
(අංජුල මහික වීරරත්න)
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නංවමින් ක්‍රීඩා පුහුණුව වඩාත් විධිමත් කිරීමේ අරමුණින්, ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 47ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂය බැගින් වටිනා ක්‍රීඩා භාණ්ඩ හා ව්‍යායාම උපකරණ කට්ටල බෙදාදීම අද (12) දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සඳහන් කළේ, මෙම උපකරණ කට්ටල මඟින් පුහුණුකරුවන්ට න්‍යායාත්මක කරුණු පදනම් කරගනිමින් දරුවන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන බවයි.
එමෙන්ම, මෙම උපකරණ කට්ටල ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවී ඕනෑම ක්‍රීඩාවක නිරත වන දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීමට ද උපකාරී වන බව තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
වර්තමාන රජයේ ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල් 500ක් සඳහා ක්‍රීඩා පුහුණු උපකරණ කට්ටල ලබාදීමට සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd