ගිය රජය කාලයේ හෙක්ටෙයාරයකට අවශ්යෙ පොහොර මිටි 10 ක් මිලට ගැනීමට රුපියල් 5000 ක් වියදම් කළ ගොවියාට දැන් පොහොරමිටි 10 ක් රුපියල් 25000 කට ගත හැකි බවත් එම මුදල රජයෙන් නොමිලේ ලැබෙන බවත් දුමින්ද දිසානායක මහතා කියයි.
ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මේ දිනවල තම අමාත්‍යාංශයට චෝදනා එල්ල වන බව කී ඇමතිවරයා මෙය සිදුකරන්නේ අනාගතයේ දී අතිරික්ත අස්වනු නාස්තිය වළක්වා ගැනීම, ගොවීන්ට නව තාක්‍ෂණික දැනුම ලබාදීම ආදී අරමුණු ඇතිව නිසා එහි ප‍්‍රතිලාභ ලැබීමට අපහසුතා විඳිමින් හෝ ලියාපදිංචි වන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තමද. බයිසිකල් කතාව වගේ රසවත් ප්‍රබන්ධයක් එහෙම නෙමෙයි නේද? (නි)
"ප‍්‍රතිලාභ ලැබීමට අපහසුතා විඳිමින් හෝ ලියාපදිංචි වන ලෙස" අනේ අනේ... (නි)
අනේ අපි මේවට මොකුත් කියන්නේ නැහැ (නි)
මට තේරෙන විදියට නම්, එදා පොහොර මිටිය 350 ගානේ මිටි 10ට වැඩිය වුණත් ගොවියාට මිලදී ගන්න පුළුවන්. අද පොහොර මිටි 10ක මිල වන 25000 ක මුදලක් ගොවියට ලබාදෙන බවත්, ඉන් වැඩි පොහොර මිටියට 2500 බැගින් ගෙවා ගොවියා ලබාගත යුතු බවත්ය මගේ හැඟීම. කවුරුහරි මේ ගැන හරි පැහැදිලි කිරීමක් කරන්නකෝ (නි)
වෙස්සන්තර රජයක් (හේ)
සාධාරණත්වයේ නාමයෙන් බටහිර වුවමනාවට ලාංකික ගොවියා විනාශ නොකරන්න. (ම)