IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ගිය ආණ්ඩුවේ වැරදි වලට අපිට වන්දි ගෙවන්න වෙලා’

'එච්එන්ඩීඒ ඩිප්ලෝමා සිසුන්ට  රජයේ රැකියා ලබා ගැනීමට තිබු අවස්ථාව නැති කිරිමට  එදා  ආණ්ඩුවේ  කැබිනට් මණෟඩලයේ  අත ඉස්සු  අය තමයි අද ළමයින්ට  පොලිසිය පහර දුන්න බව කියමින් කිඹූල් කඳුළු හෙළන්නේ'

“පසුගිය ආණ්ඩුව කළ වැරදි  වලට  අද අපට  වන්දි  ගෙවන්න වෙලා  තිබෙනවා. අපි එය වහා නිවැරදි  කර  46/90 චක්‍රලේඛය නැවත බලගන්වා  එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරින්වත්  රජයේ රැකියා  ලබා දෙන්න කටයුතු  කරනවා  යැයි  රාජ්‍ය  පරිපාලන හා කළමණාකරණ ඇමැති  රංජිත් මද්දුම බණ්ඩාර  මහතා පැවසීය.”

එච්එන්ඩීඒ ඩිප්ලෝමාධාරි සිසු සිසුවියන් පිරිසකට  රාජ්‍ය  සංවර්ධන නිලධාරි පත්විම්  ලිපි  ප්‍රධානය කිරිමේ  අවස්ථාවට  එක්වෙමින්  ඇමැති මේ බව පැවසීය . රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශයේදී  අද (05) පැවැති  අවස්ථාවට  උසස්  අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා  ද අමාත්‍යාංශ ලේකම් ජයසිරි දඹල්ලගේ මහතා එක්වුහ.

RDS_4537 RDS_4526 RDS_4532 RDS_4535

(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

‘ගිය ආණ්ඩුවේ වැරදි වලට අපිට වන්දි ගෙවන්න වෙලා’

ඩිලාන් Thursday, 05 November 2015 07:49 AM

පුද්ගලික අංශයේත් ගිණුම්කරණයට ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් අඩුවෙන් වැඩකර වැඩියෙන් නිවාඩු ගෙන අන්තිමේ විශ්‍රාම වැටුපකුත් අරගෙන ගෙදර යන්න පුළුවන් නිසා හැමෝම රජයේ රැකියා ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. (නි)

:       0       0

රන්ජිත් Thursday, 05 November 2015 07:50 AM

ඔබතුමාලගේ කතා විතරනේ. වැඩ නැහැනේ! දැන් බඩු මිල අහස් උසට නැඟලා. (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ Thursday, 05 November 2015 01:56 PM

ගිය ආණ්ඩුවේ වැරදි වලට වන්දි ගෙවීම පවක් කියලා හිතන්න එපා මහත්තයෝ (නි)

:       0       0

කණිෂ්ක Thursday, 05 November 2015 07:51 AM

පරණ ආණ්ඩුවට දොස් පවරලා දැන් වැඩක් නැහැනේ (නි)

:       0       0

රුචිර Thursday, 05 November 2015 07:51 AM

සමහරු නම් මෙතනත් නිදාවැටෙන්න ඔන්න මෙන්න වගේ. හැබැයි ඔහොම නම් බැහැ කාර්යාලයක දුවලා පැනලා වැඩ කරන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 08:13 AM

යුද්දේ නතර කළ එකත් එක්කද ? (ම)

:       0       0

දහම් Thursday, 05 November 2015 08:18 AM

නිදා වැටෙන්නේ මේකලු බණ අහන්න බැරිව වෙන්න ඇති. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 05 November 2015 08:48 AM

ඉතින් හත් දෙයියනේ ගිය ආණ්ඩුවේ හිටපු ඇමති උත්තමයෝමනේ මේ ආණ්ඩුවේත් වැඩිපුරම ඉන්නේ. ඉතින් අපි මොනවා කරන්නද? (ම)

:       0       0

මාලක Thursday, 05 November 2015 09:20 AM

ඩිලාන්, ඔබ ලොකු සමාගමක හිමිකරුවෙකු හෝ යථාරථය නොදන්නා අයෙකු විය යුතුය. උපාධි ලබා ගැනීමෙන් පසුවද වර්තමානයේ සිසුන්ට සිදු වී ඇත්තේ පුහුණු වන්නන් ලෙස වසර 3 හෝ 4 රුපියල් 8000 කට අඩු දීමනාවකට සේවය කිරීමටය. වසරක පමණ පුහුණු කාලයක් සාධාරණ නමුත් තරුණ ශ්‍රමය සුරකන නිසි ඔවුන් රජයේ රැකියාවක් බලාපොරොතු වන්නේ. තරුණ ළමුන්ට ද සිහින ඇත. අඩුම තරමේ දෙමාපියන්ගෙන් යැපෙනේ නැතුව ඔවුනට ජිවත් විය හැකි විය යුතුය. වර්තමානයේ පෞද්ගලික අංශය පුහුණුවන්නන් පමණක් බදවාගන්නා ශ්‍රම සුරාකන තැනට පත් වී ඇත. ඒබැවින් රජයේ රැකියාවක් බලාපොරොතු වීම වැරදිද ? (ම)

:       0       0

කුසුම් Thursday, 05 November 2015 09:25 AM

ඕනෑම ගොනෙකුට ඕන ගොන් කතාවක් කියන්න පුළුවන් (ම)

:       0       0

මොහාන් Thursday, 05 November 2015 09:28 AM

ඩිප්ලෝමාවකට කොහොමද උපාධි සුදුසුකම් දෙන්නේ? (ම)

:       0       0

ජයරත්න Thursday, 05 November 2015 09:37 AM

පාරවල් විවෘත කරන කොටත් කියනවද මේ අපි විවෘත කරන්නේ පහුගිය රජයෙන් හදපු පාරවල් කියල.(ම)

:       0       0

කෙවින් Thursday, 05 November 2015 09:38 AM

මොහාන් , දුන්නේ නැත්නම් ඉතින් පාරට බහීවි. ඒකනේ දැන් ඉල්ලීම් දිනාගන්න අලුත්ම ක්‍රමය. (නි)

:       0       0

කිඹුලාපිටිය Thursday, 05 November 2015 09:43 AM

අනේ අපි නම් ඕවා ගැන දන්නෙ නැහැ (නි)

:       0       0

යසිරු Thursday, 05 November 2015 09:48 AM

මාලක, රැකියාවකට යම් පුහුණු කාලයක් අදාළ බව දන්නේ නැති ඔබ ජීවත්වෙන්නේ අභ්‍යාවකාශයේද? අනෙක උපාධිය යනු රැකියා කුසලතාව නොවේ. බහුතරයක් උපාධිධාරීන්ට රැකියා කුසලතා අවමයි. (නි)

:       0       0

රුවන් Thursday, 05 November 2015 10:05 AM

මාලක, හැමදෙයක්ම සිතූ සැණින් ලැබෙන්න ඕනෑද? දැන් රජයේ සේවයට ගියා කියලා මේ බහුතරය හරියට වැඩ කරනවද? (නි)

:       0       0

ගජදාස Thursday, 05 November 2015 11:05 AM

"හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද..." (ම)

:       0       0

චාමර Thursday, 05 November 2015 12:34 PM

මාලක,හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන එක හොඳ නැහැ පුද්ගලික අංශයේ රැකියා වැඩිකළ යුතුයි (නි)

:       0       0

සුරේන් Thursday, 05 November 2015 12:44 PM

මාලක, උපාධිය කියන්නේ ඉක්මනින් හැමදේම ලබාගන්න පුළුවන් ඇලඩින්ගේ පුදුම පහන වගේ එකක් නෙමෙයි. රැකියා කුසලතා නැත්නම් ඒ දේවල් ඇතිකර ගැනීමට කාලයක් යනවා. (නි)

:       0       0

චම්පි Thursday, 05 November 2015 12:53 PM

දිලාන් කියපු දේ හරි. මේ උපාධිධාරීන් හිතන්නේ හැමදේම ඉල්ලන පරක්කුවෙන් ලැබෙන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site