IMG-LOGO

ගම්පහ පුරපතිගේ අමුතු කෑම බෙදිල්ල

(රංජන් කස්තුරි) 

රජයේ ප්‍රතිපාදනවලින් සකස් කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කළ බව කියන සිද්ධියක්   සම්බන්ධයෙන් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාට එරෙහිව බස්නාහිර පළාත් සභාව මගින් පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම්   කාර්යාලය සූදානම් කළ කෑම සහ ගම්පහ නගර සභාව  මිලදී ගෙන තිබූ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා මැදිහත්වී එය ඔහුගේ පෞද්ගලික වියදමින් සිදු කළ සමාජ සත්කාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇතැයි ද කියමින් ගම්පහ නගර සභාවේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඒ පිළිබඳව බස්නාහිර පළාත් සභාවට පැමිණිලි කර ඇත.

අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ කෑම සහ වතුර බෝතල් ට්‍රැක්ටරයකින් ගෙන යමින් තිබියදී හිටපු නගරාධිපතිවරයා එම ට්‍රැක්ටරයට ගොඩ වී රියැදුරු පසුපසට යවා ඔහු රථය පදවා ගෙන ගොස් ජනතාවට කෑම බෙදා දී තිබෙන බව ද එමගින් ඔහු දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කර ඇතැයි ද කියමින්  එම මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභාවට පැමිණිලි කර ඇත.

රජයේ ප්‍රතිපාදනවලින් සකස් කළ කෑම සහ වතුර බෝතල් බෙදා දීමට හිටපු නගරාධිපතිවරයා බලහත්කාරයෙන් මැදිහත් වී ඇතැයි ද ඔහු නගර සභාවේ ට්‍රැක්ටරය   බලහත්කාරයෙන් පදවා ගෙන යමින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇතැයි ද එම විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ පිළිබදව කළ විමසුමකදී බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගර සභාවේ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අවතැන් ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර සහ වතුර බෝතල් සඳහා තමන්ගේ පෞද්ගලික ධනය ද වැය කළ බවය.

තමා ගමන් ගත් වාහනයට වතුර යෑම නිසා එය මග නතර වූ බව ද එම නිසා තමා නගර සභාවේ ට්‍රැක්ටර් රථයට ගොඩ වූ බව ද එරංග සේනානායක මහතා සඳහන් කළේය.

ගංවතුරෙන් අවතැන් ගම්පහ ජනතාවට සහන සැලසීමට තමා හැමවිටම කටයුතු  කළ බව ද එය ඉවසාගත නොහැකි වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු තමන්ට එරෙහිව බොරු පැමිණිලි කර ඇතැයි ද හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (7)

ගම්පහ පුරපතිගේ අමුතු කෑම බෙදිල්ල

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 06:56 AM

මොවුන් හැමදාම කෙරුවේ හොරා කන එක මිනිස්සු රවටන එකයි.ඒවා නවත්වන්න මේ හොරු කල්ලිය පන්නන්නම වෙනවා. දැනටමත් ලගින්නේ ප්‍රසිද්ධ කුණු ගොඩක නිසා, ට්‍රැක්ටරයට නොවෙයි කුණු ලොරියකට වුණත් නගිවී කිසිම කැතක් නැතිව.

:       1       61

Perera Thursday, 06 June 2024 06:57 AM

ඔව් ඉතින් මහින්ද රාජපක්ෂ එයාගේ පෞද්ගලික වියදමින් මත්තල ගුවන් තොටුපල හදලා මිනිහාගේ නම ඒකට දාගෙන තියෙන්නේ

:       2       70

Nimal 1 Thursday, 06 June 2024 07:01 AM

මේ කම්බ හොරුන්ම හැකි විගසින්ම පලවා හරිමු

:       0       52

චතුරංග Thursday, 06 June 2024 07:28 AM

සාමාන්‍යයෙන් (සම) හරක් දේශපාලුවෝ මෙහෙම දේවල් කරනවා ඉතින් මේවා දකින හරකුත් පෝලිමේ ගිහිල්ලා උන්ටම කතිරේ ගහල එනවා තමන්ගේ වාහනයට වතුර යාම නිසා එය මඟ නතරවූ නිසා එය මඟ නවතා නගර සභාවේ වාහනයට ගොඩවූ බව කියලා තියෙනවා ඔහු නිකම්ම නිකං ගංවතුර බලන්න යද්දී මඟදි තමයි මතක් වෙලා තියෙන්නෙ හිස් අතින් යන්න හොද නැහැ කියලා ඉතින් ඌ කරල තියෙන්නෙ ආණ්ඩුවේ රෙද්දෙන් අමුඩ ගසාගෙන අමුඩෙ උගේ වගේ හෙලුව වහගැනීම තමයි විලිලැජ්ජාවක් නැති පොහොට්ටුවෙ බයියෙක් වෙන්න ඇති මෙහෙම උන්ට නැවතත් අපේකකත්වයට නාමයෝජනා දෙන පක්ෂයත් ප්‍රතික්ෂේප කරන්න ඕන

:       0       42

කරවිට ගේ මඩවල Thursday, 06 June 2024 07:37 AM

ගම්පහ පැත්තේ පන්සල්වල හාමුදුරුවරුත් ඔහොම කරනවා.. රජයෙන් දෙන ආධාර ග්‍රාමනිළධාරීන් හරහා පිළිවෙලකට බෙදාගෙන යද්දි මැදට පැනල තමන්ගේ හිතවත් දායිකාවන් ලංකරගෙන අවභාවිතා කරනවා. මින් පෙරත් ඔහොමයි . ඉතිරි වියළි ආහාර ද්‍රව්‍ය හාමුදුරුවන්ගේ කාන්තා බලඇණියෙ ගෙවල්වල නතරවෙන්නේ.. අන්තිමේදී ග්‍රාමනිළධාරී මහත්ම මහත්මීන්ට තමා මිනිස්සු බනින්නෙ හරියට ආධාර ලැබුනෙ නෑ කියලා...

:       0       39

walpita Thursday, 06 June 2024 08:40 AM

අපේ රටට පළාත්පාලන ආයතන ගැලපෙන්නේ නැහැ කියන්න සාක්ෂි එමටයි . කලාතුරකින් හැරෙන්නට පළාත්පාලන ආයතනවලට තේරීපත්වෙන්නේ ගමේ ඉන්න හොඳම චන්ඩි . මොවුන්ට මන්ත්‍රී කියල කෑල්ලකුත් එක් උනායින් පසුව තවත් ඉදිමුනා . ඔය මිරිස් කුඩු කාරය , රත්තරන් ඇතුළු බොහොමයක් ය මේ පාරෙන් අපු අය . ඒ වගේම තමයි නිලධාරී වාදය. මේ දෙක එකට පෙනවා . මොකද දෙගොල්ලොම ලොකු හිනමනයකින් පෙලෙන වා . සුළු පිරිසක් විතරක් තත්වය තේරුම් ගෙන නිහතමානිව තමන්ට පැවරුණු වගකීම ඉටුකරනවා .

:       0       35

Sunil Thursday, 06 June 2024 09:10 AM

මේකා කිතුල් ගහකට නැග්ගේ නැද්ද?

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12645 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 318 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 217 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site