IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෝමරන්කඩවල ප්‍රා සභාපති බාර වෙයි

 ගොමරන්කඩවලල පොලීසියේ නිලධරයින්ට බැන වැදුණ බව කියන ගොමරන්කඩවල ප්‍රදේශිය සභාපති එම් ඩී චන්දන විජිත කුමාර  නීතීඥවරයකු මාර්ගයෙන්  ත්‍රිකුණාමල අතිරේක මහෙස්ත්‍රාත් එස් සතීස්දරන් මහතා වෙත අද (23) බාර විය .

ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කැර තිබිණි . අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හළේය.

 අගෝස්තු 26 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයිද ඔහුට නියෝග කළේය.   



අදහස් (0)

ගෝමරන්කඩවල ප්‍රා සභාපති බාර වෙයි

උපාලි Wednesday, 24 July 2013 01:25 AM

කලකට ඉහත පත්තරේ තිබුන කොහෙද මන්දා ඕ.අයි.සී කෙනෙක් හම්බවෙන්න ආපු ප්‍රාදේශීය 'පුංචෙක්' එයාට බැනගෙන බැනගෙන ගිහින්. මාර වැඩේ කියන්නේ, ඕ.අයි.සී අතේ තිබුන පිස්තොලේ පත්තු වෙලා මෙයාගේ කකුලට වැදුනනේ. පස්සේ ඒ 'පුංචා' ළඟ තිබිල අත් බෝම්බෙකුත් හම්බ වුණා කියල ඒ ප්‍රවෘත්තියේම තිබුනා. හරි වැඩ සිද්දවෙන්නෙ, නේද?(නදී)

:       0       0

උපාලි Wednesday, 24 July 2013 05:44 AM

මේ මහජන නියෝජිතතුමන්ලා පොලිසියේ මහත්තුරුන්ට බනින්නේ මහජනයාට පොලිසියෙන් සිදුවෙන අසාධාරණයකට එරෙහිව නම් අපි එතුමන්ලාගේ පැත්ත ගන්නවා. හැබැයි, මෙතන 'මහජනයා' කිව්වේ කට්ටියගෙ නීතිවිරෝධී වැඩ මෙහෙයවන ජාවාරම් කාරයින්ට නෙමෙයි. (නදී)

:       0       0

පිටිගල Tuesday, 23 July 2013 07:51 PM

බය නැතුව ඉන්න. හොඳ වැඩේ නරක වැඩ කරනවාට. (නි)

:       0       0

ඇසළ Tuesday, 23 July 2013 02:13 PM

තවත් පලා බබෙක් ගේ වීර ක්‍රියාවක්. මෙයාලව එලවන්න පුළුවන් බලය තියෙන්නේ ජනතාව අතේ. මේ බව තේරෙන්න මේ පාරවත් හරියට කතිරය ගැහුවොත් හරි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 July 2013 02:55 PM

රටේ නීතිය අතට අරනං පිස්සු නටන මෙවන් අය නැවත පත් කර නොගෙන ඉමු ජන්න්ද දායකයිනේ . (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 July 2013 03:02 PM

අද හැමදේම මැරබලයට යටත් වෙලා. ප්‍රාදේශීය දේශපාලුවෝ කරන තරමක් කරන්නේ තක්කඩ් වැඩ. අනේ මන්දා රට මොන දිසාවටද යන්නේ කියලා. මෙහෙම ගියෝත් නම් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ. දැන්වත් ජනතාව ජන්දය පාවිචි කරද්දී බුද්දිමත් විය යූතුයි.(නදී)

:       0       0

රත්නායක Wednesday, 24 July 2013 09:51 AM

අනේ පව් බාර වුන නිසා අවවාදයක් දීලා නිදහස් කරමු නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site