිය සහ දේශපාලන පරිචයේ උච්ඡතම අවධියේ ඔහු අතට රට පත්වූ බව ඇත්ත නේද...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site