ගොමරන්කඩවලල පොලීසියේ නිලධරයින්ට බැන වැදුණ බව කියන ගොමරන්කඩවල ප්‍රදේශිය සභාපති එම් ඩී චන්දන විජිත කුමාර  නීතීඥවරයකු මාර්ගයෙන්  ත්‍රිකුණාමල අතිරේක මහෙස්ත්‍රාත් එස් සතීස්දරන් මහතා වෙත අද (23) බාර විය .

ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කැර තිබිණි . අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හළේය.

 අගෝස්තු 26 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයිද ඔහුට නියෝග කළේය.