'එච්එන්ඩීඒ ඩිප්ලෝමා සිසුන්ට රජයේ රැකියා ලබා ගැනීමට තිබු අවස්ථාව නැති කිරිමට එදා ආණ්ඩුවේ කැබිනට් මණෟඩලයේ අත ඉස්සු අය තමයි අද ළමයින්ට පොලිසිය පහර දුන්න බව කියමින් කිඹූල් කඳුළු හෙළන්නේ'
“පසුගිය ආණ්ඩුව කළ වැරදි වලට අද අපට වන්දි ගෙවන්න වෙලා තිබෙනවා. අපි එය වහා නිවැරදි කර 46/90 චක්‍රලේඛය නැවත බලගන්වා එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරින්වත් රජයේ රැකියා ලබා දෙන්න කටයුතු කරනවා යැයි රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.”
එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරි සිසු සිසුවියන් පිරිසකට රාජ්‍ය සංවර්ධන නිලධාරි පත්විම් ලිපි ප්‍රධානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමැති මේ බව පැවසීය . රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අද (05) පැවැති අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අමාත්‍යාංශ ලේකම් ජයසිරි දඹල්ලගේ මහතා එක්වුහ.
(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයේත් ගිණුම්කරණයට ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් අඩුවෙන් වැඩකර වැඩියෙන් නිවාඩු ගෙන අන්තිමේ විශ්‍රාම වැටුපකුත් අරගෙන ගෙදර යන්න පුළුවන් නිසා හැමෝම රජයේ රැකියා ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. (නි)
ඔබතුමාලගේ කතා විතරනේ. වැඩ නැහැනේ! දැන් බඩු මිල අහස් උසට නැඟලා. (නි)
ගිය ආණ්ඩුවේ වැරදි වලට වන්දි ගෙවීම පවක් කියලා හිතන්න එපා මහත්තයෝ (නි)
පරණ ආණ්ඩුවට දොස් පවරලා දැන් වැඩක් නැහැනේ (නි)
සමහරු නම් මෙතනත් නිදාවැටෙන්න ඔන්න මෙන්න වගේ. හැබැයි ඔහොම නම් බැහැ කාර්යාලයක දුවලා පැනලා වැඩ කරන්න (නි)
යුද්දේ නතර කළ එකත් එක්කද ? (ම)
නිදා වැටෙන්නේ මේකලු බණ අහන්න බැරිව වෙන්න ඇති. (බ)
ඉතින් හත් දෙයියනේ ගිය ආණ්ඩුවේ හිටපු ඇමති උත්තමයෝමනේ මේ ආණ්ඩුවේත් වැඩිපුරම ඉන්නේ. ඉතින් අපි මොනවා කරන්නද? (ම)
ඩිලාන්, ඔබ ලොකු සමාගමක හිමිකරුවෙකු හෝ යථාරථය නොදන්නා අයෙකු විය යුතුය. උපාධි ලබා ගැනීමෙන් පසුවද වර්තමානයේ සිසුන්ට සිදු වී ඇත්තේ පුහුණු වන්නන් ලෙස වසර 3 හෝ 4 රුපියල් 8000 කට අඩු දීමනාවකට සේවය කිරීමටය. වසරක පමණ පුහුණු කාලයක් සාධාරණ නමුත් තරුණ ශ්‍රමය සුරකන නිසි ඔවුන් රජයේ රැකියාවක් බලාපොරොතු වන්නේ. තරුණ ළමුන්ට ද සිහින ඇත. අඩුම තරමේ දෙමාපියන්ගෙන් යැපෙනේ නැතුව ඔවුනට ජිවත් විය හැකි විය යුතුය. වර්තමානයේ පෞද්ගලික අංශය පුහුණුවන්නන් පමණක් බදවාගන්නා ශ්‍රම සුරාකන තැනට පත් වී ඇත. ඒබැවින් රජයේ රැකියාවක් බලාපොරොතු වීම වැරදිද ? (ම)
ඕනෑම ගොනෙකුට ඕන ගොන් කතාවක් කියන්න පුළුවන් (ම)
ඩිප්ලෝමාවකට කොහොමද උපාධි සුදුසුකම් දෙන්නේ? (ම)
පාරවල් විවෘත කරන කොටත් කියනවද මේ අපි විවෘත කරන්නේ පහුගිය රජයෙන් හදපු පාරවල් කියල.(ම)
මොහාන් , දුන්නේ නැත්නම් ඉතින් පාරට බහීවි. ඒකනේ දැන් ඉල්ලීම් දිනාගන්න අලුත්ම ක්‍රමය. (නි)
අනේ අපි නම් ඕවා ගැන දන්නෙ නැහැ (නි)
මාලක, රැකියාවකට යම් පුහුණු කාලයක් අදාළ බව දන්නේ නැති ඔබ ජීවත්වෙන්නේ අභ්‍යාවකාශයේද? අනෙක උපාධිය යනු රැකියා කුසලතාව නොවේ. බහුතරයක් උපාධිධාරීන්ට රැකියා කුසලතා අවමයි. (නි)
මාලක, හැමදෙයක්ම සිතූ සැණින් ලැබෙන්න ඕනෑද? දැන් රජයේ සේවයට ගියා කියලා මේ බහුතරය හරියට වැඩ කරනවද? (නි)
"හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද..." (ම)
මාලක,හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන එක හොඳ නැහැ පුද්ගලික අංශයේ රැකියා වැඩිකළ යුතුයි (නි)
මාලක, උපාධිය කියන්නේ ඉක්මනින් හැමදේම ලබාගන්න පුළුවන් ඇලඩින්ගේ පුදුම පහන වගේ එකක් නෙමෙයි. රැකියා කුසලතා නැත්නම් ඒ දේවල් ඇතිකර ගැනීමට කාලයක් යනවා. (නි)
දිලාන් කියපු දේ හරි. මේ උපාධිධාරීන් හිතන්නේ හැමදේම ඉල්ලන පරක්කුවෙන් ලැබෙන්න ඕනෑ කියලා. (නි)