ඕස්ට්‍රේලියා ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂැඩික් අද (5) ඕස්ට්‍රේලියාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ හා සම්බන්ධ වෙමින් උදය ගම්මන්පිල මහතාට වංචා චෝදනාවක් ඉදිරිපත් කළේය.
මෙම ඕස්ට්‍රේලියා ජාතිකයා පැවසූයේ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් තම සමාගමේ රුපියල් කෝටි 11ක් වංචා කළ පුද්ගලයාට එරෙහිව දැනටම නඩු පවරා ඇති බවයි.
ඕස්ට්‍රේලියා ජාතිකයාගේ සැබෑ ඇටර්නි බලපත්‍ර හිමියා බව කියන ලසිත පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුව අද කොළඹ ජාතික පුස්තකාලයේදී සංවිධානය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන හැටියට රුපියල් 100 සිට කෝටිය දක්වා ආධාර ඉල්ලලා වගෙයි (නි)
චෝදනා පමණයිනේ. ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? (නි)
හොඳ ක්‍රමයක්. අන්තර්ජාලය, ස්කයිප් හරහා නඩුවත් විසඳෙයි. ඕක තමයි සැබෑ වෙනස! (නි)
අඩුවකට තිබුණේ මෙච්චරයි (නි)
ස්කයිප් හරහා නඩුව අහල තීන්දුවත් දීල..මාරයිනේ යහපාලානේ..චෝදනාවක් තියෙනවනම් උසාවියේ නඩුවක් දාල ඒ ගැන කටයුතු කරනවා මිසක් මේ මාධ්‍ය සංදර්ශන කාට පේන්නද? ලාල් මහත්තයට මහින්ද මහත්තය ගැන ගොඩක් හිතට අමාරුයි වගේ..පව්..ගම්මන්පිලයි විමල් මහත්තයි නැත්නම් යහපාලානේ කොච්චර ලස්සනද නේද? ඔය බටර් ගාගෙන පාන් පෙත්තක් කන්න..(රේ)
අනේ අනේ මහත්තයෝ, මොනවද මේ කරගන්න වැඩ? (නි)
ඕක කලින්ම ආරංචිවෙලාද දන්නෙ නැහැ කිව්වේ එයාව අත්අඩංගුවට ගන්න හදනවා කියලා. (නි)
මෙහෙන් 100 ගානේ එකතුකළා. එහෙන් කෙළින්ම කෝටියක්..?? (නි)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු , මහින්දට කඩේ යන එක නවත් වන්නේ නැහැ වගෙයි නේද?(රේ)
තවත් ජාතික ගැටළුවක්......ආණ්ඩුවෙන් පිට අය ඔක්කොම එකයි ? (ම)
හොඳයි අපි බලමුකෝ ඔප්පුවෙයිද කියලා (නි)
ඔය තියෙන්නේ පිවිතුරු වැඩ. අපි බලා ගෙන ඉඳිමු.(ම)
සංදර්ශන පවත්වා ඔප්පු නොවුණ චෝදනා කීයක් මේ වනතුරු කළාද? කවදාද අපේ බඩගින්න නිවන්නේ? (නි)
ගම්මන්පිල මහත්තයා මේවා කරන්න ඇත්තේ මං හිතන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් පළිගන්න වෙන්න ඕනෑ, මාතෘ භූමියට කුමන්ත්‍රණ කරනවට (නි)
මෙයාලා මහින්ද මහත්තයා ඉස්සරහට දාගෙන දේශප්‍රේමීන් වගේ බෙරිහන් දෙන්නේ මොකටද කියලා දැන් අපිට තේරෙනවා (නි)
බලාගෙන යනකොට චෝදනා නැති කෙනෙක් නැහැනේ? (නි)
මේක තමයි එහෙනම් පහුගිය දවස් වල මෙතුමා කෑගැහුවේ එයාව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. (නි)
මේවායින් වෙන්නේ තව තවත් ජනතාව පසුගිය රජයට ළංවෙන එක කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඇයි එතකොට අපේ රුපියල් සියය හිගාකාවේ (ම)
ගම්මන්පිල කියන්නේ තමන්ට ගොඩ යන්න විදිහක් නැටි හින්ද මහින්ද මහත්මයාව පවා දීපු මනුස්සයෙක් (ම)
දැන් නම් අත් අඩංගුවට ගැනීමේ භීතිකාව සඵල වන්නට පිළිවන්.(ම)
අඩුවකට තිබුනේ ඕක විතරයි දැන් එකත් හරි (ම)
කොහොමත් අල වතුරත් නිමලානේ බොන්නේ (ම)
අයෙත් අපි රුපියල් 100ක් දෙන්නම් ඕනි නම් (ම)
වරුණ,අමිත,ලාල්, රෝහණ, ඔබ සියලුදෙනා හරියටම හරි. (නි)